• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉල්ලන තොරතුරු නොදෙන අයට වැඩ වරදී! අධිකරණය මැදිහත් වෙයි! මහජනතාවගේ දැනගැනීම පිණිසයි! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ හිටපු සේවකයන් විසින් එම ආයතනයේ පාලනාධිකාරිය වෙත යම් ක්‍රියාවලියකට අදාළව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම හමුවේ ගොනුකරන ලද අභියාචනා කිහිපයකින් පසුව පසුගියදා අභියාචනාධිකරණය එම තීන්දු තහවුරු කරමින් නියෝග ලබාදුන්නේය. එනම් 2022 දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසම විසින් ලබාදුන් තීරණ තහවුරු කරමින්, අභියාචනාධිකරණය පසුගිය 2025 ජූලි 03 දා අවධාරණය කළේ ‘රාජ්‍ය බලධාරීන්ගේ විනිවිදභාවය සහ වගවීම’ අතිශයින්ම වැදගත් බවයි. Sri Lanka Latest News

තොරතුරු දැනගැනීමේ කොමිසම :බැඳෙන පූර්වාදර්ශයක්’ ලෙස යටකී කරුණු සම්බන්ධයෙන් එහි පෙර තීරණ මත විශ්වාසය තැබීමෙන් වැරැදි කර ඇති බවට ශ්‍රී ලංකා ටෙලිකොම් විසින් කරන ලද තර්කයන් ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය මෙම තීන්දු ලබාදුන්නේය. කොමිසම අර්ධ අධිකරණ අධිකාරියක් ලෙස එහි තීරණවල ඒකාකාරීත්වය පවත්වාගත යුතුය යන මතය මෙහිදී අභියාචනාධිකරණය විසින් තහවුරු කර සිටියේය. අධිකරණය වෙත ඉහත අභියාචනය ටෙලිකොම් ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු විසින් ඉදිරිපත් කර තිබිණි. SLT දත්ත මධ්‍යස්ථානයේ සහ ‘ක්ලවුඩ්’ සේවා අංශයේ සේවය සඳහා සාමාන්‍යාධිකාරිවරයකු ලෙස නිශ්චිත අපේක්ෂකයකු තෝරාගැනීමට හේතු ඉල්ලා සිටිමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ SLT ආයතනයෙන් තොරතුරු ඉල්ලීමක් සිදුකර තිබිණි. එහෙත් එම ඉල්ලීම SLT විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. තොරතුරු දැනගැනීම යටතේ ඉල්ලුම්කරු සහ පැමිණිලිකරු විසින් සිදුවීමට අදාළ අපේක්ෂකයන්, මණ්ඩල සාමාජිකයන්, විශේෂඥ තක්සේරුකරුවන් සහ ලකුණු කිරීමේ විස්තරද ඉල්ලා සිට ඇත.

සම්මුඛ පරීක්ෂණ / තේරීම් ක්‍රියාවලිය රහසිගත විය නොහැකි ක්‍රියාපටිපාටියක් බවට වන මූලධර්මය මත තොරතුරු හෙළිදරව් කරන ලෙසට RTI කොමිසම විසින් ීඛඔ වෙත නියෝග කර තිබිණි. එහෙත් එහිදී SLT ප්‍රකාශ කර සිටියේ අපේක්ෂකයන්ගේ නම් සම්මුඛ පරීක්ෂණ සහ තෙවැනි පාර්ශ්වයන්ගේ ව්‍යවස්ථාපිතව සහතික කර ඇති පෞද්ගලිකත්ව අයිතිවාසිකම්වලට බලපාන තේරීම් සාධාරණීකරණයන් වැනි ‘සංවේදී තොරතුරු’ මේ අනුව හෙළිවන බැවින් SLT එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. කෙසේ වෙතත් තේරීම් ක්‍රියාවලියට මහජන අරමුදල් මගින් සහාය ලැබෙන බවත්, RTI කොමිසම මීට පෙර එම මූලධර්මය අඛණ්ඩව අනුගමනය කළ බවත් අභියාචනාධිකරණ විනිසුරු ප්‍රේමචන්ද්‍ර මහතා පෙන්වා දුන්නේය. මෙය පුළුල් මහජන යහපත සඳහා රාජ්‍ය බලධාරීන්ට පැවරී ඇති යුතුකම සලකා බලා RTI පනතේ පූර්විකාවට අනුකූලව බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිවල විනිවිදභාවය සහ වගවීම පවත්වා ගැනීම කොමිසම ගත් ස්ථාවරයක් බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එදිනම ලබාදුන් තීන්දු දෙකකදීද අධිකරණය එම මූලධර්මය නැවත අවධාරණය කළේය.

මෙම සියලු සිදුවීම්වලදී RTI පනත යටතේ ශ්‍රී ලංකාවේ අභියාචනාධිකරණවල පෙර තීන්දු, RTI කොමිසමේ තීරණ සහ ඉන්දියානු අධිකරණවල පූර්වාදර්ශ පුළුල් ලෙස පරීක්ෂා කළේය. තොරතුරු නිකුත් කිරීම නීති වෘත්තිකයන්ගේ කීර්තිනාමයට හානියක් විය හැකි බවට ශ්‍රී ලංකා ටෙලිකොම් තර්ක කර තිබිණි. එහිදී විනිසුරු ප්‍රේමචන්ද්‍ර සඳහන් කළේ රාජ්‍ය අරමුදල් භාවිතයේ විනිවිදභාවය රහස්‍ය ලෙස සැලකිය නොහැකි බව මෙම අධිකරණය දැඩි ලෙස සලකන බවයි. ‘එවැනි තොරතුරු හෙළිදරව් කිරීම
14 ඒ (2) වගන්තිය යටතේ ව්‍යවස්ථාපිත ආරක්ෂාවන් උල්ලංඝනය නොකරයි. එසේම එය පෞද්ගලිකත්වය හෝ කීර්තිනාමය අයිතිවාසිකම් හෝ උල්ලංඝනය නොකරයි’ යනුවෙන්ද විනිසුරුවරයා අවධාරණය කර සිටියේය.

‘හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කිරීමට කිසිදු නීත්‍යනුකූල හේතුවක් නොමැත. තවද හෙළිදරව් කිරීමේ හානිය මහජන අවශ්‍යතා අබිබවා ස්ථාපිත කර නොමැත. තොරතුරු ප්‍රකාශ කිරීම තවදුරටත් පුද්ගලික ලෙස සැලකිය නොහැක. එහෙත් සෞඛ්‍ය වාර්තා හෝ පුද්ගලික මූල්‍ය තොරතුරු වැනි පුද්ගලික සහ සංවේදී යැයි සැලකෙන තොරතුරු පමණක් සාමාන්‍යයෙන් හෙළිදරව් කිරීමෙන් නිදහස් වේ…’ යනුවෙන් විනිසුරු ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළේය.

මෙම ඓතිහාසික අධිකරණ නඩු තීන්දු ලබාදුන් අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනා වන්නේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා සහ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාය. විනිසුරු ප්‍රේමචන්ද්‍ර පසුගිය 2025 මාර්තු 11දා අභියාචනාධිකරණයට පත්කරන ලද්දේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසිනි. එසේම විනිසුරු ගුරුසිංහ පසුගිය 2020 දෙසැම්බර් 01දා අභියාචනාධිකරණයට පත්කරන ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. පසුගියදා විනිසුරු ගුරුසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස පත්කිරීමට අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු මහතා විසින් නිර්දේශ කර තිබිණි. විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම ගැනීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුව සඳහා ඔහුගේ නම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට නිර්දේශ කර තිබිණි.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

පිනට ලැබුණු රජ පුටුවෙ ඉඳන් රනිල් රවුම් ගහපු හැටි! Sri Lanka Latest News

Next Post

කෙහෙල්බද්දර පද්මෙයි කොමාන්ඩෝ සලින්දයි වීඩියෝ තාක්ෂණය ඔස්සේ චමුදිතට කතා කරයි! අපි එළියේ! මැලේසියාවෙදි අල්ලපු කතාව බොරුවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.