• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කැබිනට් ඇමැතිලගෙ, රාජ්‍ය ඇමැතිලගෙ, පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ, ප්‍රාදේශීය සභා සභාපතිලගෙ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගෙ, ආණ්ඩුවෙ උදව්කාරයන්ගෙ ගේදොර දේපළ පැය විසිහතරක් ඇතුළත ගිනි අරගෙන විනාශ වුණේ මෙහෙමයි…

May 15, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
කැබිනට් ඇමැතිලගෙ, රාජ්‍ය ඇමැතිලගෙ, පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙ, ප්‍රාදේශීය සභා සභාපතිලගෙ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීලගෙ, ආණ්ඩුවෙ උදව්කාරයන්ගෙ ගේදොර දේපළ පැය විසිහතරක් ඇතුළත ගිනි අරගෙන විනාශ වුණේ මෙහෙමයි…
Share on WhatsAppShare on Facebook

අපි ජාතික පුවත්පතක් විදියට සහ මේ රටේ වගකිව යුතු පුරවැසියන් සහ වගකිව යුතු මාධ්‍යවේදීන් විදියට කිසිම හේතුවක් නිසා කැඩීම් බිඳීම් පහරදීම්, තුවාල සිදුකිරීම්, මනුෂ්‍ය ඝාතන අනුමත නොකරන බව සඳහන් කරමින් මේ ලිපිය පටන් ගන්නට තීරණය කළා. ඊට හේතුව වන්නේ ශ්‍රී ලංකාවේ මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය ඉතා බරපතළ සහ භයානක බව අපට ඇහැට පෙනෙන සහ හිතට දැනෙන නිසාවෙන්. මේ තත්ත්වයට රට ඇදදැමූ කිසිවෙක් මේ ලිපිය ලියන බ්‍රහස්පතින්දා දිනය වන විටද අත්අඩංගුවට ගෙන නැති අතර පහරදීම්වලට සම්බන්ධ පුද්ගලයෝ දෙතුන් දෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔබට අවශ්‍ය නම් ඒ පුද්ගලයන් කවුදැයි හඳුනා ගැනීමට අවශ්‍ය වීඩියෝ ඕනෑ තරම් තිබෙන අතර, මේ සිද්ධියට මුලපිරුවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්ද රාජපක්ෂ, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස බව ඉතා පැහැදිලිව හඳුනාගත හැකි කාරණා බොහෝ තිබේ. නමුත් කිසිවෙක් මේ වන විට කිසිවක් සඳහා පියවර ගෙන නැත.

රටේ නීතිය පිළිබඳ ජනතාව අවිශ්වාස කරන්නට පටන් ගත් පසු රටේ නීතිය මගින් කිසිම ආකාරයකින් නිවැරැදි ලෙස නීතිමය පියවර නොගන්නා බව මිනිසුන් දැනගත් පසු රටේ මිනිසුන්ගෙන් හොරාකෑ සල්ලි, මංකොල්ලකෑ දේපොළ තම තමන්ගේ ගොඩවල් උඩ අඩුක්කරගෙන ඉන්නා බව මිනිස්සු දැනගත් විට ඒවා ලබාගන්නට, ඒවා තමන් සතු කරගන්නට වෙන විකල්පයක් නැති නිසා බොහෝ විට මිනිසුන් ඒවා ගිනිතබා විනාශ කළා යැයි අපි විශ්වාස කරමු. එසේ නොමැතිව රටේ නිවැරැදි නීතියක් තිබුණා නම් රටේ වැරැදිකරුවන්ට නිසි ලෙස දඬුවම් කිරීමේ ක්‍රමවේදයක් තිබුණා නම් මිනිසුන් මේ ප්‍රශ්නය අධිකරණමය ක්‍රියාදාමයක් ඔස්සේ විසඳා ගන්නට උත්සාහ කරනවා ඇත. නමුත් මීට පෙරද බොහෝ හොරු යැයි චෝදනා කරන ලද පුද්ගලයන් බොහෝ සිදුවීම් සම්බන්ධව රටේ වාර්තා වූ සාක්ෂි සහිත පැහැදිලි කිරීම් තිබුණද ඒවා සම්බන්ධව නිසි පියවර ගන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැති අතර, අධිකරණයද බොහෝ දේවල් ඉල්ලා අස්කර ගත්තේය. නීතිපති විසින්ම පැනවූ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කර ගන්නවා අපි පහුගිය කාලයේ එක පෙළට දුටුවෙමු. ඒ නිසා කිසිදු ආකාරයකින් නීතිමය ක්‍රියාමාර්ගයක් ඔස්සේ මේ හොරුන්ට දඬුවම් නොකරාවි යන විශ්වාසය මත මිනිසුන් සියල්ල ගිනිතබා විනාශ කොට තිබේ. ලිපිය ලියන මොහොත වන විට මැති ඇමැතිවරු 53කගේ පමණ නිවෙස් සහ දේපළ, කාර්යාල, රථ වාහන විනාශ කොට ඇති අතර, ඊට අමතරව මේ දේශපාලකයන් ඍජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ යැයි විශ්වාස කරන ආයතන, හෝටල් සහ වෙනස් ස්ථාන කිහිපයකටද හානි කොට තිබේ. මෙසේ කඩාබිඳ දැමූ දේපොළ අතර මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, චමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, අලි සබි්‍ර, රමේෂ් පතිරණ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ප්‍රසන්න රණතුංග, බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී ලොකුගේ, විමල් වීරවංශ, බැසිල් රාජපක්ෂ, පවිත්‍රා වන්නිආරච්චි, කනක හේරත්, ශෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර, විදුර වික්‍රමනායක, ජනක බණ්ඩාර තෙන්නකෝන්, අරුන්දික ප්‍රනාන්දු, එස්.එම්. චන්ද්‍රසේන, චන්න ජයසුමන, මොහාන් පී. ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ශෂීන්ද්‍ර රාජපක්ෂ, සනත් නිශාන්ත, ශාන්ත බණ්ඩාර, ගුණපාල රත්නසේකර, සිරිපාල ගම්ලත්, ඩී.බී. හේරත්, නිමල් ලන්සා, දුමින්ද දිසානායක, ගීතා කුමාරසිංහ, ප්‍රසන්න රණවීර, අශෝක ප්‍රියන්ත, මිලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන, උද්ධික ප්‍රේමරත්න, අලි සබි්‍ර රහීම්, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, චන්දිම වීරක්කොඩි, නිපුණ රණවක, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, අකිල එල්ලාවල, සංජීව එදිරිමාන්න, සමන්ප්‍රිය හේරත්, රාධිකා වික්‍රමසිංහ, ඩබ්.ඩී. වීරසිංහ, අනූප පැස්කුවෙල්, සහන් ප්‍රදීප් ඇතුළු මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට හානි කොට තිබේ. මේ අතරින් සමහර නිවාස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇති අතර ඇතැම් ඒවා කොටස් වශයෙන් ඉතිරිව තිබුණද ඒවායින් ගත හැකි ප්‍රයෝජනයක් ඇතැයි විශ්වාස කළ නොහැකිය.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාල්ටන් නිවෙස, මැදමුලන නිවෙස, එසේම කුරුණෑගල පිහිටි නිවෙසටද ජනතාව හානිකොට ඇති බව දැනගන්නට තිබේ. ගැටුමේදී නිට්ටඹුවේදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ අමරකීර්ති අතුකෝරල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ නිවෙසටද පිරිස් විසින් ගිනි තබා විනාශ කොට ඇති බවත් දැනගන්නට ලැබිණි. එසේම ඉන්දික අනුරුද්ධගේ මරඳගහමුල පිහිටි කාර්යාලය සම්පූර්ණයෙන්ම ගිනිතබා විනාශ කොට තිබුණේ එහි තිබුණු යතුරුපැදි 40ක් 50ක් පමණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම අළු බවට පත්කරමිනි. මේ පහරදීම පටන්ගත්තේ ඉන්දික අනුරුද්ධගේ මීගමුවේ නිවෙසට පහරදීමෙන් පසුවය. ඉන් අනතුරුව මේ නිවෙස ගිනිතබමින් විනාශ කරමින් ඇතිවූ කලහකාරී තත්ත්වය මේ ලියන මොහොත වන විට යම් ආකාරයකින් පහව ගොස් ඇතැයි වාර්තා වේ.

ඉමදූව ප්‍රාදේශීය සභාවේ සභපති ඒ.වී. සරත් කුමාර මහතාගේ නිවෙසට පහරදී, එහි තිබූ දේපොළවලට විශාල වශයෙන් හානි කොට වාහන ගිනිතබා ඇති අතර මේ පහරදීමේදී හෝ ඊට ආසන්න සිදුම්වලදී ඒ.වී. සරත් කුමාර ප්‍රාදේශීය සභාවේ සභාපතිද ජීවිතක්ෂයට පත්ව තිබේ.
එසේම එස්.එම්. චන්ද්‍රසේනගේ අනුරාධපුර කුරන්දකුලම ප්‍රදේශයේ පිහිටි කාර්යාලයට හෝටලයට සහ චන්න ජයසුමනගේ අනුරාධපුර ශික්ෂණ රෝහල අසල පිහිටි කාර්යාලයට බරපතළ ලෙස හානි සිදුකොට තිබේ.

හිටපු ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ පැල්මඩුල්ලේ පිහිටි නිවෙසට, බැසිල් රාජපක්ෂට අයත් බව කියන මල්වානේ නිවෙසට මේ සියලු ස්ථානවලට බරපතළ ලෙස හානි සිදුකර තිබූ ආකාරයද දක්නට ලැබිණි. එසේම මහින්දානන්ද අලුත්ගමගේගේ පදනම ස්ථාපිත කර ඇති නාවලපිටියේ පිහිටි කාර්යාලයට පහරදී ඇති අතර, ඒ ස්ථානය ඉදිරිපිට ටයර් පුලුස්සා විශාල විරෝධතා ව්‍යාපාරයක් දියත් කර තිබූ බව දැනගන්නට ලැබිණි.

උද්ධික ප්‍රේමරත්නගේ කාර්යාලය පවත්වාගෙන ගිය අනුරාධපුර මහනගර සභා නිල නිවාසවල පිහිටි නිවෙසටද කුපිත වූ පිරිස් පහරදී තිබුණේය. මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ මොරටුවේ නිවෙසට ගිනිතබා තිබූ අතර, දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාතගේ නිවෙසට මෙන්ම ඔහුගේ මවගේත්, සොහොයුරාගේත් නිවෙස්වලටද කුපිත වූ පිරිස් ගිනිතබා විනාශ කොට තිබේ. ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු, බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ දිල්රුක් අබේකෝන්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම, කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ගාමිණී අමරවංශ, අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ පුෂ්පලාල් කුමාරසිංහ යන අයගේ නිවෙස්වලද අම්බලන්ගොඩ නගරාධිපති අරුණ ප්‍රදීප්ගේ හෝටලයකට, හබරාදූව ප්‍රාදේශීය සභාවේ උපසභාපති බන්දුපාල අබේකෝන්ගේ සංචාරක නිවාසයකට, මහනුවර නගර මධ්‍යයේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝගම ශාඛාවට පහර දුන්නේ යැයි සැක කරන මහනුවර නාගරික මන්ත්‍රී සංගීත් ද සිල්වාගේ බෝගම්බර පිහිටි නිවෙසට, අනුරාධපුර නගරාධිපති එච්.පී. සෝමදාසගේ නිවෙසට, උතුරුමැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්ගේ කාර්යාලයට විශාල වශයෙන් හානි කොට තිබේ.

අනුරාධපුර මහ නගර සභාවේ මන්ත්‍රීවරියක් වන කුමුදුනී ගුණසේනගේ අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළ අසල පිහිටි නිවෙසටද ගිනිතබා තිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්.ඩී. වීරසිංහගේ සහ ප්‍රාදේශීය දේශපාලකයන් රැසකගේ නිවෙස්වලටද, අනුරාධපුර දේවාලයක් පවත්වාගෙන ගිය ඥානා අක්කාගේ අනුරාධපුර අලුත්නුවර පාරේ පිහිටි නිවෙසට සහ හෝටලයට ගල් මුල්වලින් පහරදී බරපතළ විනාශයක් සිදුකොට තිබේ. එසේම රාජපක්ෂ මවුපියන්ගේ මැදමුලන පිහිටි ස්මාරකය කඩාබිඳ දමා ඇති අතර, එම කෞතුකාගාරයටද බරපතළ හානි කර ඇති ආකාරය දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් බරපතළ හානි සිදුකිරීමෙන් අනතුරුව ජනතාව විසින් මේ අය යන මඟ බාධක යොදමින් ඔවුන්ගේ වාහන පරීක්ෂා කරමින් හැසිරෙන අයුරුද දක්නට ලැබිණි.

ඉරාජ් නමැති ගායකයාගේ මවගේ නිවෙසටද පහරදී තිබුණු අතර, ඇවන්ට්ගාඩ් මූලස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලටද කුපිත වූ පිරිස් විසින් පහරදී බරපතළ විනාශයක් සිදුකොට තිබේ. එසේම යෝෂිත රාජපක්ෂට අයත් බව කියන හෝටලයකටද පිරිස් විසින් ගිනිතබා සම්පූර්ණයෙන් විනාශ කොට තිබිණි. මේ විනාශය කිසිසේත්ම අප විසින් අනුමත කරන හෝ එය සුදුසු යැයි කියනු හෝ එවැන්නක් වියයුතු යැයි නොකියමු. නමුත් ලංකාවේ නීති පිළිබඳ ජනතාවට විශ්වාසයක් ඇති වන ආකාරයෙන් මේ දේශපාලකයන් තමන්ට බලය ඇති අවස්ථාවේදී හැසිරුණා නම් මේ මිනිසුන් පියවර ගන්නේ මීට වඩා සහනශීලී සහ ප්‍රගතිශීලී ආකාරයකටය. එසේම ගෝඨා ගෝ ගම පරිශ්‍රය ඉවත් කිරීමට, ඒ මිනිසුන්ගේ ඉල්ලීම් ඉටුකිරීමට මීට වඩා ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් අනුගමනය කළා නම් තත්ත්වය මීට වඩා සුන්දර වන්නට ඉඩ තිබිණි. නමුත් අසුන්දර ලෙස සියල්ල නිමාවී තිබේ. ගිනිතැබීමෙන් හෝ කඩාබිඳ දැමීමෙන් හෝ විනාශ කිරීමෙන් හෝ කිසි දිනෙක කිසිවක් දිනිය නොහැකි බව ඔබට යළි යළි මතක් කරමින් මේ ලිපිය මෙසේ නිමා කරන්නේ කනගාටුවෙනි. මිනිසුන්ගේ ගේ දොර කඩාබිඳ දැමූ පසු ඒ අයගේ දේපළ විනාශ වූ පසු ඒ අයගේ සම්මාන සහතික ජයග්‍රහණ සියල්ල ගිනිගෙන දැවුණු පසු දැන් ඒ මිනිස්සු කොහේ හෝ සිට හූල්ලනවා විය හැකියි. මිනිසුන් වැරැදි කළා නම්, වැරැදිවලට දඬුවම් දීමේ ක්‍රමවේදයක් තිබේ. ඒ නිසා ආදරණීය මිත්‍රවරුනි, සහෝදරයනි, සහෝදරියනි, අපි මීට වඩා කල්පනාකාරී වෙමු. බල්ලන් සපාකෑමුත් අප බල්ලන් සපාකන්නේ නැත. ඒ නිසා බල්ලන් අල්ලා කූඩුකොට උන්ට අවශ්‍ය නම් බෙහෙත් විද, උන්ව පුනරුත්ථාපනය කොට යළි මුදාහරිනවා විනා බලු කූඩු ගිනිතබා හෝ බල්ලන් මරාදමා හෝ මේ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ඔබට නොතේරෙනවා විය නොහැකිය.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රටට ඩොලර් හොයනවා වෙනුවට ඩොලර් මලු දී අසික්කිත විදිහට මන්ත්‍රීවරු බිලිබාන්න පටන් අරන්! දෙස් විදෙස් ව්‍යාපාරිකයෝ දැන් මෙහෙයුම් අරඹලා! සජබෙ මන්ත්‍රීවරු මේ ඩොලර් මලුවලට යටවෙන්නේ නෑ! විපක්ෂනායක ජාතිය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

සජබෙ සහ ගෝඨා අතර සාකච්ඡා බිඳවැටුණෙ කොහොමද? රිමෝට් එකෙන් ආණ්ඩුව ගෙනියන්න හැදුවේ කවුද? රාජපක්ෂලගෙ නඩු යට ගහන්න හදන්නේ කොහොමද? සල්ලිවලට මන්ත්‍රීවරු බිලී බාගන්න යන්නේ කොහොමද? ඉරාන් මුල් වරට හෙළි කරයි ! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.