සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා විසින් සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා දින හතරක් ලබා දී ඇත.Sri Lanka Latest News
ඒ සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ දින හතර ලබා දෙමින් එහි ජාතික විධායක සභික නලින්ද ජයතිස්සගේ අත්සනින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමණ්ඩාර වෙත ලිපියක් යොමු කරමින් නිල වශයෙන් දැනුම් දී තිබේ.
ඒ අනුව එම විවාදයට ලබන මැයි මස 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බවද නිශ්චිතව දිනය තෝරාගත් පසු විවාදය පවත්වන වේලාව, කාලසීමාව, ස්ථානය සහ විකාශනය කරන නාලිකාව දෙවන අධියර ලෙස සාකච්ඡාවට ගත හැකි බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.