• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා පැන්නා වගේ රජෝලිනාත් පැන්නා…! ඒ ගේම ගැහුවෙත් ලංකාවේ වගේමයි! Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගෝඨා පැන්නා වගේ රජෝලිනාත් පැන්නා…! ඒ ගේම ගැහුවෙත් ලංකාවේ වගේමයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගිය සමීප කාලයක් පුරා ලෝකයේ විවිධ රටවල් ගණනාවක් හරහා ඇසෙන්නට වූ උද්වේගකර පුවත වූයේ තරුණ ජන අරගලයන්ය. එනම් පසුගිය වසර දෙක තුනක් වැනි කෙටි කාලයක් තුළදී විශේෂයෙන්ම ආසියාවේ රටවල් ගණනාවකින් මෙම තරුණ කැරැලි ගැන පුවත් ඇසෙන්නට සහ දකින්නට විය. එසේම මෙයට වසර 12-15 අතර කාලයකට පෙර අරාබිකරයේද රටවල් රැසක් සම්බන්ධ කරගනිමින් ඇතිවූ මහා තරුණ ජන අරගලය ‘අරාබි වසන්තය’ ලෙසින් හඳුන්වා දී තිබිණි. එනම් එම කැරැලි මාලාවෙන් එම රටවල තිබුණු පාලන තන්ත්‍රයන් සියල්ලම පෙරළා දැමුණු අතර, එහි බලයේ සිටි ජනාධිපතිවරුන් හා අගමැතිවරුන් එම රටවලින් හොර රහසේ පලාගියේය. සමහර රාජ්‍ය පාලකයන් ඝාතනයට පවා ලක්වූ අතර, රටවල් 20ක තරුණ පිරිස් දසදහස් ගණනින් ඝාතනයටද ලක්විය. මෙම ඛේදනීය සිදුවීම්වලින් පසුව පසුගිය වසර 2-3ක කාලයක් තුළ ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල් 7ක පමණ තරුණ ජන අරගල ඇතිවූ අතර මෙහිදීද එම රටවල්වල පාලකයන් බලයෙන් නෙරපූ අතර, මෙම තරුණ අරගලය ‘අසියානු වසන්තය’ ලෙසට නම් කෙරිණි. එසේ වුවද එහිදීද තරුණ පිරිස් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඝාතනයට ලක්විය.Sri Lanka Latest News

මෙවැනි වටපිටාවක් ගතවෙමින් තිබියදී මෙයට දින කීපයකට පෙරදී ලෝකයෙන් අපට අසන්නට ලැබුණු අලුත්ම තරුණ ජන අරගලය කුමක්ද? මෙම අරගලයද අසන්නට ලැබෙන්නේ ඉන්දියානු සාගරයේ පිහිටා ඇති දූපත් රාජ්‍යයක් වන මැඩගස්කරයෙනි. ලෝකයේ විශාලතම දූපත් රාජ්‍යයන් අතර දෙවැනි ස්ථානයේ සිටින මැඩගස්කරය, ‘මැලගසි’ රාජ්‍යය ලෙසින්ද හඳුන්වයි. දැන් එසේනම් මෙම රට තුළ ඇතිවූ තරුණ ජන අරගලය කුමක්ද? බහුතරයක් තරුණ පිරිස් සමග එරට පොදු ජනතාවද සහභාගි වුණු මෙම අරගලය ‘මැලගසි විරෝධතාව’ ලෙසින් හඳුන්වා ඇත. පසුගිය සති 3කට පෙර ඇරැඹි මෙම විරෝධතාව මේ වනවිටද යම් තත්ත්වයකට සමනය වී තිබුණද එහි නිසි අවසානයක් දක්නට නැත. මෙම ජන කැරැල්ලට ප්‍රධානතම හේතුව වූයේ එරට තුළ දිනෙන් දින උත්සන්න වන ජීවන වියදම සහ දරිද්‍රතාවයි. මෙලෙස ආර්ථික උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් උද්ඝෝෂකයන් ප්‍රකාශ කර සිටියේ එරට රාජ්‍ය පාලනය ඉවත් විය යුතු බවත් විශේෂයෙන්ම එරට ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත්ය. මෙම අරගලය ඇතිවීමට තවත් හේතුවක් වූයේ මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනනාරිවෝ නගරයේ නිරන්තරයෙන් සිදුවූ විදුලිය සහ ජල සැපයුම අත්හිටුවීමයි. මේ නිසා ජනතාව මහත් කරදර රාශියකට මුහුණ දුන් බැව් ප්‍රකාශ වෙයි. මෙම හේතු කාරණාවන් මත තරුණ කැරැල්ල ආරම්භ වූ අතර, එයට තරුණ පිරිස් දසදහස් ගණනින් සහභාගි වූහ. මුලින් රටෙහි අගනුවර පැවැති ජන උද්ඝෝෂණයන් පසුව රටෙහි තවත් නගර ගණනාවක් පුරා දැඩි ලෙස ව්‍යාප්ත විය.

මෙම අරගලයෙහි විශේෂත්වයක් වූයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයන්ට මැඩගස්කරයේ සන්නද්ධ හමුදාවේ එක්තරා පාර්ශ්වයක්ද සම්බන්ධ වී තිබීමය. එනම් එම හමුදා කණ්ඩායම වූයේ එරට විපක්ෂයට පක්ෂපාතී වූ පිරිසක්ය. ඔවුන්ද කලදුටු කල වළ ඉහගන්නාක් මෙන් තරුණ අරගලකරුවන් සමග එකතු වුණේය. මෙහිදී සමහර දේශපාලන විචාරකයන් ප්‍රකාශ කර තිබුණේ මෙම කැරැල්ල මුලින්ම සැලසුම් කළ හමුදා කුමන්ත්‍රණයක් ලෙසිනි. ඒ බැව් එරට ජනාධිපතිවරයාද කැරැල්ලට පෙර ප්‍රකාශ කර තිබිණි. ජන අරගලය උත්සන්න වත්ම කැරැලිකරුවන් රාජ්‍ය පාක්ෂික හමුදා කණ්ඩායම් සමග මුහුණට මුහුණ ගැටෙන්නට වූ අතර, හමුදා වෙඩි පහරින් තරුණ පිරිස් 24ක් ඝාතනයට ලක්ව සිය ගණනක් තුවාල ලැබීය. මෙම අරගලයේදීද ලෝකයේ අනෙක් අරගලවලදී සිදුවුණාක් මෙන් ජනාධිපති හා අගමැති මන්දිරවලට පහරදීම, දේශපාලනඥයන්ගේ ගෙවල් කොල්ලකෑම, කඩ සාප්පු හා සුපිරි වෙළෙඳසල් කොල්ලකෑමද බහුල වශයෙන් සිදුවුණේය. ගිනි තැබීම් රැසක්ද සිදුවිය.

2025 මැඩගස්කරයේ තරුණ අරගලයේ උච්චතම අවස්ථාව ලෙස සැලකෙන්නේ එරට ජනාධිපති ඇන්ඩි්‍ර රජෝලිනා (Andry Rajoelina) හොර රහසේම රටින් පලා යෑමය. එනම් ඔහු කැරැල්ල උත්සන්න වත්ම ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වී වහා ගුවන් මගින් හඳුනා නොගත් රටකට පලාගියේය. දැනට 51 වැනි වියේ පසුවන ඇන්ඩි්‍ර රජෝලිනා එරට ජනාධිපති ධුරයට පත්වන්නේ 2019 වසරේදී වන අතර, පසුගියදා රටින් පලායන තෙක්ම ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. එනම් මෙහිදී හෙළිවන තවත් අපූරු කරුණක් නම් මෙම ජනාධිපතිවරයා එරට බලයට ගෙන ඒමට 2019දී මූලික වී අරගල සිදුකර කටයුතු කර ඇත්තේද මෙවර ඔහු බලයෙන් පහකළ ජනතා හා හමුදා පාර්ශ්වයම බැව් පැවසෙයි. ‘කලකදී රහ – කලකදී වහ වෙනවාලු’ යන කියමන මතකයට එන්නේ මෙතැනදීය. මොහු මැඩගස්කරයේ 2007 වසරේ සිට දේශපාලනයේ නිරතව සිටින තරුණ පුද්ගලයෙකි. මොහු පසුගියදා රටින් පලායෑමට ප්‍රථම එරට අගමැති ධුරය සහ මුළුමහත් රජයම විසුරුවා දැමීය. ඒ අනුව දැන් හෙළිවන අනෙක් අලුත්ම පුවත වන්නේ මැඩගස්කරයේ හමුදාපති මයිකල් රුන්ද්‍රියානාරිනා (Michael Randrianirina) නමැත්තා එරට ජනාධිපති ධුරයට පත්ව ඇති බවයි. මේ අනුව දැනට මැඩගස්කරය හමුදා පාලනයක් යටතට පත්විය. ස්ථිර ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම ඉදිරියේදී ජනාධිපතිවරණයක් හරහා පැවැත්වෙයි.

මැඩගස්කරය යනු ලෝකයේ අතිශයම දරුණු දරිද්‍රතාවට පත්ව ඇති රටවලින් එකකි. කෝටි 3ක පමණ ජනතාවක් සිටින මෙම රටේ 70%ක්ම අන්ත දුගී දුප්පත් ජනතාව වශයෙන් සැලකෙයි. දරිද්‍රතාව අතින් ලෝකයේ රටවල් අතරින් මැඩගස්කරය සිටින්නේ 188 වැනි පහළම ස්ථානයකය. මෙම ජනතාවගේ ඒකපුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 529ක් වැනි අතිශය පහත අගයක් ගනී. මෙම රටෙහි ළමා පරපුරෙන් බහුතරයක්ම දරුණු මන්දපෝෂණයෙන්ද පෙළෙති. මෙහිදී හෙළිවන අපූරු ඛේදනීය පුවතක් නම් පසුගියදා සිදුකෙරුණු ජනතා අරගලයේදී බොහෝ පිරිස් එයට සහභාගි වී ඇත්තේ ඉරුණු ඇඳුම්පැලඳුම් පවා පැලඳගෙනය. එමෙන්ම බොහෝ පිරිස් ආහාරපාන පවා ඉල්ලමින් ආයාචනා කර ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ට්‍රම්ප් ඉල්ලපු – නෝර්වේ දුන්නෙ නැති – නොබෙල් එක දිනපු යකඩ ගැහැනිය ‘මචාඩෝ’! Sri Lanka Latest News

Next Post

ළඟ ළඟම මරණ තුනක්! පූල් එකේ ගිලිලා මැරෙන දරුවන්ට වගකියන්නෙ කවුද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.