තමන් වහන්සේට මුලින් කරන ලද පීසීආර් පරීක්ෂණය පොසිටිව් වූ නමුත් ඊට විරෝධය පළ කිරීමෙන් පසු සිදු කළ දෙවන පීසීආර් පරීක්ෂණය නෙගටිව් වූ බව මහියංගණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති උරුලෑවත්තේ ධර්‍මකිත්ත නාහිමියෝ සදහන් කළහ.
ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්විය යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.
අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ද වන නා හිමියන් පැවසුවේ තමා සමග පීසීආර් පරීක්ෂණ සිදු කළ තවත් 27 දෙනෙකු පොසිටිව් වූවත්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට විරෝධය පළ කිරීමෙන් පසු සිදු කළ දෙවන පරීක්ෂණයෙන් තමන් වහන්සේ නෙගටිව් වූ බවත්ය.
මේ අතර, මහියංගන රජමහා විහාරස්ථානයේ ව්‍යාපෘතියක නියුක්ත නාවිකයින් 17 කට ආසන්න පිරිසකට කොවිඩ් ධනාත්මක බව තහවුරු වීමත් සමග ඔවුන් වහාම ව්‍යාපෘතියෙන් ඉවත් කර නිරෝධායනය සඳහා යවන ලදි.










