හෙරොයින් කිලෝ 111ක් ජාවාරම් කළ නඩුවකට අදාලව ඇප මත නිදහස්ව සිටි නඩුවේ චූදිතයෙකු වන, කෙසෙල් ඇල්ල, බඩල්ගම ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි පාකිස්ථාන ජාතික අබ්බාස් ශබීර් හුසේන් නමැති අය සොයා ගැනීම සඳහාද පොලිසිය මහජන සහාය පතනවා.Sri Lanka Latest News
016.04.01 වන දින නාවික හමුදා සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ (P.N.B.) නිලධාරීන් එක්ව ශ්‍රී ලංකා මුහුදු තීරයේදී සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 111 ග්‍රෑම් 82ක් ආනයනය, ජාවාරම් කිරීම සහ ආධාර අනුබල දීමට අදාළව සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම නඩුව මීගමුව මහාධිකරණයේ විභාග වෙමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහුට පනවා තිබූ ඇප කොන්දේසි අතර, සෑම ඉරු දිනකම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පෙනී සිටීම ප්‍රධාන වූ අතර, සැකකරු මේ දක්වා P.N.B. වෙත පෙනී නොසිට ඇප කොන්දේසි උල්ලංඝණය කර ඇති බැවින්, මහාධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු චූදිතයා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝග කර තිබෙනවා.
ඒ අනුව, පහත ඡායාරූපයේ සඳහන් සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත්, පහත දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.
ස්ථානාධිපති – පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය – 071-8591881
පොලිස් මත්ද්‍රව්‍ය කාර්‍යංශය – 011-2343333











