ඉදිරි මාස හය ඉලක්ක කරගනිමින් මෙරට ඉදිරි ආර්ථික සැලැස්ම හෙට (01) ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකශෙ කොට ඇත.
රටේ සියලු ප්‍රධාන අංශ ආවරණය කරමින් සය මාසික සැලැස්ම කර ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිකුත් කර ඇති ට්විටර් පණිවුඩයේ දැක්වේ.
මේ අතර අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම වන පරිදි සහන ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපතිවරයාට උපදෙස් ලබාදී තිබේ.
අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණවලට දැනට පනවා තිබෙන ආනයන සීමා හේතුවෙන් ව්‍යාපාරිකයන් සහ ජනතාව පත්ව ඇති අපහසුතා සැළකිල්ලට ගනිමින් අග්‍රාමාත්‍යවරයා එම උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.









