• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ටිල්වින් උත්තර බඳී! කැරැල්ලෙ රහස් ටිකත් එළියට දායි! Sri Lanka Latest News

March 22, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

89-89 භීෂණ සමයේ ජනතා විමුක්ති පෙරමුණේ හැසිරීම සහ එවක එජාප ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගිය මැතිවරණ සමයේ සම්මන්ත්‍රණයකදී සිදුකළ අදහස් දැක්වීමක් පහත පළවේ.

88-89 කතන්දරේ පටන්ගත්තේ 88 නෙවෙයි. ඒක ඊට කලින් පටන්ගත්තේ. මේක ඇත්තටම 1978 පටන් ගත්තේ. මේක 1978-1990 දක්වා පරාසයක දිවෙන කතන්දරයක් මේ තියෙන්නේ. ඒක නොදන්නා අයගේ දැනගැනීම සඳහා මේ කියන්නේ. 78-90 දක්වා කාල පරාසයේ මහා දැවැන්ත භීෂණයක් අපේ රටේ තිබුණා ජයවර්ධන – ප්‍රේමදාස යුගයේ භීෂණය. ඒක තමයි ඇත්ත. පටන්ගත්තේ 1978දී. ඉවර වුණේ 1990ත් පහුවෙලා. ඒ නිසා ඒ ඉතිහාසය හරියට අපි තේරුම් ගත යුතුව තියෙනවා. 88 තියෙන්නේ ඒක ඇතුළේ පොඩි කෑල්ලයි. කොහොමද ඒක සිද්ධ වෙන්නේ? අපි කවුරුත් දන්නවා මේක පටන් ගන්නේ විධායක ජනාධිපති ක්‍රමයත් එක්ක. ඔබ දන්නවා ජයවර්ධන 1977 බලයට ආවා. 6න් 5ක බලයක් අරන්. ඊට පස්සේ අපේ රටේ ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ව්‍යවස්ථා ක්‍රමයක් හඳුන්වා දුන්නා විධායක ජනාධිපති බලය සහිත ව්‍යවස්ථාවක්. ඔහු කිව්වා, ඒකේ බලය කොච්චරද කියනවා නම් ඒකෙන් කරන්න බැරි ගෑනියෙක් මිනිහෙක් කරන එකයි, මිනිහෙක් ගෑනියෙක් කරන එකයි විතරයි කියලා. මන්ත්‍රීවරුන්ගේ ඉල්ලා අස්වීමේ ලියුම් ටික සාක්කුවේ දාගත්තා. අඩු ගානේ රටට නෙවෙයි පක්ෂෙටවත් ප්‍රජාතන්ත්‍රවාදය දුන්නේ නෑ ජේ.ආර්. දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදය ගැන දොඩවන මහත්වරුන්ට අපි කියන්නේ.

ඊට පස්සේ පටන් ගත්තා මර්දනය. 1980 ජූලි වර්ජනය සිද්ධ වුණා. ඒක කළේ අපි නෙවෙයි. සමසමාජ – කමියුනිස්ට් පක්ෂවලින්. කම්කරුවොනේ. ඒ වර්ජනය වෙලාවේ එයාලා මොකද කළේ? අත්‍යාවශ්‍ය නියෝග කියලා එකක් දාලා හදිසි නීතිය දාලා ලක්ෂයකට වැඩි කම්කරුවෝ ප්‍රමාණයක් රැකියාවලින් අයින් කරලා දැම්මා. ජේ.ආර්.ගේ වචනයෙන්ම ඒක කිව්වේ ‘අපි ඒගොල්ලන්ව යවනවා කනත්තට’ කියලා. රැකියා නැති කළා විශාල පිරිසකගේ. ඒකේ ප්‍රතිඵලය මොකක්ද? රස්සාවක් නැතුව ජීවත් වෙන්න බැරුව 20කට කිට්ටු පිරිසක් දිවි නසාගත්තා. එහෙමයි පටන් ගත්තේ. ඊට පස්සේ වැඩවර්ජනවලට උද්ඝෝෂණවලට ගහන්න 1978 වෙනකොට වෙනම මැර කණ්ඩායමක් හැදුවා. ජාතික සේවක සංගමයට සම්බන්ධ වෙලා හිටපු වරායේ, සී.ටී.බී. වගේ ආයතනවල වැඩකරපු එක්සත් ජාතික පක්ෂයට කිට්ටුම පිරිස් අරගෙන බයිසිකල් චේන්, පොලු දීලා තමයි ඒ මැර කණ්ඩායම හැදුවේ. ඒ මැර කණ්ඩායමට උපාලි විජේවර්ධනගේ ‘දිවයින’ පත්තරෙන් නමක් දැම්මා. ‘තග් සංස්ථාව’ තමයි ඒ නම. කොතැන හරි වැඩ වර්ජනයක් සිද්ධ වුණොත්, උද්ඝෝෂණයක් වුණොත්, පාරේ පිකටින් එකක් වුණොත් ඒකට පැනලා ගැහුවේ ඒගොල්ලේ. පොලිසිය හමුදාව ආවේ නෑ. 80 ජූලි වර්ජනයටත් කලින් ඒ වගේ මැරයෝ ගහලා සෝමපාල කියලා කම්කරුවෙක් මරාදැම්මා. ඒ ඉතිහාසය කවුද කතාකරන්නේ? උද්ඝෝෂණයක් කළා කියලා මැරයෝ දාලා සෝමපාල කියලා කම්කරු සහෝදරයෙක් ඝාතනය කළා ජේ.ආර්.ගේ ආණ්ඩුව. ඝාතන පටන්ගත්තේ එහෙම. ඝාතන ගැන ලැයිස්තු හදනවා නම් අපි කියනවා ඒ අයට එතැනින් පටන්ගන්න කියලා. ඊට පස්සේ රට පුරාම හැම දිස්ත්‍රික්කයකම මැර ඇමැතිවරු හිටියා. කාටවත් දේශපාලනය කරන්න දුන්නේ නෑ.

1977න් පස්සේ අපි ප්‍රසිද්ධ දේශපාලනය කරන්න පටන්ගන්නකොට අපට රැස්වීම් කරන්න දුන්නේ නෑ. මට මතකයි කැකිරාවේ හිටියා මැර ඇමැතියෙක්. මහින්දසෝම කියලා. කඩුවෙල හිටියා පෝල් පෙරේරා. කාටවත් දේශපාලනය කරන්න දුන්නේ නෑ. මහියිංගනයේ හිටියා කැප්ටන් සෙනෙවිරත්න. කාටවත් දේශපාලනය කරන්න දුන්නේ නෑ. මම මේ නම් කීපයක් කිව්වේ. ඒ වගේම ප්‍රාදේශීය අධිපතිත්වය දරපු මැර ඇමැතිවරු හිටියා ජේ.ආර්.ගේ කාලේ. රැස්වීමක් කරන්න දෙන්නේ නෑ. පාරට බහින්න දුන්නේ නෑ. එහෙම බිහිසුණු පාලනයක් අරගෙන ගියේ ඒගොල්ලෝ. ඒ භීෂණය නොදන්න අය තමයි දැන් මේ 88 භීෂණයක් ගැන කතාකරන්න පටන් අරගෙන තියෙන්නේ.

1981 ආවා සංවර්ධන සභා ඡන්දය. ඒ ඡන්දෙදී ආණ්ඩුවේ මැරයෝ යාපනයට ගිහිල්ලා ඡන්ද පෙට්ටි කොල්ලකෑවා. සමහර ඡන්ද පෙට්ටි තාමත් හොයාගන්න නෑ. ගිනි තිබ්බා, විනාශ කළා. ඒ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ වටිනාම පුස්තකාලය වන යාපනය පුස්තකාලය ගිනි තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ ඇමැතිවරු ගිහිල්ලා. ඒ කාලේ කියනවා මේකට ගියේ ගාමිණීලා තුන්දෙනෙක් කියලා. කවුද ඒ? ගාමිණී දිසානායක, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ගාමිණී ලොකුගේ. ඒගොල්ලන්ගේ නායකත්වයෙන් තමයි මේක ගිනි තිබ්බේ. උතුරේ දැවැන්ත යුද්ධයක් නිර්මාණය වීමටත් ඒක හේතු වුණා. පහුගිය දවස්වල රනිල් වික්‍රමසිංහ අඬ අඬා හිටියනේ මිනිහගේ ගෙදර ගිනිතිබ්බ වෙලාවේ පොත් ටික පිච්චුණා කියලා. හැබැයි රනිල්ලා ගිනි තිබ්බේ ඒ කාලේ කොහොමද? යාපනේ හදවත වෙච්ච පුස්තකාලය ගිනිතිබ්බා. ප්‍රචණ්ඩත්වය පටන් ගත්තේ ඒවායෙන්. 1981 ගෙනාවේ අධ්‍යාපනය විනාශ කරන ධවල පත්‍රිකාවක්. රනිල් ගෙනාවේ. එතකොට රනිල් අධ්‍යාපන හා තරුණ ඇමැති. ඒකට එරෙහිව අධ්‍යාපනය ආරක්ෂා කරන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පාරට ආවා. ඒ ශිෂ්‍යයන්ට ගැහුවා. අශ්වයො පිටේ ඇවිල්ලා ගැහුවේ. මර්දනය ආවේ එහෙම. හැබැයි ඒ කාලේ ශිෂ්‍ය සංගමය තිබුණේ අපේ නායකත්වයෙන්. අපි සමස්ත වුණා ඒ පහර කාගෙන ධවල පත්‍රිකාව පරද්දන්න. ජේ.ආර්. පළමු වරට පැරැදුණේ ශිෂ්‍යයෝ ඉස්සරහා එදා.

ඉන් නතර වුණේ නෑ. උද්ඝෝෂණ කරන හැමෝටම ගැහුවා. මම ඒ ගැන තොරතුරු කීපයක් කියන්නම්. කාන්තා දිනයකදී, කාන්තා දින පෙළපාළියක් ගිය සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන මහත්මිය ඇතුළු කණ්ඩායමට ගැහුවා පොලිසිය දම්මලා. ජේ.ආර්.ගේ ආණ්ඩුව. එහෙම තමයි මේක ආවේ. මේ 88 නෙවෙයි. ඊට කලින් 82-83 කාලේ. ඊට පස්සේ අන්ධයන්ගේ දවසේදී අන්ධයෝ උද්ඝෝෂණයක් කළාම ඔවුන්ටත් ගැහුවා. ඉන් නතර වුණේ නෑ. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා පොතක් ලිව්වා ‘ධර්මිෂ්ට සමාජයක්’ කියලා. ඒ පොතෙන් විවේචනය කළා ජේ.ආර්.ව. ඒ නිසා මැරයෝ දම්මලා කානුවක දාගෙන ගැහුවා සරච්චන්ද්‍ර මහත්තයට. අපි අහමු දැන් එක්සත් ජාතික පක්ෂයේ මහත්තුරුන්ගෙන් ඒ ගැන මොකද කියන්නේ කියලා. මට මතකයි ගම්පහ දිස්ත්‍රික්කයේ බෞද්ධ සංවිධානයක පත්‍රිකා වගයක් පැහැරගෙන ගියා. ඒකට විරුද්ධව නඩුවක් තිබුණා. නඩුවෙන් ආණ්ඩුව පැරැදුණා. ඒ නඩුවේ සමහර නඩු තීන්දුව දීපු විනිසුරුවරුන්ගේ ගෙවල් ඉස්සරහා ‘හූ’ කියලා ගල් ගැහුවා. ජේ.ආර්.ගේ පාලනය ආණ්ඩුවට විරුද්ධව තීන්දු දුන්නා කියලා, ඒ විනිසුරුවරයාගේ ගෙදර ඉස්සරහා කෑගහලා හූ කියලා ගල් ගැහුවා ගෙවල්වලට. එහෙමයි ජේ.ආර්.ගේ ප්‍රජාතන්ත්‍රවාදය. එහෙමයි මේක ඉස්සරහට ආවේ.
ඉන් නතර වුණෙත් නෑ. ස්ත්‍රී දූෂකයන්ට දුන්නා ජේ.පී. පට්ටම්. ගෝනවල සුනිල් කියලා කෙනෙක් හිටියා. එක්සත් ජාතික පක්ෂයේ මැරයෙක්. ස්ත්‍රී දූෂකයෙක්. ඔහු හිරේ හිටියා. ජයවර්ධන මොකද කළේ? ජනාධිපති සමාව දීලා ඔහුව එළියට අරගෙන මුළු දිවයිනටම බලපාන සාමදාන විනිශ්චයකාරකමක් දුන්නා. ඒ ඉතිහාසය මොනවත් නොදන්න අපේ චූටි බබාලා ළමයි දැන් අපිට ඇඟිල්ල දික්කරනවා 88-89 ගැන කියලා. ඒ නිසා 88ට කලින් 81, 82, 83 කාලය ගැන අපි ඉස්සෙල්ලා කතාකරලා ඉමු. ස්ත්‍රී දූෂකයෙක්ට දඬුවම් කරලා තියෙද්දී ජනාධිපති සමාව දීලා හිරෙන් නිදහස් කරගෙන, ඒ මැරයට රටටම බලපාන සාමදාන විනිශ්චයකාරකමක් දුන්නා නම් ජයවර්ධන, එයා කොහොම පාලකයෙක්ද? එහෙමයි මේක පටන් ගත්තේ. එතැනින් නතර වුණෙත් නෑ. අපට මතකයි එක වෙලාවක ගැටඹේ පන්සලේ හාමුදුරුවෝ ජේ.ආර්.ට විරුද්ධව මොකක් හරි කිව්වා කියලා ගැටඹේ පන්සල වටකරලා කටු කම්බි ගැහුවා. දැන් කවුද ඒ ගැන කතාකරන්නේ? එහෙමයි මේ ඉතිහාසය පටන්ගත්තේ. ඉන් නතර වුණේ නෑ. 83 මහ ඡන්දේ තියන්න නියමිතව තිබුණා. 83 මහ මැතිවරණය තියන්නේ නැතුව තිබුණු 6න් 5ක ආණ්ඩුවම ඉස්සරහට ගෙනියන්න 82 දෙසැම්බර් මාසේ ජනමත විචාරණයක් තියලා හොර ඡන්ද දාලා ඒක කොල්ලකාලා අර පාර්ලිමේන්තුවම තව අවුරුදු 6කට දික් කරගත්තා. ඒක ප්‍රජාතන්ත්‍රවාදයද? මහ ඡන්දේ තියන්නේ නැතුව ඡන්දේ කල්දැම්මා ජනමත විචාරණයකින්. එහෙමයි ඒගොල්ලෝ 1983 පටන්ගත්තේ. ඉන් නතර වුණේ නෑ. 1983 කළු ජූලිය නිර්මාණය කළා. අපේ රටට අපකීර්තියක් වෙච්ච සිංහල – දෙමළ ජනයා අතර බෙදුම් රේඛාව ගහලා වෙන් කරපු, ලෝකේ ඉස්සරහා ලංකාව අපකීර්තියට පත්කරපු කළු ජූලියේ නිර්මාතෘවරු තමයි ජයවර්ධන පාලනය. මේකට ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයෝ කලබල වෙන්න එපා. මේ කියන්නේ ඒගොල්ලෝ ගැන නෙවෙයි. ජයවර්ධන පාලනය ගැන මේ කියන්නේ. කළු ජූලිය නිර්මාණය කරලා අපේ රටේ හැම තැනම තිබුණු දෙමළ ජනතාවට අයිති කඩ සාප්පු ගිනි තියලා, ඔවුන් මරාදැම්මා එක්සත් ජාතික පක්ෂයේ ආශීර්වාදය ලත් මැර කණ්ඩායම්. පොලිසිය පැත්තකට වෙලා බලාගෙන හිටියා.

වෛද්‍යවරු මැරුවා. ඉංජිනේරුවරු මැරුවා. අපේ රටේ ගොඩක් සිනමා ශාලා තිබුණේ දෙමළ මහත්වරුන්ට අයිති ඒවා. ඒ සිනමා ශාලා ගොඩක් ගිනි තිබ්බා. චිත්‍රාගාර ගිනි තිබ්බා. චිත්‍රපට විනාශ වුණා. ඒ කාලේ තිබුණා ‘සිරිපතුල’ කියලා බෞද්ධ චිත්‍රපටයක්. ඒ චිත්‍රපටය නිෂ්පාදනය කළේ වෙන්කට් කියලා දෙමළ මහත්තයෙක්. එයාව ඝාතනය කළා. ඝාතනය කරද්දී එයා කිව්වලු ‘මම තමයි සිරිපතුල හැදුවේ’ කියලා. ඒවා ඇහුවේ නෑ ඒ මැරයෝ. එහෙමයි මේක පටන් ගත්තේ. විශාල විනාශයක් කළා. අපි අහමු 83 කොච්චර විතර දේපළ ප්‍රමාණයක් ඒ මැරයෝ පිච්චුවද කියලා. දෙමළ ජනතාවට අයිති වුණාට රටේ දේපළනේ ඒවා. මිනිස්සු කොච්චර මැරුවද? ඒ කළු ජූලිය පාවිච්චි කරලා දේශපාලන පක්ෂ 3ක් තහනම් කළා තේරුමක් නැතුව. ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ නව සමසමාජ පක්ෂය. පස්සේ අනිත් පක්ෂ දෙකේ තහනම ඉවත් කළා, ජනතා විමුක්ති පෙරමුණේ තහනම දිගටම පවත්වාගෙන ගියා. මොකක්ද අපි කරපු වරද? අපි කිසි වරදක් කරලා තිබුණේ නෑ. අපි ජූලි කලබලයට සම්බන්ධයි කියලා කවුරුවත් අපිට චෝදනා කරලා තිබුණේ නෑ. හැබැයි තහනම දිගටම තිබුණා. ඒ කියන්නේ, ඒගොල්ලෝ ජූලි කලබලය ඇතිකරලා, ඒක උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලනය කරපු දේශපාලන ව්‍යාපාරයක් තහනම් කළා. අපි අහනවා සමාජයෙන් යුක්තිගරුක මිනිස්සුන්ගෙන් ඒ ගැන ඕගොල්ලෝ මොකක්ද කියන්නේ කියලා. 1988-89ට ඇඟිල්ල දික්කරන්න කලින් අපි ඒ හැම කෙනාගෙන්ම අහනවා 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම ගැන ඔබ මොකක්ද කියන්නේ? ඒකට උත්තරයක් දෙන්න. නොදන්න කතා කියන්න කලින් ඒකට උත්තරයක් දෙන්න. ඒක වැරැදියි. ඒක දේශපාලන කුමන්ත්‍රණයක්. දේශපාලන වශයෙන් අපිට මුහුණ දෙන්න බැරි නිසා පක්ෂය තහනම් කරලා අපිව මර්දනය කරන්න උත්සාහ කළා. ඉන් නතර වෙන්නේ නැතුව අපේ පක්ෂයේ නායකයන්ගේ ඔළුවට රුපියල් 50,000 ගානේ ලන්සු තිබ්බා. රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සෝමවංශ අමරසිංහ වගේ අයව අල්ලලා දෙන අයට රුපියල් 50,000 ගානේ දෙනවා කියලා කිව්වා. අපේ රටේ කවුරුවත් ඒ සල්ලි ගන්න ගියේ නෑ. එහෙමයි ඒගොල්ලෝ පටන්ගත්තේ.

ඊට පස්සේ මර්දනය දිගින් දිගටම ගියා. පෝස්ටර් ගහන සහෝදරවරු මරන්න පටන්ගත්තා. තහනම නොතකා දේශපාලන කළා. මොකක්ද දේශපාලනය? අපි කළේ තහනම ඉවත් කරගැනීමේ දේශපාලනය. අපි පළමු අවුරුද්දේ පෝස්ටර් ගැහුවා. මාත් ගැහුවා. මොකක්ද ගැහුවේ? ‘ජනතා විමුක්ති පෙරමුණේ තහනමට වසරයි – තහනම වහා ඉවත්කරනු’ කියලා. ඕක ගැහුවේ. හැබැයි එහෙම ගහන සහෝදරවරු අරගෙන ගිහිල්ලා මැරුවා. අනුරාධපුරේ සහෝදරයෙක් ඝාතනය කළා. එහෙම ඇවිල්ලා තමයි 1987 ඉන්දු ලංකා ගිවිසුම අස්සන් කරන්නෙ. ඉන්දියාවට යටවෙලා ගිවිසුම අස්සන් කරනවා. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළාම ඊට එරෙහිව මුළු රට පුරාම විරෝධයක් ආවා. ඒක අපි කරපු දෙයක් නෙවෙයි. රජිව් ගාන්ධි ආපු වෙලාවේ නාවික හමුදාවෙන් ආචාර පෙළපාළියක් තිබුණා. ඒ වෙලාවේ නාවික හමුදාවේ සෙබළෙක් රජිව් ගාන්ධිට රයිෆල් බඳෙන් ගැහුවා. එයා ජේ.වී.පී.කාරයෙක් නෙවෙයි. ඒ ආවේගයට ගැහුවේ. ඇයි තමන්ගේ රට යටත් කළාම කවුද දරාගෙන ඉන්නේ? එහෙමයි සිද්ධ වුණේ. මේගොල්ලෝ කවුරුවත් ඉතිහාසය දන්නේ නෑනේ. අන්න ඒ දවසේ ලක්ෂ ගානක් නිරායුධ ජනතාව රට පුරාමත් පෙළපාළි ගියා. ඒ පෙළපාළිවලට වෙඩිතියලා 147ක් මැරුවා ජේ.ආර්.ගේ ආණ්ඩුව. අන්න එහෙම ආපු මර්දනයකට තමයි අපිට සිද්ධ වුණේ ප්‍රතිචාර දක්වන්න. ඒ නිසා 88 ඉබේ ආවේ නෑ. එතකොට අපි තහනම් ව්‍යාපාරයක් නිසා අපිට සිද්ධ වුණා ඒකට ඒ විදියේ ප්‍රතිචාරයක් දක්වන්න. ඒ නිසා 1988 කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි, ප්‍රතික්‍රියාවක්. ඒක මතක තියාගන්න. අතිබිහිසුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට අපි දක්වපු ප්‍රතිචාරය.
ඒ විතරක් නෙවෙයි, ඒගොල්ලෝ අපේ රටේ ජනතාව ඝාතනය කරන්න නිල නොවන හමුදා ගොඩක් හැදුවා. කොළ කොටි හැදුවා, කළු බළල්ලු හැදුවා, ප්‍රා හිටියා ඒ වගේ නිල නොවන හමුදා හදාගෙන දහස් ගානක් අපේ රටේ තරුණ පරපුර ඝාතනය කළා. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොච්චර මරා දැම්මද? විශ්වවිද්‍යාලයේ යෑම මරණ වරෙන්තුවක් වුණා ඒ කාලේ. ඊට පස්සේ බොහෝ ඝාතන කරලා, ඒවා තහනම් වෙලා තිබුණු අපි මත පැටෙව්වා. මම ප්‍රධාන කීපයක් කියන්නම්. එකක් විජය කුමාරතුංග ඝාතනය. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රසිද්ධියේ එක වෙලාවක කියලා තියෙනවා විජය කුමාරතුංග ඝාතනය සම්බන්ධයෙන් හොයපු කොමිසමේදී තහවුරු වුණා කියලා විජය මැරුවේ එක්සත් ජාතික පක්ෂයෙන් කියලා. දැන් එයා වචනය වෙනස් කළාට ප්‍රසිද්ධියේ එහෙම කියලා තියෙනවා. ඒක ෆේස්බුක් එකේ තියෙනවා බලන්න පුළුවන්. අපි කවුරුත් දන්නවා ගීත රචක ප්‍රේමකීර්ති ද අල්විස් මහත්මයා. ඔහුව මරලා ඒකත් අපේ පිට දැම්මා. හැබැයි ප්‍රේමකීර්ති මහත්තයගේ දරුවෝ ප්‍රසිද්ධියේ කිව්වා තුන් හතර වතාවක්. මහින්ද රාජපක්ෂගේ මූණටම එක පාරක් කිව්වා එයාව මරපු කෙනා තාම ආණ්ඩුවත් එක්ක ඉන්නවා කියලා. ඔහු ගුවන්විදුලි ක්ෂේත්‍රයේ ප්‍රබලයෙක්. ඒ පුද්ගලික පලිගැනීම්වලට. එහෙම ඝාතන කරලා තහනම් වෙච්ච අපි මත ඔක්කොම දැම්මා. ඒ නිසා එවැනි මහා දැවැන්ත බිහිසුණු ව්‍යාපාරයක් ගෙනිච්චා.

60,000කට කිට්ටු සංඛ්‍යාවක් මරාදැම්මා. එහෙම මරාදාපු අය තමයි අපෙන් අහන්නේ ගාන කීයද කියලා. ඒ ඉතිහාසයට ඒගොල්ලෝ අයිති නෑ වගේ. ඒකට ප්‍රතිචාර දක්වපු අපේ බිම් මට්ටමේ සහෝදරවරු අතිනුත් කිසියම් නොවිය යුතු දේවල් වෙලා තියෙනවා. අපි ඒක පිළිගත්තු ව්‍යාපාරයක්. හැබැයි ඒගොල්ලෝ ඒ ගැන පිළිඅරන් නෑනේ. ඒකට ප්‍රතිචාර දක්වද්දී අපේ අතින් වෙච්ච අඩුපාඩු අපි දකිනවා කියලා පිළිගන්නකොට, රනිල් වික්‍රමසිංහ කිව්වද ඒගොල්ලෝ කරපු වැඩේ හරි කියලා? ඒගොල්ලන්ගේ අඩුපාඩුවක් තියෙනවා කියලා? රනිල් වික්‍රමසිංහ කිව්වේ නෑ ඒගොල්ලෝ කරපු වැඩේ අඩුවක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒ ගැන කතාකරන්නේ නෑ, ඒගොල්ලන්ට ඒක අයිති නෑ වගේ යන්නේ. හැබැයි අපි දන්නවා ඒ කාලේ රට පුරාම වධකාගාර විශාල ප්‍රමාණයක් පවත්වාගෙන ගියා ඇමැතිවරු. එකක් තමයි බටලන්ද වධකාගාරය. ඒක අයිති වෙලා තිබුණු බලප්‍රදේශය රනිල්ගේ. රනිල් තාම මොකක්වත් කිව්වේ නෑනේ බටලන්ද වධකාගාරය ගැන. කවුරුවත් ඇහුවෙත් නෑ. ඒ නිසා රූපවාහිනියට ආපු වෙලාවක අහන්නකො රනිල්ගෙන් බටලන්දේ තත්ත්වය කොහොමද කියලා. ඒගොල්ලෝ අපේ රටේ වටිනා මිනිස්සු ඝාතනය කළා. රිචඩ් ද සොයිසා කියලා හිටියා වටිනා මාධ්‍යවේදියෙක්. ගෙරට ඇවිල්ලා තට්ටු කරලා අරගෙන ගිහින් මරාදැම්මා. විජයදාස ලියනාරච්චි සහෝදරයා දක්ෂ නීතිඥවරයෙක්. ඒ වගේ නීතිඥවරු ගණනාවක් මරාදැම්මා. ඒ නිසා මහපොළොව නූහුලන අපරාධයක් කරලා, 1978 සිට දැවැන්ත මර්දනයක් කරගෙන ගිහිල්ලා, ඒ මර්දනය දරාගන්න බැරුව ඒකට ප්‍රතිචාර දක්වපු අපේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කරන්න කලින් අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා අපිව එතැනට තල්ලු කරපු මහා දැවැන්ත මර්දනය කරපු ජේ.ආර්. – ප්‍රේමදාස පාලනයේ ලොක්කෝ ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද කියලා.

ඒ නිසා ඉතිහාසය විකෘති කරලා මේ ප්‍රශ්න කරන එක වෙනස් කරන්න ඕනේ. අපි ඔප්පු කරලා තියෙනවා 1990න් පස්සේ ඉතා දුෂ්කර කොන්දේසි මැද්දෙත් අපට ප්‍රචණ්ඩ නොවී දේශපාලනය කරන්න පුළුවන් කියලා. 1990න් පස්සෙත් අපේ සහෝදරවරු ඝාතනය වුණා. 95-96 කාලෙත් අපේ කොළඹ දිස්ත්‍රිකකයේ සහෝදරයෙක් පෝස්ටර් ගහද්දී ගහලා මැරුවා. සිරිදාස කියලා අපේ සහෝදරයෙක්ව උද්ඝෝෂණයකදී වෙඩිතියලා මැරුවා මාතලේදී. අම්බලන්ගොඩ අපේ සහෝදරයෙක්වත් ගහලා මැරුවා මහින්ද රාජපක්ෂගේ ගෝලයෝ. කටුවන රැස්වීමකදී අපේ සහෝදරයෝ දෙන්නෙක්ව ජූලම්පිටියේ අමරේ වෙඩිතියලා ඝාතනය කළා. ඒත් අපි ප්‍රචණ්ඩකාරී වුණේ නෑ ඒගොල්ලෝ එහෙම කළාට. එහෙම ඉතිහාසයක් තිබුණේ. මේ මුළු ඉතිහාසයම පැත්තකට දාලා 88-89 ගැන කතාකරනවා. ඒ නිසා අපි කියන්නේ 88-89 ගැන කතාකරනවා නම් ඒක වෙනම කතාකරමු. අපිත් කැමැතියි ඒක කතාකරන්න හරියට දිග ඇරලා, දිග පළලත් එක්ක. මොකද එහෙම කතාකළොත් ඔය ආණ්ඩු කරන බොහෝ දෙනාට ඉන්න වෙන්නේ හිර ගෙවල් ඇතුළේ.

අපිට ඝාතන ගැන චෝදනා කරනවනේ. ඉතින් නඩු දාන්න තිබුණනේ. ජනතා විමුක්ති පෙරමුණේ කාවටත් නඩු දාලා තියෙනවද ඝාතන චෝදනාවලට? එහෙම දාලා නෑ. ඒ නිසා දැන් මේ පරාජයට කිට්ටු වුණාම, පරාජයෙන් වියරු වැටිලා අතට මොකක්වත් අහුවෙන්නේ නැති වුණාම 88-89 අරගෙන අපිට පහර දෙන අයට අපි කියනවා මීට පස්සේ ඒකට ලෑස්ති වෙන්න. අපි මේ ඔක්කොමත් අරගෙන එන්නම් ඕගොල්ලෝ ගාවට.

SendShareShare
Previous Post

රියැලිටි තරුවගේ හීනයට ගිනි පිම්බේ කවුද? Sri Lanka Latest News

Next Post

මැදිරිගිරියේ ප්‍රසංගය සහ ගුණදාස කපුගේ! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.