මොණරාගල හුලන්දාව ප්‍රදේශයේ පාසලක සිසුන් තිදෙනකු අද (01) ලෝක ළමා දිනය සැමරීම සඳහා මත්පැන් රැගෙනවිත් තිබෙනවා.Sri Lanka Latest News
පාසල තුල මත්පැන් පානය කරමින් සිටියදී එම සිසුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර මොනරාගල ප්‍රදේශයේම ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු විසින් සිදුකළ පහරදීමකින් ගුරුවරයෙකු රෝහල්ගත කර තිබෙනවා.
අද (01) උදෑසන 08.00ට පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර, සිසුවා සන්තකයේ තිබූ දුරකථන චාජරයක් ගුරුවරයාට හසුවීමෙන් අනතුරුව ඊට අදාල දුරකථනය සම්බන්ධයෙන් විමසීමේදී ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
පහර කෑමට ලක්වූ ගුරුවරයා මේ වනවිට මොනරාගල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, සැකකාර සිසුවා පොලිස් භාරයට ගෙන තිබෙනවා.










