කිරින්ද මහා රාවණ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 480ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක් හටගෙන ඇති බවත්, අදාළ නෞකාවේ එන්ජින් කාමරයේ එම ගින්න හටගෙන ඇති බවට වාර්තාවී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය .
ඒ අනුව අදාළ නෞකාව අසලින් ගමන්ගන්නා නෞකාවලට මේ පිළිබඳව දැනුම් දී ගින්න නිවීම සඳහා සහයෝගය ඉල්ලා ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.
එම්.එස්.සී. මෙසීනා නමැති අදාළ නෞකාව ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම නෞකාව කොළඹ සිට සිංගප්පූරුව බලා ගමන් කළ ලයිබීරියා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.










