2025 වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකු සඳහා පිරිනමා තිබෙනවා.Sri Lanka Latest News
ඇමරිකානු ජාතිකයන් වන මේරි බ්‍රන්කොව්, ෆ්‍රෙඩ් රැම්ස්ඩෙල් සහ ජපන් ජාතික ෂිමොන් සකගුචි යන විද්‍යාඥයින් තිදෙනා – ස්වීඩනයේ කැරොලින්ස්කා වෛද්‍ය ආයතනයේ නොබෙල් සභාව, 2025 කායික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය පිරිනමා ඇති බව නිල වශයෙන් ඊයේ(06) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත් කෙරුණා.
ඒ මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය පාලනය යටතේ තබාගැනීමට ඇති විශේෂ සෛල වර්ගයක් සොයා ගැනීම හේතුවෙන්. මෙම විද්‍යාඥයින් තිදෙනාට මෙම වසරේ වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයේ හිමි වුණා.
විද්‍යාඥයින් පැවසුවේ ඔවුන්ගේ සොයාගැනීම් පිළිකා සහ ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග වැනි බරපතල රෝග සඳහා නව ප්‍රතිකාර වලට උපකාර වන බව සඳහන්.
නොබෙල් ත්‍යාග්‍ය කමිටුවේ සාමාජිකා මහාචාර්ය මාරි වහ්රන්-හර්ලේනියස් මහත්මිය පැවසුවේ මෙම සොයාගැනීම ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ එහි සමතුලිතතාවය පවත්වා ගන්නා ආකාරය පෙන්නුම් කරන බවයි.
ජයග්‍රාහකයින් තිදෙනා සදහා නොබෙල් ත්‍යාගය සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 1.2 ක් මුදලක්ද පිරිනැමෙනු ඇත. ඉදිරියේදී ස්වීඩනයේ පැවැත්වෙන උත්සවකයේදී ස්වීඩනයේ රජු විසින් මෙම විද්‍යාඥයින් තිදෙනාට නොබෙල් ත්‍යාගය ලබාදීමට නියමිතයි.










