සිය දේශපාලන දිවියට වසර 32ක් පිරීම නිමිත්තෙන් අමාත්‍යංශය විසින් වැඩසටහන් විශාල ප්‍රමාණයක් සංවිධාන කළ යුතු බවට දැක්වෙන ලිපියක් තමන් යටතේ ඇති සියලුම අමාත්‍යංශවලට යොමු කොට තිබීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල කතාබහක් මතුව තිබේ.
එම ලිපිය මගින් දැනුම් දී ඇත්තේ අමාත්‍යවරයාගේ දේශපාලන සංවත්සරය සැමරීම සඳහා අමාත්‍යංශ වියදමෙන් දකුණේ විවිධ ගම්මාන හතක උත්සව හතක් සංවිධාන කළ යුතු බවකි.
එමෙන්ම මසක කාලයක් පුරා මෙම උත්සව සංවිධාන කළ යුතු බවද අදාළ ලිපිය මගින් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව පැවසේ.
එමෙන්ම අදාළ උත්සවවලදී අමාත්‍යවරයා විසින් එක් එක් උත්සවය සඳහා එක් එක් ගමක මුළු දවසක්ම ගත කිරීමට අදහස් කරන බැවින් එම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා සෑම ගමකටම පවරා ඇති නිලධාරීන්ගේ පැමිණීම අවශ්‍ය වන බවද එමගින් දැනුම් දී ඇත.










