• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිනට ලැබුණු රජ පුටුවෙ ඉඳන් රනිල් රවුම් ගහපු හැටි! Sri Lanka Latest News

July 12, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
නොවැම්බර් 3 වැනිදා මොනරාගල බුදුරුවගල විදුහලේ ළමයින්ට දුන් පොරොන්දුවක් ජනපති ඉටු කරයි! පෙබරවාරි 9 වැනිදා සංගීත භාණ්ඩ ලබා දීමේ උත්සවය පවත්වයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දැරූ සමයේ සිදුකළ විදෙස් සංචාර සම්බන්ධයෙන් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුනි 24 වැනි දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත.

මේ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ පිළිබඳ බීබීසී සිංහල කළ විමසීමකදී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ, එවැනි පරීක්ෂණයක් සම්බන්ධයෙන් මේ වනවිට විමසීමක් කර වාර්තාවක් ලබාදෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වාර්තාව එවූ පසු වැඩිදුර විස්තර ලබාදීමට හැකි බව ඔහු පැවසුවේය.Sri Lanka Latest News

‘2005 – 2021 වර්ෂවල විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නෑ’
මා විසින් පසුගිය පෙබරවාරි 28 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු ඉල්ලීමක් කරනු ලැබුවේ 2005 – 2025 වසර 20ක කාලවකවානුව තුළ බලයේ සිටි ජනාධිපතිවරුන් යෙදුණු විදෙස් සංචාර, ඒවාට වියදම් කර ඇති මුදල සහ ඒවාට සම්බන්ධ වූ දූත මණ්ඩලවල තොරතුරු විමසමිනිය. එලෙස පෙබරවාරි මස යොමුකළ තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මැයි 16 වැනි දින පිළිතුරක් ඒවා ඇති අතර, ‘2005 – 2021 වර්ෂවල අදාළ ලිපිගොනු හා ලේඛන ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති බැවින්ල හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාරවල තොරතුරු වෙන් වෙන් වශයෙන් ලබාදීමට නොහැකි බව එමගින් දන්වා එවා තිබේ.
ඉන් පෙනී යන්නේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනා බලයේ සිටි සම්පූර්ණ කාලය තුළ සිදුකර ඇති විදෙස් සංචාරවල තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයේ නොමැති අතර, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 2019 සිට 2021 දක්වා සහභාගි වූ විදේශ සංචාරවල ලිපි ලේඛනද ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බවය.

ඒ අනුව, මා විසින් කරන ලද තොරතුරු ඉල්ලීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු එවා තිබෙන්නේ ‘රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව විසින් ලබාගන්නා ලද භාණ්ඩාගාර මුද්‍රිත සටහන් අනුව ජනාධිපති වැය ශිර්ෂ යටතේ හෙළිවී ඇති වියදම්’ය.
ඔවුන් දන්වා එවා ඇති ආකාරයට මේවා සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ ක්‍රියාත්මකය.

හිටපු ජනපති රනිල්ගේ සංචාර 23කට මිලියන 600කට වැඩි වියදමක්
2022 වසරේ ජූලි 20 සිට 2024 සැප්තැම්බර් 23 දක්වා වසර දෙකකට ආසන්න කාලය තුළ බලයේ සිටි ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ විදෙස් සංචාර 23කට සහභාගි වී ඇති අතර, එක් එක් විදේශ සංචාර පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම මෙතෙක් අවසන් වී නොමැති බවට තොරතුරු ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයේ සඳහන් වේ.
එක් එක් වර්ෂයේ ඔහුගේ විදේශ සංචාර සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය යටතේ වැය වී ඇති වියදම් පහත පරිදිය.

…………………

‘2022 – 2024 දක්වා විදෙස් ගමන් සඳහා බිලියනයක් වැය කරලා’
පසුගිය මැයි 08 වැනි දින ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර විසින් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, 2022 සිට 2024 දක්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ලෙස සහභාගි වූ සංචාර සඳහා රුපියල් බිලියනයකට වඩා වැඩි මුදලක් වැයකර ඇති බවය.
ඒ අනුව, ඔහු විසින් ඉදිපත් කරන ලද තොරතුරු පහත පරිදිය.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ නොවූ නමුත් ඔහු නියෝජනය කරමින් නියෝජිතයන් සම්බන්ධ වූ විදෙස් සංචාර 19ක් සඳහාද මෙම කාලවකවානුව තුළ මුදල් වියදම් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසුවේය. එම මුදල රුපියල් මිලියන 19.8ක් බව පැවැසූ ඔහු, ඒ අනුව සියලු සංචාර සඳහා වියදම් කර ඇති මුදල රු. බිලියන 1.027ක් බව ප්‍රකාශ කළේය.

වැඩිම වියදම් 2013දී
පසුගිය වසර 20ක කාලය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරුවලට විදෙස් සංචාර සඳහා වැඩිම වියදම් සිදුව ඇති වසර වන්නේ 2013 වසර වන අතර එම වසරේදී වැයකර ඇති මුදල රු. බිලියන 1.144කි. 2005 වර්ෂයේ නොවැම්බර් මාසයේ සිට 2015 ජනවාරි දක්වා බලයේ සිටි ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ පමණක් ආසන්න වශයෙන් රුපියල් බිලියන 4.76කට අධික මුදලක් වැය කර තිබේ. වසර 10කට ආසන්න පාලන කාලය තුළ වියදම් වී ඇති එම මුදල සාමාන්‍යයක් වශයෙන් වසරකට මිලියන 400කටත් වඩා වැඩි මුදලක් වන අතර සාපේක්ෂව 2015න් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුගේ වසර 05ක ධුර කාලය තුළම විදෙස් සංචාර සඳහා වැය කර ඇත්තේ රු. මිලියන 400කට අඩු මුදලකි.

වත්මන් ජනාධිපතිවරයාගේ වියදම්
මාගේ තොරතුරු ඉල්ලීමේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විදෙස් සංචාරවල වියදම් සම්බන්ධයෙන්ද විමසා තිබූ අතර, එම තොරතුරු ඉල්ලීම සිදුකළ පෙබරවාරි මාසය වනවිට ඔහු ඉන්දියාවේ, චීනයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාර සඳහා සහභාගි වී තිබිණි. ඒ සඳහා ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැයවී තිබූ මුදල රු. මිලියන 2.3ක් ලෙස දක්වා තිබේ. එයින් ඉන්දියානු සංචාරය සඳහා පමණක් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ගුවන් ටිකට්පත් මිලදී ගෙන තිබේ. එම මුදල රු. 554,350කි.
තොරතුරු ඉල්ලීමේ මෙම ගමන් සඳහා සම්බන්ධ වූ නිලධාරීන් පිළිබඳ විස්තර ද ඉල්ලා සිටි නමුත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

බීබීසී සිංහල

SendShareShare
Previous Post

අලි රෝහල් හදන කතා කියලා වැඩක් නෑ! භාතියගෙන්වත් පාඩමක් ඉගෙන ගමු! Sri Lanka Latest News

Next Post

ඉල්ලන තොරතුරු නොදෙන අයට වැඩ වරදී! අධිකරණය මැදිහත් වෙයි! මහජනතාවගේ දැනගැනීම පිණිසයි! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.