• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉලක්ක ඉක්මවා බිලියන 300ක අතිරික්ත ආදායමක් එක්ක 2026ට යන රේගුවට අනුර ස්තූති කරයි! PHOTOS I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 10 mins read
A A
ඉලක්ක ඉක්මවා බිලියන 300ක අතිරික්ත ආදායමක් එක්ක 2026ට යන රේගුවට අනුර ස්තූති කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව මෙරට රේගු ඉතිහාසයේ ඉහළම ආදායමක් වාර්තා කළ වසර බවට 2025 වසර පත්ව තිබෙන බවත්, ඒ අනුව, අපේක්ෂිත ආදායම වූ රුපියල් බිලියන 2115ක ඉලක්කය අභිබවා ගොස් තවත් රුපියල් බිලියන 300ක පමණ අතිරික්ත ආදායමක් සමඟ 2026 වසර ආරම්භ කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් රේගු අධ්‍යක්ෂ ජනරාල් එස්.පී. අරුක්ගොඩ මහතා සඳහන් කළේය.Sri Lanka Latest News

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බැලීමට අද පෙරවරුවේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ සමග සාකච්ඡාවක නිරත විය.

රටට අවශ්‍ය රුපියල් ප්‍රමාණය උපයා දෙමින් රටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ඉටු කළ කාර්යභාරය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් සමස්ත කාර්ය මණ්ඩලයට ස්තූතිය පළ කර සිටියේය.

එමෙන්ම රටට ආදායම් උපයා දෙන ප්‍රධාන ආයතනයක් වන ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා නව සැලසුම් ඔස්සේ එක්ව කටයුතු කරමින් 2026 වසරේදී රට ආර්ථික වශයෙන් ජයග්‍රහණය කරවීමට කැපවෙමු’යි සියලුදෙනාට ආරාධනා කළේය.

2022 වසරේදී සිදු වූ ආර්ථිකමය බිඳ වැටීමට ආණ්ඩුවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය නොලැබී යාම සහ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නොමැති වීම හේතු වූ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් නිර්මාණය කිරීමට මේ වන විට රජයට හැකි වී තිබෙන බවත් පසුගිය ආපදා තත්ත්වට මුහුණ දීමේදීද එය ශක්තියක් වූ බවත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ 2025 වසරේ කාර්යසාධනය සහ ප්‍රගතිය, 2026 වසරට අදාළ නව සැලසුම් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, ඒ පිළිබඳ නව අදහස් සහ යෝජනාද ඉදිරිපත් කෙරිණි.

ආදයම් එකතු කිරීම, වෙළෙඳාම පහසු කිරීම, සමාජ ආරක්ෂණය සහ ආයතනික සංවර්ධනය යන අංශ 04 යටතේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වන අතර, එම එක් එක් අංශයන්හි ප්‍රගතිය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා කරුණු විමසීය.

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව තුළ සුපිළිපන්න සංස්කෘතියක් වර්ධනය කිරීම සඳහා ස්ථාපිත කරන ලද අභ්‍යන්තර කටයුතු ඒකකයද සාර්ථකව ක්‍රියාත්මක වන බව මෙහිදී සඳහන් කෙරිණි.

රේගු කටයුතුවලදී බොහෝ අවස්ථාවන්හි එල්ලවන චෝදනා වන තදබදය සහ ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු විමසූ අතර, භාණ්ඩ පරීක්ෂා කිරීමේ පද්ධතිය නවීකරණය සඳහා වු වැඩපිළිවෙළ පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම, ශ්‍රී ලංකා රේගුව ඩිජිටල්කරණය වෙනුවෙන් 2026 වසරේ ක්‍රියාත්මක වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, කාර්ය මණ්ඩලයේ බඳවා ගැනීම්, උසස් වීම්, පුහුණු වීම සහ වැටුප් සහ දීමනා සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුද සාකච්ඡා කෙරුණි.

රට තුළ අස්ථාවත්වරයක් නිර්මාණය කිරීමේ උපක්‍රම සහ සැලසුම් දිගින් දිගටම ක්‍රියාත්මක වන බැවින් එවැනි අවස්ථා නිර්මාණය කිරිමට ඇති ඉඩ ඇහිරීමේදී ගුවන් තොටුපොළ ආශ්‍රිත සේවා ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඉදිරි අභියෝගයන්ට මුහුණ දිය හැකි අන්දමින් සහ රාජ්‍යයේ පැවැත්ම පිළිබඳ ඇති වගකීම හඳුනා ගනිමින් එහි කටයුතු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.එන්. හපුගල යන මහත්වරු සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්.පී අරුක්ගොඩ මහතා, අධ්‍යක්ෂවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-30

SendShareShare
Previous Post

සුළි කුණාටුවෙන් හානි වූ රෝහල්වලට හුස්ම දෙන්න අද විපක්ෂනායක සජිත් රාජාංගණය යාය 11 රෝහලට ලක්ෂ 28ක සෞඛ්‍ය උපකරණ අරන් යයි! තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කිව්වා! ගෙදරකට ලක්ෂ 50ක් දෙනවා කිව්වා! ඉඩමයි ගෙයයි දෙකම නැත්නම් කෝටියක් දෙනවා කිව්වා! කිව්ව විදිහටම මිනිස්සුන්ට සහන දෙන්න! මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා! VIDEO I Sri Lanka Latest News

Next Post

සජිත් සමග යූඑන්පී ප්‍රබලයෝ තීරණාත්මක හමුවක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

ප්‍රියන්ත අයියා වැඩේදි සැරයි… කෝ ටීචර්ගේ බබා? ඇයි ටීචර්ගේ බබා එක්කගෙන ආවේ නැත්තෙ… පොඩ්ඩොන්ගෙන් ප්‍රශ්න ගොඩයි… පාසල් කාමරයේ හුණු දූවිලි...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.