මේ වනවිට ලබා දී ඇති තුන්වන සේවා දිගුවද අවසන් වීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පොලිස්පති ධූරය සදහා නැවත වතාවක් සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නමම යෝජනා කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
ඒ අනුව වික්‍රමරත්න මහතාගේ නම නැවත වතාවක් ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කර යැවීමට ජනාධිපතිවරයා සැලසුම් කොට ඇති බව පැවසේ.
තුන්වන වතාවේ වික්‍රමරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කර එවනු ලැබූ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථාදායක සභාව පියවර ගත්තද එය නොතකා නැවත වතාවක් පොලිස්පතිවරයා ලෙස වික්‍රමරත්න මහතා පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
ඒ අනුව යමින් මෙම සති 2 ඉකුත් වීමෙන් පසු නැවත වතාවක් පොලිස්පති ධූරය සදහා වික්‍රමරත්න මහතාගේ නම නිර්දේශ කිරීමටත්, ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප කළහොත් එය නොතකා නැවත වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමටත් ජනාධිපතිවරයා තීරණය කොට ඇති බව දැනගන්නට ඇත.