• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුළි කුණාටුවෙන් හානි වූ රෝහල්වලට හුස්ම දෙන්න අද විපක්ෂනායක සජිත් රාජාංගණය යාය 11 රෝහලට ලක්ෂ 28ක සෞඛ්‍ය උපකරණ අරන් යයි! තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා! ගෙදරකට ලක්ෂ 50ක් දෙනවා කිව්වා! ඉඩමයි ගෙයයි දෙකම නැත්නම් කෝටියක් දෙනවා කිව්වා! කිව්ව විදිහටම මිනිස්සුන්ට සහන දෙන්න! මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
සුළි කුණාටුවෙන් හානි වූ රෝහල්වලට හුස්ම දෙන්න අද විපක්ෂනායක සජිත් රාජාංගණය යාය 11 රෝහලට ලක්ෂ 28ක සෞඛ්‍ය උපකරණ අරන් යයි! තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා! ගෙදරකට ලක්ෂ 50ක් දෙනවා කිව්වා! ඉඩමයි ගෙයයි දෙකම නැත්නම් කෝටියක් දෙනවා කිව්වා! කිව්ව විදිහටම මිනිස්සුන්ට සහන දෙන්න! මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ සුළි කුණාටු සමයේ සහ ඉන් පසුව රජය සහ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත ජනතාවගේ සුබසිද්ධිය උදෙසා විවිධ යෝජනා ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වුවත් මේ වන විට එම වරප්‍රසාද හා සම්පත් මෙන්ම මූල්‍ය ශක්තිය ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ටකරන් කෑල්ලක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියූ රජය පූර්ණ හානි සිදු වූ නිවෙස්වලට දෙනවා කියූ ලක්ෂ 50 ආධාරය හෝ පදිංචියට නුසුදුසු ඉඩම් සඳහා දෙනවා කියූ ඉඩම් ද ලබා දී නොමැති බවට වාර්තා වෙන බවත් මෙය බරපතල කරුණක් නිසා කරුණාකර දිට්වා සුලි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජීවිත එක්ක සෙල්ලම් නොකරන ලෙසට රජයෙන් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කළ ආකාරයටම සියලුම සහන විපතට පත් වූ ජනතාවට ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය යාය 11 රෝහලට සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රු. ලක්ෂ 28ක් වටිනා Patient Monitor 5ක්, Syringe Pump 1ක් හා Infusion Pump 1ක් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් රෝහල් සංවර්ධනය කිරීමේ අරමුණින් හුස්ම වැඩසටහන යටතේ මෙම වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු විය.

මේ නගර ගම්නියම්ගම්වල ඇවිදින විට ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් සමග කතා කරන විට ණය අය කර ගැනීම නතර කරන බවට රජයේ පාර්ශ්වයන් මාධ්‍ය ඔස්සේ කියූ බවට දැක්ක නමුත් ඒවා බිම් මට්ටමේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවී බවට චෝදනා එල්ලකරන බවත් රජය මේවා මාධ්‍ය හරහා ප්‍රචාරය කළේ වගකීමෙන් බවත් ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් ගොවි ජනතාව වෙනුවෙන් ලබා දෙන වන්දි හරියට ලබා දිය යුතු බවත් මේ කන්නයේ හරියට ගොවිතැන් සිදු නොවුවහොත් ආහාර අර්බුධයක් එන නිසා මේ සෑම දෙනා ගැනම සිතිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙනවා කියූ සහන නොදුන්නොත් ජනතාව වෙනුවෙන් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා

මේ වින්දිතයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන්න සමගි ජන බලවේගය නීතිඥ කණ්ඩායමක් නිර්මාණය කරන බවත් ගැසට් එක හරහා කතාවේදී පාර්ලිමේන්තුවේදී කියූ දේවල් කරන තුරු මේ අයිතිවාසිකම් ඉටු කරන තුරු සමගි ජන බලවේගය මේ වින්දිතයන් වෙනුවෙන් පෙනි සිටිනා බවත් මේ අයිතිවාසිකම් යනු මානව හා මූලික අයිතිවාසිකම් විපක්ෂයේ සිට ජනතාවට මේවා ලැබෙන තුරු සටන් කරන බවත් ඊට අමතරව විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගයට කළ හැකි සෑම උපකාරයක්ම ජනතාව වෙනුවෙන් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දැන්වත් බොරු නොකියා හරියට සහන ටික දිය යුතුයි

ස්වයංරැකියා ලාභියාගේ සිට සෑම සියලු දෙනාටම මේ සහන දිය යුතු බවත් පොරොන්දු වූ සහන දෙනවා සේම මේ සහන මුදල් අඩු නොකළ යුතු බවත් ජනතාවගේ පීඩනය සමනය කරන්න බොරැ නොකියා සැබවින්ම කියූ දේ කළ යුතු බවත් ජනතාවට මේ සහන ලබා දෙන තුරු විපක්ෂය බලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

සුළි කුණාටුවෙන් නැවතුණු යාපනේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ වැඩ යළි පටන් ගනී! පළමු මැච් එක 20-20 වර්ල්ඩ් කප් එකෙන් පස්සේ! I Sri Lanka Latest News

Next Post

ඉලක්ක ඉක්මවා බිලියන 300ක අතිරික්ත ආදායමක් එක්ක 2026ට යන රේගුවට අනුර ස්තූති කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.