අද (15) අලුයම මාන්කුලම පොලිස් වසමේ ඒ 9 මාර්ගයේ පනිච්චන්කුලම ප්‍රදේශයේ දී සිදුවු බිහිසුණු අනතුරකින් වාහන තුනක් අනතුරට ලක්ව පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
පොලීසිය සඳහන් කළේ, වෑන් රථය එම දිශාවටම නවතා තිබූ ලොරි රථයක පිටුපස ගැටී පසුව ලොරිය ඉදිරියේ තිබූ තවත් ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවය.
පිටුපස ලොරියේ රියදුරු රථයෙන් බැස සිට ඇති අතර ලොරි රථ දෙකට සිරවී බරපතළ තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම ලොරි රථයේ පිටුපස සිටි පුද්ගලයෙකු හා වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමේ දී තිදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇත.
තවද වෑන් රථයේ ගමන්ගත් කාන්තාවන් තිදෙනෙකු හා ලොරි රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් දෙනෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ද ලොරියේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මාන්කුලම රෝහලට ඇතුළත් කර ඇත.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අවුරුදු 38, 46 හා 58 යන වයස්වල පසුවූ මුල්ලේරියාව නව නගරය, වැල්ලම්පිටිය හා යාපනය යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.










