මේ රජයට රට ගොඩනගන දැක්මක් වැඩපිළිවෙළක් මාර්ග සිතියමක් නොමැති බවත් මොවුන් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය අහෝසි කිරීම බවත් රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, අරලගංවිල ප්‍රාදේශීය රෝහල සඳහා සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් පරිත්‍යාග කිරීම අවස්ථාව සඳහා එක්වෙමිනි.
දිට්වා සුළි කුණාටුවට පෙර අප රටේ ආර්ථිකය ගොඩනගන්න දායක වූ කෘෂිකාර්මික, සේවා හා කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන්ට කුණාටුවෙන් පසු විවිධ බරපතල බලපෑම්වලට ලක්වූ බවත් මේ ක්ෂේත්‍රවල විපතට පත් ජනතාවට ඔවුන්ගේ සේවා අඩපණ නොකර ශක්තිමත් කිරීම ආර්ථික වර්ධනයට වැදගත් බවත් මේ ක්ෂේත්‍රවල අයට මෙන්ම ස්වයංරැකියා ලාභීන්ට රජය සහන දෙන්න නොහැකි වුවහොත් සමස්ත ආර්ථික ක්‍රියාවලියටම එය බලපා රටටම එහි අහිතකර බලපෑම භුක්ති විදින්න සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෑම ක්ෂේත්‍රයකටම සහන දිය යුතුයි
ආහාර සුරක්ෂිතභාවයට, ආර්ථික වර්ධනයට, අපනයන ක්ෂේත්‍රයට නිෂ්පාදන සංචාරක ආදී සෑම අංශයකම විපතට පත්වූවන්ට ශක්තිය සහ සහන ලබා දිය යුතු බවත් එසේ නොවුවහොත් මේ පාර්ශ්වයන් රටේ ආර්ථික වර්ධනයට ලබා දෙන දායකත්වය පලුදු වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සහන දෙද්දි නිලධාරීවාදයට යට වෙන්න එපා
රජයේ වගකීම වන්නේ නිලධාරීවාදයට යටත් නොවී නියමිත සුදුස්සන්ට සහන ලබා දීම බවත් මෙය ජාතික න්‍යායපත්‍රයේ ඉහළින්ම තිබිය යුතු දෙයක් බවත් මේ වන විට නිවෙස් දේපල හා ව්‍යාපාර හානි වු අයට පොරොන්දු වු ආධාර සහන ලබා දීමෙන් වැළකී සිටිමට අවශ්‍ය හේතු රජය සොයමින් යන බවත් මේ ජනතාවට එවැනි දේ නොකළ යුතු බවත් පොරොන්දු වූ සහන ඒ ආකාරයෙන්ම ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයට තවම බැරි වුණා IMF ගිවිසුම වෙනස් කර ගන්න
අද රටේ නිර්මාණය වී ඇති කණගාටුදායක තත්ත්වය වන්නේ විදේශීය ආර්ථික විශේෂඥයන් අපේ රටේ ජනතාව ගැන සිතා ගෙවිය යුතු ණය කල්දමා ගැනීම ගැන කතා කරන විට රජයට සහ 2/3 ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට මෙය තේරුම් ගන්න නොහැකි වී ඇති බවත් රජය IMF එකෙන් ඩොලර් මිලියන 200ක හදිසි සහන ණයක් ගත්තත් මේ ණය කොන්දේසි ගැනත් රජය සිතිය යුතු බවත් මේ සුළි කුණටුවටවත් සහනදායී ණයක් ගන්න රජයට නොහැකි වී ඇති බවත් මේ ආකාරයට රටකට ඉදිරියට යා නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

























