• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුමන්ත්‍රණ රැසක් ක්‍රියාත්මකයි! බලය ගන්න තනතුරු ගන්න හැම තැනම කුමන්ත්‍රණ! සක්විති රජකම දෙනවා කිව්වත් මේ ප්‍රේමදාස කවදාවත් බලය ගන්න… තනතුරු ගන්න හොරු එක්ක ඩීල් දාන්න යන්නේ නෑ! මම හොරු එක්ක එකතු වෙලා ජනාධිපතිකම් ගත්තා නම් මටත් වෙන්නේ හොරු රකින්න! මගේ ඩීල් එක තියෙන්නේ ලක්ෂ 220ක් වූ ජනතාව එක්ක! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 23, 2024
in Exclusive
Reading Time: 16 mins read
A A
හොරු සමග ඩීල් නෑ! ෆයිල් පෙන්න පෙන්න දූෂණයට විරුද්ධයි කියලා මිනිස්සු රවට්ටන්නේ නෑ! සජබෙ දූෂණය නැති කරන හැටි.. හොරු අල්ලන හැටි පෙන්නලා තියෙන්නේ! අහල පහළ ආසනවලින් බස් දාලා සෙනග අද්දන්නෙ නැතිව මිනුවන්ගොඩ ආසනේ විතරක් සජබ ක්‍රියාකාරීන් සමග පවත්වපු ‘ජන පවුර’ සම්මේලනයේදී විපක්ෂනායක කරපු කතාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ දේශපාලනය තුළ බලය ලබා ගැනීමට බලු පොරයක් මෙන් තනතුරු තාන්න මාන්න ලබා ගැනීමට කුමන්ත්‍රණ ක්‍රියාත්මක බවත් මේ කුමන්ත්‍රණ සිදු කිරීමට ඇති කෑදරකම රටේ අධ්‍යාපනය ගොඩනගන්න නොමැති බවත් මේ සෑම දෙයක්ම සිදු කරන්නේ බලය ලබා ගැනීමට සහ තනතුරුවලට ඇති ආශාව නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

තමා හොරු සමඟ එකතු වී ජනාධිපතිකම් ලබා ගත්තේ නම් හොරු රකින්න සිදු වන බවත් එහෙත් තමා එවැනි දෙයක් සිදු නොකර සිටි නිසා හොරු රකින්න සිදු නොවූ බවත් අදටත් පාස්කු ප්‍රහාරයේ නිවැරදි සත්‍ය හෙළිදරව් වී නොමැත්තේ ගජමිතුරන් රකින්න සිදුවූ නිසා බවත් මේ ගැන කාදිනල්තුමා පවා ප්‍රකාශයක් සිදු කර ඇති බවත් මෙවැනි බල තන්හාවක් නිසා පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව පයට පෑගෙන දූවිලි තරම්වත් වටිනාකමක් නොමැති වී අමතක කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඔවුන්ට හොරුන් දේශපාලනඥයන් සමඟ ගජමිතුරුකම් තිබුණාට තමාගේ යාළුකම් ඇත්තේ රටේ ලක්ෂ 220 ජනතාව සමඟ බවත් සක්විති රජකම දෙනවා කිව්වත් කූඨ කුමන්ත්‍රණ ඩීල් දැමීමට නොයන බවත් තමාට ඩීල් ඇත්තේ ලක්ෂ 220ක් පොදුජනතාව සමඟ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 161 වැනි අදියර යටතේ අද හම්බන්තොට මුල්කිරිගල වීරකැටිය මීගස්ආර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ අමතර වියදම් වෙනුවෙන් පාසල් සංවර්ධන සමිතියට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයේත් පාසල්වල හරිහමන් පරිගනක නැහැ

රට පාලනය කළ වලව්වක් සිටින, ඥාති පවුල් පිරිසක් සිටින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල්වලට සුහුරු පන්ති කාමර තියා පරිගණක පවා නොමැති බවත් එම පවුල්වල දරුවන් යන්නේ සම්පත් හිඟයක් නොමැති ප්‍රභූ පාසල්වලට බවත් මේ තොරතුරු දකින විට මේ ජනාධිපතිවරයෙක් බිහි කළ දිස්ත්‍රික්කයක් නේද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම ජනතා සේවය ඉගෙන ගත්තේ හම්බන්තොටින්

1994 තමා දිස්ත්‍රික් සංවිධායකකමින් පටන් ගෙන 2000 සිට 2020 දක්වා වසර 20ක් ජනතා සේවය කියන පුහුණුව ලැබුවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවත් හිටපු ජනාධිපති හා අගමැතිවරයකුගේ පුතකු ලෙස කයිවාරුවෙන් ක්‍රමයේ වෙනසක් සිදු කළ නොහැකි නිසා ප්‍රායෝගිකව සිදු කිරීමට සිතූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්‍රමයේ වෙනස පටන් ගත්තේ සජබේ අපියි

ක්‍රමයේ වෙනස ආරම්භ කළේ සමගි ජන බලවේගය බවත් ප්‍රාථමික, ද්විතීය, පෙරපාසල්, තෘතීයික අධ්‍යාපන පද්ධතිය රජයේ මුදලින් පමණක් දියුණු කළ නොහැකි නිසා ඒ සඳහා නව ක්‍රම සහ විධි නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් තමා සතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමාජ සාධාරණත්වය ගැන කතා කරන සමාජවාදීන්ගේ කෙරුවාව මෙන්න

ඡන්ද මල්ල පුරවා ගන්න සිංහල පමණයි දමිළ පමණයි කියමින් යන බවත් මේ නිසා 41 ලක්ෂයක් පාසල් දූදරුවන් අනාථ වී ඇති බවත් මේ ගැන කියන විට තමා විජාතිකයි කියා කිව හැකි බවත් අධ්‍යාපනයේ විප්ලවයක් ඇති කරන විට දරුවන්, ගුරුවරුන් සහ දෙමාපියන් පාරට බැස්සවිය හැකි බවත් මොවුන් දන්නේ දරුවන් පාසල් පාරට බැස්සවීමට සහ පාසල් ගිනි තැබීමට බවත් මේවාට විරුද්ධ වන්නේ අන්ත කොමියුනිස්ට්වාදී අන්ත සමාජවාදීන් බවත් සමාජ සාධාරණත්වය ගැන කතා කරන මෙම අන්ත සමාජවාදීන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා විශ්වවිද්‍යාවලට යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මොවුන්ගේ දරුවන් පෞද්ගලික පාසල් හා පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා අතරතුර රජයේ පාසල් හා විශ්වවිද්‍යාවල දරුවන් තමන්ගේ සටන්පාඨ පාරේ කියවන්න භාවිත කරන බවත් මෙය අන්ත කුහක සිතුවිල්ලක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

ප්‍රචණ්ඩත්වය කවුරු කළත් වැරදියි

අරගල කාලයේ විවිධ පුද්ගලයන්ගේ ගෙවල් පවා පිළිස්සූ බවත් පොහොට්ටුවට, ජේවීපියට, යූඇන්පියට හෝ සජබයට වුවත් ගෙවල් පිළිස්සීමට අයිතියක් නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මට පෑඩ් මෑන් කිව්වත් ඒ අරගලය යම් තරමකින් ජය ගත්තා

2019 ජනාධිපතිවරණයේ දී කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු ගැන කතා කරද්දි තමාට අපහාස කරමින් පෑඩ් මෑන් කියා නම් දැමුවත් ස්කොට්ලන්තය සියලුම කාන්තාවන්ටත් නවසීලන්තයේ පාසල් දැරියන්ටත් එම පහසුකම් ලබා දෙන බවත් තමාට කොතරම් බැන්නත් ඒවා නොසලකා මේ වෙනුවෙන් හඬ නැගීමේ ප්‍රතිඵලයක් ලෙස තෝරා ගත් දැරියන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 161 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1761ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

හර්ෂට කෝටි 5යි! කාවින්දට කෝටි 6යි! මාන්නප්පෙරුමට කෝටි 5යි! ගයන්තට කෝටි 5යි! ෆවුසිට කෝටි 8යි! ඉෂාක්ට කෝටි 10යි! සජබ මන්ත්‍රීවරුන්ට රනිල් කෝටි 32ක් වෙන්කරලා! ඒ මදිවාට රනිල් හමුවී හිතවතුන්ට බාර් ලයිසන් අරන් දෙන්නත් විපක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වෙලා! මන්ත්‍රී කණ්ඩායමේදී ඔක්කොම ඇදෙන ලකුණු! I Sri Lanka Latest News

Next Post

කල් බලලා බලලා අනුර සජිත්ට විවාදයට දින දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.