සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙස හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට (28) යෙදී තිබේ. (Sri Lanka Latest News)
සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්ස පුරයට වැඩම කර යමා මහ පෙළහර පාමින් වැඩ සිටීම, අගසව් සැරියුත් හිමියන් ප්‍රඥාලාභි භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතු බුදු වීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම සිදුවූයේ අද වන් වප් පුර පසළොස්වක් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.