ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පිහිටි පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුලු වී ගිනි තබා දේපල විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිලියන්දල හා නාරාහේන්පිට යන ප්‍රදේශවලදීයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18ත් 22ත් අතර වයස්වල පසුවන මඩපාත හා කොළඹ 05 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනවා.










