තමන් ඇතුලු පිරිසක් ආණ්ඩුවේ සිටින්නේ ගෙදර සිටින බල්ලා වගේ යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
රෑට ගෙදර සිටින බල්ලා ගෙදර ආරක්ෂාවට බුරන විට ගෙවල් හිමිකරු බල්ලා අල්ලා එළියට දැමුවහොත් ගෙදර ආරක්ෂාව ඉවත් වී යනු ඇති බව අමාත්‍යවරයා එහිදී සදහන් කර සිටියේය.
එමනිසා ගෙවල් හිමිකරු කළ යුත්තේ බල්ලා බුරන දිසාව බලා ගෙය ආරක්ෂා කර ගැනීම බවද හෙතෙම පෙන්වා දුන්නේය.
අප යුගදනවි ගිවිසුමේ අහිතකර පැති පෙන්වා දෙන්නේද ඒ අරමුණින් බව අමාත්‍යවරයා කීය.










