සිසුන් 200ට අඩු පාසල් 3000ක් අද දිනයේ විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය සැලසුම් කර ඇත.
නමුත් වර්ජනයේ නියුතු ගුරු සංගම් ප්‍රකාශ කර සිටින්නේ අද දිනයේ කිසිදු ගුරුවරුයකු පාසල් නොපැමිණෙන බවත්, ලබන 25 වැනිදා සට සේවයට වාර්තා කිරීමට තීන්දු කර ඇති බවත්ය.
ඒ අනුව අද දිනයේ ඔන්ලයින් ඉගෙනුම් පවා අත්හිටුවා ඇති බව ඔව්හු සදහන් කර සිටිති.










