• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වයඹ ආණ්ඩුකාරයාට පක්ෂය ඇතුළෙන්ම කනේ පාරක්! සභාපති කොල්ලුරේ ගුරුවරුන්ට තඩිබාන්න ලෑස්ති වෙද්දී පක්ෂය ගුරුවරුන්ගේ පැත්ත ගනී!

October 21, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
21 නැතිව 25 ආවොත් ගුරුවරුන්ට පාසලට එන්න දෙන්නේ නෑ! පඩි දෙන්නෙත් නෑ! වයඹ ආණ්ඩුකාර රාජා ගුරුවරුන්ට බැටේ දෙන්න සූදානම්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ඩැරල් චන්ද්‍රරාජා කොල්ලුරේ හෙවත් රාජා කොල්ලුරේ මහතා පාසල් ඉගැන්විම් ක්‍රියාවලියට සම්බන්ධ නොවන ගුරුවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට සිදුකළ ප්‍රකාශය ගැන කිසිත් නොකියා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කර ඇත.

“විදුහල්පති – ගුරු වෘත්තිකයින් ඉලක්ක කොට කෙරෙන තර්ජනාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හෙළාදකී” යන ශීර්ෂයෙන් යුත් එම නිවේදනයෙන් ඔක්තෝබර් මස 25දා සිට තමන් නැවත සේවයට වාර්තා කරන බවට ගුරු – විදුහල්පති තීරණය පිළිබඳව සිය ප්‍රසාදය සහ ගෞරවය ඔවුනට පුදකර ඇත.

ඒ සමඟම මේ වන විට ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකෝපකාරී ප්‍රකාශ කරමින් පාසැල් අධ්‍යාපනය පිළිබඳ ගොඩනැගෙමින් පවතින යහපත් හා සුබවාදී පසුබිම විනාශ කිරීමට කටයුතු කරන බව පෙනෙන බව මෙම නිවේදනයට අත්සන් කරමින් පක්ෂයේ ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ පවසසා ඇත.

වැටුප් අත්හිටුවීම් හෝ විනය ක්‍රියාමාර්ග පිළිබඳ තර්ජනවලට වඩා අවශ්‍යව ඇත්තේ රජය සහ එහි විවිධ මට්ටම්වල නිලධාරින් හා විදුහල්පති – ගුරු ප්‍රජාව එක්ව ක්‍රියාකොට පාසැල් අධ්‍යාපන ක්‍රියාවලිය යළි පණගැන්වීම බව සඳහන් කරන එම නිවේදනය විදුහල්පති – ගුරු වෘත්තිකයින් ඉලක්ක කොට කෙරෙන සියලු ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි පිලිකුලෙන් යුතුව හෙළාදැක තිබේ.

එම නිවේදනය සම්පූර්ණයෙන් මෙසේයි,

“විදුහල්පති – ගුරු වෘත්තිකයින් ඉලක්ක කොට කෙරෙන තර්ජනාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හෙළාදකී!

පසුගිය මාස කිහිපයක් පුරා ඇදී ගිය විදුහල්පති – ගුරු වැටුප් විශමතාවලට එරෙහි අරගලය යම් ආකාරයක සාමකාමී විරාමයකට එළඹියේය.

පසුගිය ඔක්තෝබර් 18දා ගුරු-විදුහල්පති නායකයින් ප්‍රකාශ කළේ ඔක්තෝබර් මස 25දා සිට තමන් නැවත සේවයට වාර්තා කරන බවය. ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමන් මෙම පියවර ගන්නේ දැයේ දූ – පුතුන්ගේ අනාගතය ගැන සිතා බවත්, පාසැල් ආරම්භ කිරීමෙන් පසු අරගලය වෙනත් මුහුණුවරින් ඉදිරියට ගෙන යන බවත්ය. පුළුල්

දැක්මක් සහ දැයේ දූ-පුතුන්ගේ අනාගතය පිළිබඳව තමන්ගේ වගකීම සහ කැපවීම පෙන්වමින් ගුරු-විදුහල්පති සංගම් නායකයින් ගනු ලැබූ ඉහත තීරණ පිළිබඳව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය ප්‍රසාදය සහ ගෞරවය ඔවුනට පුදකර සිටී.කෙසේවුවද, රජය ඔක්තෝබර් 21දා ළමුන් 200ට අඩු පාසැල් ආරම්භ කරන බව ප්‍රකාශ කොට ඇත.

මේ අනුව බලන විට පාසැල් අධ්‍යාපනය නැවත ආරම්භ කළ හැකි ආකාරයේ එකඟතාවයක් ඇතිවී තිබේ.මේ අතර ඇතැම් පාර්ශ්ව විසින් ප්‍රකෝපකාරී ප්‍රකාශ කරමින් පාසැල් අධ්‍යාපනය පිළිබඳ ගොඩනැගෙමින් පවතින යහපත් හා සුබවාදී පසුබිම විනාශ කිරීමට කටයුතු කරන බව පෙනේ.

වැටුප් අත්හිටුවීම් හෝ විනය ක්‍රියාමාර්ග පිළිබඳ තර්ජනවලට වඩා අවශ්‍යව ඇත්තේ රජය සහ එහි විවිධ මට්ටම්වල නිලධාරින් හා විදුහල්පති-ගුරු ප්‍රජාව එක්ව ක්‍රියාකොට පාසැල් අධ්‍යාපන ක්‍රියාවලිය යළි පණගැන්වීමයි. එබැවින්, විදුහල්පති – ගුරු වෘත්තිකයින් ඉලක්ක කොට කෙරෙන සියලු ආකාරයේ තර්ජනාත්මක ප්‍රකාශ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි පිලිකුලෙන් යුතුව හෙළාදකී.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම අරගලය ආරම්භයේ සිටම එය සමඟ එක්ව ක්‍රියා කළේය. පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අප පක්ෂය පහත සඳහන් යෝජනා රජයට සහ අනෙකුත් අදාළ පාර්ශ්ව වෙත ඉදිරිපත් කළේ අගෝස්තු මස මුල් භාගයේදීය

;1. විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් පැහැදිලි වැටුප් විශමතාවයකට ලක්වී ඇතිබව සහ එය නිවැරදි කළයුතු බව රජය විසින් පිළිගතයුතුව ඇත. මෙම සේවාවලට සාධාරණ වැටුප් ගෙවියයුතු අතර, එම වෘත්තීන්වල අභිමානය රැකෙන අයුරින් එම වැටුප් සකස්විය යුතුය.

2. කෙසේවුවද, පසුගිය වසර ගණනාවක් පුරා විටින්විට රාජ්‍ය සේවය තුළ සිදුකොට ඇති විවිධ වැටුප් වැඩිවීම් නිසා, සමස්ත රාජ්‍ය සේවය තුළම වැටුප් විශමතා ඇතිවී තිබේ. මෙම තත්ත්වය තුළ වඩාත් ප්‍රශස්ත ක්‍රියාමාර්ගය වන්නේ සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් විශමතා දුරුකිරීමේ අරමුණින් නව වැටුප් කොමිසමක් පත්කිරීම හා එහි කටයුතු සාධාරණ කාල සීමාවක් තුළ අවසන් කිරීමයි.

3. එවැනි කොමිසමක් පත්කොට එහි කටයුතු අවසන් කරන තෙක් විදුහල්පති හා ගුරුසේවාවල පිරිස් සඳහා අන්තර් – කාලීන දීමනාවක් ගෙවිය යුතුය.අන්තර්කාලීනව රජය යම් වැටුප් වැඩිවීමක් ප්‍රකාශ කොට ඇත්තේ වුවද, විදුහල්පති-ගුරු ප්‍රජාව තමන්ට සාධාරණත්වය ඉටුවන තුරු සිය අරගලය අඛණ්ඩව පවත්වාගෙන යාමට ක්‍රියා කරන බවද අදාළ වෘත්තීය සංගම්වලින් ප්‍රකාශ වී ඇත.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විදුහල්පති-ගුරු ප්‍රජාව සහ ඔවුනට නායකත්වය දෙන වෘත්තීය සංගම් සමඟ එම අරගලයේ අඛණ්ඩව රැ‍ඳී සිටිනු ඇත.

විදුහල්පති – ගුරු ප්‍රජාවේ සාධාරණ වටුප් අරගලයට ජය වේවා!

අත්සන් කළේ පක්ෂයේ ප්‍රධාන ලේකම්,

විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ

2021 ඔක්තෝම්බර් 20″

SendShareShare
Previous Post

අද පාසල් 3000ක් ඇරියත් ගුරුවරු ගෙදර! ඔන්ලයිනුත් නවත්වයි!

Next Post

ඩෙල්ටාවෙන් පසු ඔන්න ‘ඩෙල්ටා ප්ලස්’ ඇවිත්! පරෙස්සම් නොවුණොත් විනාසයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.