ජනතා අරගලයකින් නෙරපා හරින ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට, සිංගප්පූරුවේ දී කිසිදු විශේෂ වරප‍්‍රසාදයක් හෝ මුක්තියක් හෝ හිමි නොවන බව එරට විදේශ කටයුතු අමාත්‍යවරයා පවසා තිබේ.
සිංගප්පූරුව, හිටපු රාජ්‍ය නායකයන්ට විශේෂ වරප‍්‍රසාද හෝ මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබා නොදෙන බවත්, ඒ පදනම මත පිහිටා ගෝඨාභය රාජපක්ෂ මහතාටද කිසිදු වරප‍්‍රසාදයක් – මුක්තියක් හෝ විශේෂ ආගන්තුක සත්කාරයක් හිමි නොවන බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍ය විවියන් බාලක‍්‍රිෂ්ණන් මහතා පවසා තිබේ.
රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පැමිණීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෙරල්ඩ් ගියම් ගේ පාර්ලිමේන්තු ප්‍රශ්නයකට ලිඛිත පිළිතුරක් දෙමින් ආචාර්ය බාලක්‍රිෂ්ණන් මේ බව පවසා ඇත.










