අද වනවිට ආණ්ඩුව සෙල්ලම් ආණ්ඩුවක් බවට පත්ව ඇති බව අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පවසති.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ ආණ්ඩුව දිනෙක නීති පනවමින් ගැසට් ගසන බවත්, පසුදින ඒවා ඉවත් කරන බවත්ය.
ආණ්ඩුවට අඩුපාඩු පෙන්වා දෙන්න සූදානම් බවත්, එම අඩුපාඩු පිළිනොපදින්නේ නම් ඊළග පියවර ගැනීමට තමන් වහන්සේ සූදානම් බවත් උන්වහන්සේ කීහ.










