• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළඟ ළඟම මරණ තුනක්! පූල් එකේ ගිලිලා මැරෙන දරුවන්ට වගකියන්නෙ කවුද? Sri Lanka Latest News

October 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ළඟ ළඟම මරණ තුනක්! පූල් එකේ ගිලිලා මැරෙන දරුවන්ට වගකියන්නෙ කවුද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘පිහිනුම් තටාකයකට වැටී සිසුවෙක් මරුට’ මේ සිරස්තලය යටතේ පළවෙන තෙවැනි ප්‍රවෘත්තියක් ආසන්න මාසයකට අඩු කාලයක් තුළ පහුගිය සතියේ වාර්තා වුණා. ඒ, නුගේගොඩට ආසන්න ප්‍රදේශයක පෙරපාසල් ශිෂ්‍යයකුගේ මරණයත් සමග. මේ මරණය ඉතාම ඛේදජනක සහ ඉතාම කලබලකාරී සිදුවීමක් බවට පත්වුණා. මුළු රටම කතාවෙන සිදුවීමක් බවට පත්වුණා. මියගිය දරුවා පුද්ගලික පෙරපාසලක අධ්‍යාපනය ලබන අතරේ, පාසලේ ගුරුවරුන් හා දරුවන් සමග හෝටලයක පිහිනුම් කටයුතු පුහුණු වීමට පැමිණි බව තමයි ආසන්න වශයෙන් අපිට දැනගන්න තියෙන්නේ. මේ ශිෂ්‍යයා පිහිනුම් තටාකයට වැටීමත් සමග කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කරනවා. නමුත් කළුබෝවිල රෝහලේදී මේ ශිෂ්‍යයා මියයනවා. 2025 දහවෙනි මාසේ නවවැනි දින තමයි කළුබෝවිල රෝහලේදී අධිකරණ වෛද්‍යවරයා විසින් මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන්නේ.Sri Lanka Latest News

මේ ලිපිය ලියන මොහොත වෙනකොට සිදුවීමට අදාළව පෙරපාසලේ සහකාර විදුහල්පති, ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරුන් දෙදෙනෙක්, පෙරපාසලේ සේවිකාවක්, පිහිනුම් උපදේශකයන් දෙදෙනකු ඇතුළු හත් දෙනෙක් අත්අඩංගුවට ගෙන අවසානයි. මෙසේ මියගිහිල්ලා තියෙන්නේ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු පහක් වයසැති දරුවෙක්. ඒ වගේම මීට දින කීපයකට පෙර දික්වැල්ල ප්‍රදේශයේ සිසුවෙක් මේ විදිහටම තටාකයකට වැටී මියගියා. ඔහු දොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් බවයි සඳහන් වෙන්නේ. ඔහු මියගොස් තිබුණෙත් පාසලේ පිහිනුම් තටාකයට වැටිලා. නමුත් එතැනදී ඔහු මියයන්නේ පිහිනුම් පුහුණුවක් අතරතුර නෙමෙයි. ඔහු මියයන්නේ ඔහු පාසලේ ක්‍රීඩා කරමින් ඉන්නවා, ක්‍රීඩා කරමින් ඉද්දී, තමන් ක්‍රීඩා කරමින් හිටපු බෝලය පිහිනුම් තටාකයට වැටීමත් සමග, තටාකයට බැහැලා බෝලය ගන්න ගිය සිසුවා එහි වැටී මියගිය බව තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඔහු පාසල් කාලය ඇතුළත නෙමෙයි මේ විදිහට මියයන්නේ, පාසල් කාලයට පසුව බව තමයි අපිට දැනගන්න ලැබුණේ. එතකොට ඒ සිදුවීම මේ සිදුවීමට වඩා යම් ප්‍රමාණයකට වෙනස් සිදුවීමක්.

ඒ වගේම, කොළඹ පිහිනුම් සමාජ පිහිනුම් තටාකයට වැටී පිරිමි දරුවෙක් මියගිය ප්‍රවෘත්තියක් වාර්තා වුණා, 2025 ඔක්තෝබර් මාසේ මුල් සතියේ. මේ සිදුවීමෙන් මියයන්නේ අවුරුදු අටක ශිෂ්‍යයෙක්. ඔහු මියයන්නේ, ඔහු යම්කිසි සාදයක් සඳහා සහභාගි වී සිටියදී, එම සාදය අතරතුරේදී මෙම දරුවා පිහිනුම් තටාකයට වැටිලා, ඔහුව ගොඩගැනීමේදී එහි පිහිනුම් උපදේශකයෙක් නොසිටි බව පියා විසින් කොල්ලුපිටි පොලිසියට පැමිණිලි කරනවා. ඒ වගේම අදාළ හෝටලයෙන් කියනවා, නෑ පිහිනුම් උපදේශකයෙක් හිටියා. ඔහු විසින් ශිෂ්‍යයාව ගොඩට ගත්තා, අරගෙන එහි, එහි සාදයට සහභාගි වෙලා හිටපු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ලබාගෙන ශිෂ්‍යයා රෝහල්ගත කළා, නමුත් ඔහු මියගියා කියලා.
දැන් මේ ආසන්න වශයෙන් සිදුවුණු සිදුවීම් තුන පිළිබඳ විස්තරය. සිදුවීම් තුනකින් ශිෂ්‍යයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වෙනවා, අවුරුදු පහ, අවුරුදු දාහත සහ අවුරුදු අට කියන වයස්වල. මේ තිදෙනාම මියයාමට හේතුව පිහිනුම් තටාකයේ ගිලීම. වෙනත් කිසිම සංකූලතාවක් නෙමෙයි. පිහිනුම් තටාක ඉදිකිරීම, පිහිනුම් තටාක භාවිත කිරීම සහ පිහිනුම් තටාක නඩත්තු කිරීම බරපතළ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා දැන් ලංකාවේ. පිහිනුම් තටාකයක් කියලා කියන්නේ වතුර පිරුණු තැනක්, වතුර පිරුණු තැනක ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් ගිලී මියයා හැකියි.

ගිලී මිය නොයන්නට නම්, ඒ ගිලී මිය නොයාමට අවශ්‍ය කරන සාමාන්‍ය සරල උපක්‍රම මේ ස්ථානවල ගත යුතුයි. පිහිනුම් තටාකයක් විවෘතව තිබෙන ඕනෑම අවස්ථාවක පිහිනුම් තටාකයට අදාළව නිලධාරියෙක් එම ස්ථානයේ රැඳී සිටිය යුතුයි. පිහිනුම් තටාකයක නඩත්තු කටයුතු සඳහා සේවකයන් එම ස්ථානයේ රැඳී සිටිය යුතුයි. පිහිනුම් තටාකයක් නිවැරදිව පවත්වාගෙන යායුතුයි. නමුත් ගැටලුව තියෙන්නේ, පිහිනුම් තටාකයක පුහුණු උපදේශකවරයෙක් කියලා කියන්නේ, අපේ රටේ බොහෝ දෙනෙක් හිතනවා, හොඳටම පිහිනන්න පුළුවන් කෙනා තමයි පිහිනුම් උපදේශකයා වෙන්නේ කියලා. නමුත්, පිහිනන්න පුළුවන් වීම සහ ජීවිතාරක්ෂාව කියන්නේ දෙකක් කියලා අපි දන්නවා.
ජීවිතාරක්ෂකයෙක් තමයි පිහිනුම් තටාකයක ආරක්ෂාවට තැබිය යුත්තේ. නමුත් අවාසනාවකට ලංකාවේ ජීවිතාරක්ෂකයෙක් නෙමෙයි පිහිනුම් තටාකයක් ළඟ ඉන්නේ. ලංකාවේ පිහිනුම් තටාකයක් ළඟ ඉන්නේ හොඳටම පිහිනන්න පුළුවන් කෙනෙක්. ඔහු පිහිනීමෙන් රන් පදක්කම් දිනූ ශූරයෙක් වූවාට වැඩක් නැහැ. පිහිනීම කියන්නේ වෙනම කලාවක්, ජීවිතාරක්ෂාව කියන්නේ තවත් කලාවක්. ජීවිතාරක්ෂකයෙක් කියලා කියන්නේ වෙනම කෙනෙක්.

එතකොට ලංකාවේ ජීවිතාරක්ෂකයෝ ඉන්නවද? ජීවිතාරක්ෂකයෝ පිහිනුම් තටාක සඳහා සේවයට බඳවා ගන්නවද? පිහිනුම් තටාකවල සේවය කරන්න යන කෙනෙකුට හදිසියේ තමන්ගේ යටතේ පිහිනුම් කරමින් ඉන්න කෙනෙක් තටාකයේ ගිලුනොත්, ඔහුට අවශ්‍ය කරන මූලික ප්‍රතිකාර ටිකවත් කරගන්න පුළුවන්ද? ඔහුව බේරගන්න පුළුවන්ද? විසිල් එක ගහන එක නෙමෙයි පිහිනුම් තටාකයක උපදේශකයෙක්ගේ රාජකාරිය වෙන්නේ. ඒ පැත්තට යන්න එපා කියලා විසිල් එක ගහලා, මේ පැත්තට යන්න එපා කියලා විසිල් එක ගහලා, වැඩ කරන එක නෙමෙයි.

ඒ නිසා, මේ සම්බන්ධව අපිට විශේෂයෙන් හොයලා බලන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධව අපි කතාකරන්න තෝරාගත්තේ ඒ පිළිබඳ දැනුම තියෙන මහත්මයෙක්ව. ඔහු තමයි රොෂාන් විජයසිංහ, ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජාතික පුහුණුකරු, ඒ වගේම ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ උපදේශක. ඔහු පැහැදිලිව අපිට කිව්වා කාරණා තුනක් ගැන සැලකිලිමත් විය යුතුයි, පිහිනුම් තටාක පවත්වාගෙන යන්නන් කියලා. මේ පළමුවැනි දේ තමයි, පිහිනුම් තටාක සම්බන්ධව කටයුතු කරන විදුහල්පතිවරුන්ට විශාල වගකීමක් තියෙනවා තමන්ගේ පිහිනුම් තටාකය නඩත්තු කිරීම සම්බන්ධයෙන්. ඒ හින්දා පිහිනුම් තටාකයට පුහුණුකරුවෙක් පත්කරගන්නවා නම්, ඒ පුහුණුකරුවා සී.පී.ආර්. කියන සහතිකය සහිත පුහුණුකරුවෙක් විය යුතුයි. ඔහු කියන්නේ, ජීවිතාරක්ෂාව පිළිබඳ ඔහුට දැනුම තිබිය යුතුයි. යම් අනතුරකට යම්කිසි කෙනෙක් ලක්වුණොත්, ඒ අනතුරට ලක්වුණු පුද්ගලයාව බේරාගැනීමේ හැකියාව, විනාඩි කීපයකට ඔහුගේ ශ්වසන පද්ධතිය නතර වුණාම, කෘත්‍රිම ශ්වසනය දීලා ඔහු විනාඩි තුන හතරක් ඇතුළත යළි යථා තත්ත්වයට පත් කරගෙන, රෝහල් ගත කරනතුරු ඔහුගේ හුස්ම පවත්වා ගැනීමේ ශක්තිය තිබිය යුතුයි කියලා තමයි රොෂාන් විජේසිංහ අපිට කිව්වේ.

ඒ වගේම, ඔහු කියනවා මේ සහතිකයට යන්නේ රුපියල් 2000යි කියලා. ඉතින් මේක හරි පහසු දෙයක්. විශාල මුදලක් යන දෙයක් නෙමෙයි, විශාල කාලයක් වැයවෙන දෙයක් නෙමෙයි. තමන්ගේ වෘත්තිය මේක වුණාම, මේ සම්බන්ධයෙන් වගකීම සහ වැඩකිරීමේ වුවමනාව මේ අයට තිබිය යුතුයි කියන එක තමයි ඔහු පැහැදිලි කළේ.
ඒ වගේම, පිහිනුම් තටාකයක් තියෙන ඕනෑම තැනක එහි ආරක්ෂාව ගැන අදාළ බලධාරීන් සිහිපත් කළ යුතුයි. පිහිනුම් තටාකයක් පවත්වාගෙන යන්න අවශ්‍ය කරන විශේෂ නීති පද්ධතියක් තියෙනවා. මෙන්න මේ නීති පද්ධතිය යටතේ කටයුතු කළ යුතු බව තමයි රොෂාන් විජේසිංහ මහත්තයා අපිට කිව්වේ. ඒ සම්බන්ධව නිතරම මේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් වෙබ් අඩවිවල පළවෙනවා, ජාත්‍යන්තර ප්‍රමිතීන් තියෙනවා. ඒ ගැන සිහි තබාගත යුතු බව ඔහු කිව්වා.

ඔහුට අනුව, සාමාන්‍යයෙන් පිහිනුම් තටාකයක් කියලා කියන්නේ, විශේෂ ආරක්ෂාවක් සහිතව පවත්වාගෙන යන තැනක් බව අපිට දැන් පැහැදිලි වෙනවා. ඒ වගේම, පිහිනුම් තටාකයක පුහුණුකරුවෙක් කියලා කියන්නේ, නිකන්ම නිකන් පිහිනන්න පුළුවන් වෙච්ච කෙනෙක් නොවන බව ඔහුත් අපිට තහවුරු කරලා ඔහු කිව්වා. ඉතින් මේ කාරණා ගැන රටේ බලධාරීන්ගේ ඇස් ඇරෙන්න ඕනේ. ඒ වගේම, පිහිනුම් තටාකයකට පුහුණුකරුවෙක් ගත්තහම කීයක් හරි දීලා, ඔහු මේ පිහිනුම් තටාකය ගාව එහෙට මෙහෙට ඇවිද්දට හරියන්නේ නැති බව තමයි මේ අයගේ කතාවලින් අපිට පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම, පිහිනුම් තටාකයකට විතරක් නෙමෙයි, ඕනෑම ක්‍රීඩාවකදී පුහුණුකරුවා කියලා කියන කෙනාට අදාළ ක්‍රීඩාව හොඳටම කරන්න පුළුවන් වෙනවට අමතරව, මේ ක්‍රීඩකයන්ගේ, නැත්නම් ශිෂ්‍යයන්ගේ ආරක්ෂාව ගැන විශේෂ වගකීමක් තියෙනවා. ඔහුට දැනුමක් තියෙන්න ඕනේ, ඒ පිළිබඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ පිළිබඳ පුහුණුවක් ඇති බවට පිළිගත් සහතිකයක් ඔහු ළඟ තියෙනවා නම් ආරක්ෂාව ගැන ඒ තරම් බයවෙන්න දෙයක් නැහැ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපිට එහෙම අය ඉන්නවද කියන එක.

අපි දන්නවා පහුගිය කාලෙත් පිහිනුම් තටාකවල ප්‍රශ්න ඇති වුණාම, පිහිනුම් තටාකයක ගැඹුර හෝටලයක නම් අඩි හතරකට වඩා නොවැඩි විය යුතුයි කියලා නීතියක් ආවා. නමුත් පසුකාලීනව අපි දන්නවා, පිහිනුම් ක්‍රීඩාවේ යෙදෙන තටාකවලට මේ නීතිය ගේන්න බැහැ. ඒකට හේතුව ඩයිවින් කරන තටාකයක සාමාන්‍යයෙන් අඩි 20ක විතර ගැඹුරක් තියෙන්න පුළුවන්. ඉන් අමතරව ක්‍රීඩා සඳහා භාවිත කරන පිහිනුම් තටාකයකට යම් ගැඹුරක් අවශ්‍යයි. ඒ ගැඹුර පවත්වා ගැනීම වළක්වන්න නෙමෙයි එතැනදී කරන්න ඕනේ, පිහිනුම් සඳහා ක්‍රීඩකයන් යොමු නොකිරීම නෙමෙයි කරන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කරන නිසි හැකියාව තියෙන, දැනුම තියෙන පුද්ගලයෝ ස්ථානවලට ගේන්න ඕනේ. ඒක තමයි රොෂාන් මහත්මයා එක්ක කතා කළාට පස්සෙත් අවසාන වශයෙන් තේරුණු කාරණාව.

ඔහු කියන්නේ, මේක මිනිස්සු තවදුරටත් මැරෙනකන් ඉඳලා බැහැ. ඒ වගේම මනුස්සයෙක් මැරෙනකන් ඉඳලා, ශිෂ්‍යයෙක් මැරෙනකන් ඉඳලා, අපි තීන්දු අරගෙනත් බැහැ. අපි මෙවැන්නක් යළි නොවන විදිහට වග බලාගන්න ඕනේ. ඊළඟ ශිෂ්‍යයා මේ අනතුරට, ඊළඟ අනතුර සිදුවෙන තුරු ඉන්නේ නැතුව, අදාළ නිසි ක්‍රමවේදය යටතේ පිහිනුම් තටාක පවත්වාගෙන යන්න, සියලු දෙනාම වගකීමක් ගත යුතුයි කියලයි ඔහු අවසාන වශයෙන් අපිට කිව්වේ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා පැන්නා වගේ රජෝලිනාත් පැන්නා…! ඒ ගේම ගැහුවෙත් ලංකාවේ වගේමයි! Sri Lanka Latest News

Next Post

උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අහිංසක ජනතාව ගැන කියවෙන වීඩියෝව දැක්ක විපක්ෂනායක සජිත්ගේ හිත උණුවෙයි! දුක් විඳින මේ අහිංසක ජනතාවගේ දුක දැක්ක එකම නායකයා කැබිතිගොල්ලෑව රෝහලට ලක්ෂ 31ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ලක්ෂ හයහමාරක උපකරණ පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.