අද දිනයේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හා පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර ඉතා උණුසුම් සංවාදයක් සිදුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
අද දින පාර්ලිමේන්තුවේ පැවැති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අගමැතිවරයාගෙන් විශේෂ සාකච්ඡාවක් වහාම අවශ්‍ය බවටත්, රැස්වීමේ සිටින නිලධාරීන් ඉවත් කරන ලෙසටත් දැනුම් දීමක් කොට ඇත.
කෙසේවෙතත් අගමැතිවරයා මුලින් ඊට අවස්ථාව ලබා නොදීමත් සමග කෝපයට පත්ව ඇති පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා දැඩිව ප්‍රකාශ කොට ඇත්තේ සාකච්ඡාවක් නොදෙන්නේ නම් අද දින ආණ්ඩුවේ අවසන් දිනය වනු ඇති බවත්, ආණ්ඩුව වැට්ටවීමට අද දිනයේ කටයුතු කරන බවත්ය.
ඒ අනුව අඩියක් පසුපසට ගෙන ඇති අගමැතිවරයා මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායමට සාකච්ඡාවක් ලබා දීමට පියවර ගෙන තිබිණ.
අගමැතිවරයා සමග පැවැති මෙම සාකච්ඡාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් 15 දෙනකු පමණ සහභාගී වී සිටි අතර සාකච්ඡාව ආරම්භයේදී තිස්ස කුට්ටිආරච්චි මහතා පෙන්වා දී ඇත්තේ ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරුන් පොහොට්ටුවේ මන්ත්‍රී තණ්ඩායමේ ඉල්ලීම් සම්බන්ධයෙන් ගණන් නොගන්නා බවත්, ඔවුන් අත්තනෝමතික ලෙස කටයුතු කරන බවත්ය.
ඇමැතිවරුන් තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් ඉදිරි අයවැයේදී ආණ්ඩුව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන් තීන්දුවක් ගැනීමට තමන් ඇතුලු කණ්ඩායම කටයුතු කරන බවද මෙහිදී තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා දිනේෂ්ට දැනුම් දීමට පියවර ගෙන ඇත.