දෙමළ ජාතික සන්ධානය අද (09) දිනයේ සිට උතුරේ සෑම නිවෙසකටම ගොස් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව අද දිනයේ සිට සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් උතුරේ සෑම දිස්ත්‍රික්කයකම ගෙයින් ගෙට යෑමේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට එම සන්ධානය පියවර ගෙන ඇත.
ඉකුත් සතියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උතුරේ සංචාරය අතරතුර පැවැති සාකච්ජාවලදී දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එකගතාව පළ කළේය.