ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.Sri Lanka Latest News
ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බවයි ඔහු සඳහන් කළේ.
ජනතාව ඡන්දය ප්‍රකාශය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ද අද දිනයේ සිට විශේෂ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බව හිටපු මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.










