සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දින කිහිපයේම ලිපි මගින් අදහස් හුවමාරු වුණා.
ඒ, අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීම සඳහා සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කොන්දේසි හතරක් සම්බන්ධයෙන්.
කෙසේ වෙතත් එම සාකච්ඡා නොසිතූ ආකාරයෙන් බිඳවැටුණු අතර, හදිසියේම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
එම සිද්ධි දාමය තුළ ක්‍රියාත්මක වූ මතුපිටට නොපෙනුණු කතාවක් මේ වනවිට හෙළිදරව් වෙමින් පවතිනවා.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කරුණු සියල්ල අනාවරණ කළ අතර, පහත දැක්වෙන්නේ එම අවස්ථාව ඇතුළත් වීඩියෝවයි.










