තමන්ගේ නිවසෙහි හිටපු ජනාධිපති ආර්යා හේමා ප්‍රේමදාස මැතිනිය සහ ආණ්ඩුවේ ප්‍රධානියකු හමුවු බවට විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව තිරුකුමාර් නඩේසන් මහතා පැවසීය.
තමන් මේ වනවිට සති කිහිපයක් තිස්සේ සිටින්නේ සිය බිරිය සහ දරුවන් සමග විදේ්ශතගව බවද ඒ මහතා කියයි.
‘මව්රට’ පුවත්පතට විශේෂ ප්‍රකාශයක් එවමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
එම නිවේදනය මෙසේය.
‘මාගේ මූලිකත්වයෙන් මාගේ කොළඹ පිහිටි නිවසෙහි හිටපු ජනාධිපති ආර්යාව වන හේමා ප්‍රේමදාස මැතිනිය සහ ආණ්ඩුවේ ප්‍රධානියකු අතර රහස් සාකච්ජාවක් පැවැත්වූ බවට යම්කිසි දේශපාලන පක්ෂයක නියෝජිතයන් පිරිසික් විසින් ප්‍රකාශ කොට ඇත. දැනට විදේශගතව සිටින මා මෙම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන අතර මා රට තුළවත් නොසිටින අවස්ථාවක මෙවැනි අසත්‍ය ප්‍රකාශ නිකුත් කොට මගේ නම දේශපාලනයට ඈදා නොගන්නා ලෙස සදහන් කර සිටිමි.’