• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රාජපක්ෂලාගේ ආරක්ෂකයා වූ මුසල්මානුවා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 7, 2022
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
රාජපක්ෂලාගේ ආරක්ෂකයා වූ මුසල්මානුවා! (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට පෙර එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය මිග් යානා මිලදී ගැනීමේදී සිදුවූ වංචාවන් හෙළි කිරීම සම්බන්ධයෙන් ලසන්තටත් ඔහුගේ ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතටත් නඩු පවරා තිබුණි. ලසන්ත ඝාතනය වීමෙන් පසු පළමු නඩු දිනය පැමිණි අතර එතෙක් නඩුවට කතා කළ නීතිඥයන් ගල්කිස්සේ උසාවියේ තමන් පෙනී නොසිටින බව දන්වා නඩුවෙන් ඉවත් වුණි. ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතට මේ නඩුව වෙනුවෙන් කතා කරන්න නීතිඥයකු සොයාගත නොහැකි විය. ඒ වේලාවේ ‘සන්ඩේ ලීඩර්’ පිහිටට ආවේ සුමන්තිරන්ය. එවකට ඔහු මන්ත්‍රිවරයෙක් නොවීය. නඩුව අහන දිනයට කලින් දිනයේ හමුදා බුද්ධි අංශ පැමිණ ගල්කිස්ස උසාවිය සහ ඒ අවට දැඩි පරීක්‍ෂාවට ලක්කරනු ලැබීය. එදින උසාවි භූමියට කිසිදු නීතිඥයකුගේ හෝ උසස් නිලධාරීන්ගේ වාහන ඇතුළු කිරීමට ඉඩ දුන්නේ නැත. උසාවි භූමියට හමුදා සහ පොලිස් ආරක්‍ෂාව යොදවා උසාවි භූමිය යුද පිටියක් බවට පත්කොට තිබුණි. නඩුවට එවකට ආරක්‍ෂක ලේකම් ගෝඨාභය පැමිණියේ හමුදාපති, ගුවන් හමුදාපති, නාවික හමුදාපති, පොලිස්පති වටකරගෙනය. විනිසුරුවන් පමණක් නොව නීතිඥයන්ද මේ දසුන දැක බය බිරාන්ත වී සිටියහ. ගෝඨාගේ වම්පසින් ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති වටකරගෙන ආ නීතිඥයෙක් විය. ඔහු වෙන කවුරුවත් නොව අලි සබ්‍රි ය. මොහොමඩ් උවායිස් මොහොමඩ් අලි සබ්‍රිය.

අලි සබ්‍රි උසාවියෙන් නියෝගයක් ගත්තේය. එම නියෝගය නම් මින් පසු ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ කිසිවක් පළ නොකරන බවට වූ වාරණ නියෝගයකි. උසාවියේ නඩුව යන විටදීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ්අඩවියේ ජාතිද්‍රෝහීන් නම් පින්තූරයක් පළ විය. එම පින්තූරයේ සිටියේ එදින ‘සන්ඩේ ලීඩර්’ වෙනුවෙන් පෙනී සිටි සුමන්තිරන් ඇතුළු නීතිඥ පිරිසය. අලි සබ්‍රි වාරණ නියෝගය ගෙන උසාවියෙන් එළියට පැමිණ ගෝඨාභය වෙනුවෙන් ලබාගත් උසාවි ජයග්‍රහණය ගැන මහ හයියෙන් කයිවාරු ගැසුවේය. මිග් ගනුදෙනු චෝදනාවෙන් නිදහස් වෙන්න ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති රැගෙන උසාවි භූමියට ගිය ගෝඨාභය 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජය වීමෙන් පසු නිකම්ම නිකම් චරිතයක් විය. ඔහු තමාව මිග් චෝදනාවට අත්අඩංගුවට ගනීය කියන බයට අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන නියෝගයක් ඉල්ලා උසාවි ගියේය. ඒ වේලාවේ ඔහුව වටකර ගත්ත හමුදාපතිවරු, පොලිස්පතිවරු ආරක්‍ෂක බළකායවල් හිටියේ නැත. ඔහු වටකරගෙන ගියේ නීතිඥයන් පමණි. ඒ නීතිඥයන් අතර ඔහුගේ අසලම හිටියේ අලි සබ්‍රිය.

ඊළඟට ගෝඨාට අලි සබ්‍රිගේ නීතිඥ සේවාව ඕනෑ වූයේ ජනාධිපතිවරණයට තරග කරන්න ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කරන්නටය. ගෝඨා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ බව පළමු වරට රටට කීවේ අලි සබ්‍රිය.

එහෙව් අලි සබ්‍රිව ගෝඨා ජනාධිපති වූ විගස ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන අධිකරණ ඇමැති කළේය. තමාට එරෙහි දූෂණ චෝදනාවලින් තමාව බේරාගත් නීතිඥයාට තමන් ජනාධිපති වූ විගස අධිකරණ ඇමැති ලෙස පත්කරපු ජනාධිපතිවරයෙක් ලෝක ඉතිහාසයේවත් නැත.

ඊළඟට ගෝඨාට අලි සබ්‍රිව ඕනෑ වූයේ තරුණ, තරුණියෝ පාරට බැහැල ගෝඨා ගෝ හෝම් කියල කෑගහද්දීය. තමාව හිරේ නොයවා බේරාගත් අලි සබ්‍රි තමාව ගෙදර නොයවා බේරා ගනු ඇතැයි සිතා ගෝඨා අලි සබ්‍රිව මුදල් ඇමැති ධුරයට පත්කළේය. අලි සබ්‍රි මුදල් ඇමැති ධුරයට පත්කළ දිනම ධුරයෙන් ඉවත් විය. පසුව මුදල් ඇමැති ධුරය බාර ගන්න කෙනෙක් නැහැ කියල ඔහු මුදල් ඇමැති ධුරය බාරගත්තේය.

‘ගෝඨාව හිරේ නොයවා බේරා ගත් අලි සබ්‍රි ගෝඨාව ගෙදර නොයවා බේරයිද…?’

අලි සබ්‍රි නීතිඥයෙකි. ඔහු නීතිඥයෙක් ලෙස ප්‍රකට වූයේ ගෝඨාගේ නඩු කතා කරලාය.

‘එහෙව් අලි සබ්‍රිට මේ වගේ ආර්ථික අර්බුදයකින් රට ගොඩගන්න පුළුවන්ද..?’

අලි සබ්‍රි මුදල් ඇමැති ධුරයට පත්වී වොෂින්ටන් ගියේ රටට බලාපොරොත්තුවක් දීලාය. එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක්, 4ක් රටට ගේන්න තමාට පුළුවන් යැයි ඔහු වොෂින්ටන් යන්න පෙර රටට නොව ලෝකයාටම ඇහෙන්න කීවේය. ඔහු වොෂින්ටනයේ මූල්‍ය අරමුදලේ නිලධාරීන් හමුවී කීවේ සාකච්ඡා ඉතා සාර්ථක බවත්, බිලියන 3ක්, 4ක් ලංකාවට හදිසි ආධාර යටතේ ලැබෙන බවත්ය. ඔහුගේ එම නිවේදනයට පසු මූල්‍ය අරමුදලේ ලංකා නියෝජිතවරිය කීවේ ලංකාවට ආධාර දීමට නම් ලංකාව ගත්ත ණය ගෙවන විදිහ පෙන්විය යුතු බවත්, එය කාලයක් ගතවන ක්‍රියාවලියක් බවත්ය.

‘ඒ කියන්නේ අලි සබ්‍රි – ෆේල්ද..?’

අලි සබ්‍රි මුදල් ඇමැති වී වොෂින්ටන් යෑමට පෙරම කීවේ තමා ආර්ථිකයේ අගක් – මුලක් දන්නේ නැහැ කියාය.

‘ආර්ථිකයේ අගක් – මුලක් දන්නේ නැති මිනිසෙක් කොහොමද ආර්ථිකයක් ගොඩ දමන්නේ..?’

1977 මහ ඡන්දය දිනපු ජේ. ආර්. මුදල් ඇමැති ධුරයට පත්කළේ රොනී ද මෙල්ය. මේ රොනීගේ පත්කිරීම ගැන ජේ. ආර්. ජයවර්ධන චරිතාපදානය කියන කතාවය.

‘ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීම සඳහා ඔහු තෝරාගත්තේ තම පක්‍ෂයේ සිටි ඉතාම ක්‍රියාසූර පුද්ගලයන් දෙදෙනාය. මේ දෙදෙනාම අමාත්‍ය පදවිවලට අමුත්තන් වූ අතර එක් අයෙක් වූ රොනී ද මැල් පක්‍ෂයටද අමුත්තෙක් විය. දෙදෙනාම ජේ. ආර්. හඳුන්වා දීමට අදිටන් කරගෙන සිටි ආර්ථික ප්‍රතිපත්තියේ නියාමන මූලධර්ම මනාව වටහාගත් තාක්‍ෂණික ඥානයෙන් සන්නද්ධ අය වූහ. දෙදෙනාම එම ප්‍රතිපත්ති විස්තර කිරීමේ ව්‍යක්ත අය වූ අතර ඒවා පාර්ලිමේන්තුවේදී ආරක්‍ෂා කර ගැනීමට හා ඒ ගැන මහජන වේදිකාවල කතා කිරීමටත් විදේශිකයන් ඒත්තු ගැන්වීම සඳහා සාකච්ඡා පැවැත්වීමටත් හැකියාව ඇත්තෝ වූහ. දෙදෙනා විසින්ම ස්වකීය බුද්ධිමය ශක්‍යතා ප්‍රදර්ශනය කෙරෙමින් විශ්වාසය හා පක්‍ෂපාතිත්වය දිනාගත් දක්‍ෂ නිලධාරීන් පිරිසක් තෝරා ගැනීමටද සමත්වූ බැව් පෙනුණි. දෙදෙනාගේම හැකියාවන් මනාව ප්‍රදර්ශනය වුණේ තමන්ට නියමිත ක්‍ෂේත්‍රවල සියුම් තැන් ඔවුන් වටහාගත් ශීඝ්‍රතාව නිසාය. මූල්‍යමය කාරණාවලදී අන්තර්ජාතික අංග රොනී ද මැල් එසේ වටහාගත් අතර ලලිත් ඇතුලත්මුදලි වාණිජ කටයුතුවල අන්තර්ජාතික සුවිශේෂතා සැණින් වටහා ගත්තේය. දෙදෙනාම වෙහෙස මහන්සියෙන් වැඩ කිරීමට සමත් පරිපාලන නෛපුණ්‍යයෙන් සමන්විත අය වූහ.

රොනී ද මැල් මීට පෙර නොවූ විරූ පරිදි උසස් ප්‍රතිඵල අපේක්‍ෂිත අය-වැය ලේඛන සංස්කාරකයකු වශයෙන්ද අය-වැය යාන්ත්‍රණ මගින් හා භාණ්ඩාගාර පාලන ක්‍රම මගින් වැදගත් අමාත්‍යාංශ කිහිපයක කටයුතු සම්බන්ධීකරණය කරන්නා වශයෙන්ද ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.’

ජේ. ආර්. රොනීව මුදල් ඇමැති කරල රොනීට මාසයක් විදේශ ගතවෙන ලෙස උපදෙස් දුන්නේය. ඔහුගේ රාජකාරිය වූයේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බටහිර රටවල්වලින් උදව් ලබා ගැනීමට තියෙන අවස්ථා උදාකර ගැනීමය. ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල සමග ඔහුගේ සාකච්ඡා වරක් රොනී විස්තර කළේ මෙසේය.

‘අපි අතර දිගු සාකච්ඡා තිබුණා. වාද-විවාද තිබුණා. දිගු එකඟතා ඇති වීම, රණ්ඩු සරුවල් තිබුණා. අපි අතර සැක සහිත බව තිබුණා. මූල්‍ය අරමුදලයි අපියි අතර සම්බන්ධය ලව් හේට් (ආදරය සහ වෛරය) අතර සම්බන්ධයක් වගෙයි. මම වරක් ලෝක බැංකු ප්‍රධානී රොබට් මැක්නමරා සහ මූල්‍ය අරමුදල ප්‍රධානී ලංකාවට ගෙන්වා ගත්තා. මැක්නමරාව පුංචි ගමකට අරන් ගිහින් පොල්අතු පැලක දවල් ආහාරය ගන්න සැලැස්සුවා. ඔහු ලංකාවේ ගොවියන්ගේ දුක එදා තේරුම් ගත්තා. මම කිව්වා වොෂින්ටනයේ ඉලක්කම්වලින් මේ ප්‍රශ්න බලන්න එපා කියලා…’

ජේ. ආර්.ට මහවැලිය හදන්න පොලී රහිත හෝ අඩු පොලියට මුදල් ආධාර ඕනෑ වූ විට රොනී ලෝක බැංකුව සහ මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළේය. ඔවුන් කෘෂිකර්මාන්තය නන්වන්න ආධාර දීම ප්‍රතික්‍ෂේප කළේය. රොනී ජේ. ආර්.ට වොෂින්ටනයේ සිට ඒ බව දැනුම් දුන් විට ජේ. ආර්. කීවේ වහාම වොෂින්ටනයේ සිට මූල්‍ය අරමුදලට ලෝක බැංකුවට මුදල් ආධාර දෙන බටහිර රටවල්වල නායකයන් හමුවන ලෙසය. රොනී ඒ නායකයන් හමුවෙන්න ලෝකෙ වටේ ගියේය. ඔවුන් ආධාර කරන්න එකඟ විය.

1988 ජනාධිපතිවරණයට යූ.ඇන්.පී.යෙන් ප්‍රේමදාස ඉල්ලන විට ඔහු ‘ජනසවිය’ නමින් දුප්පතුන් සවිමත් කරන වැඩසටහනක් පටන්ගත්තේය. ප්‍රේමදාස කීවේ තමන් ලෝක බැංකුවෙන් ඒ සඳහා ප්‍රතිපාදන ලබාගන්නා බවය. එවකට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රේමදාසට අපහාස, උපහාස කළේ ඕවාට සල්ලි දෙන්න ලෝක බැංකුවට පිස්සු නැහැ කියාය. ජනසවිය වැනි සුබසාධන වැඩපිළිවෙළවල්වලට ලෝක බැංකුව සල්ලි නොදෙන බව මෙරට ආර්ථික ඔස්තාර්ලාද කීහ. ප්‍රේමදාස ජනාධිපති වූ විගස ලෝක බැංකුවට නියෝජිත පිරිසක් යැව්වේ ‘ජනසවිය’ පිනට දෙන එකක් නොව අයකර ගතහැකි ණයක් කියාය. ලෝක බැංකුව ආධාර දීමට එකඟ විය. ‘ජනසවිය’ සාර්ථක වැඩපිළිවෙළක් විය. නමුත් 1999 චන්ද්‍රිකා බලයට ඇවිත් එහි නම සමෘද්ධි ලෙස වෙනස් කොට එය පාක්‍ෂිකයන් නඩත්තු කරන කොම්පැනියක් බවට පත්කර ගත්තාය.

ජේ. ආර්. සහ ප්‍රේමදාස මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සමග ගනුදෙනු කළේ එහෙමය.

ඒකට වැඩපිළිවෙළක් තිබුණි. ක්‍රමෝපායන් තිබුණි. අද වෙලා තියෙන්නේ අලි සබ්‍රි අද මුදල් ඇමැති වී හෙට මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට යෑමය. ගෝඨා ඔහුව මුදල් ඇමැති කළේ ගෝඨා පමණක් නොව රාපක්‍ෂ පවුලම ආරක්‍ෂා කර ගන්නටය. අලි සබ්‍රි පසුගිය සතියේ පාර්ලිමේන්තු කතාවේදී කීවේ ඔහු ක්‍රිකට් කණ්ඩායමේ ‘නයිට් වොච්මන්’ කියාය. ඔහු ඇත්තටම රාජපක්‍ෂ පවුලේ වොච්මන්ය. ඔහුගේ රාජකාරිය ඒකය. මුසල්මානුවකු රාජපක්‍ෂ පවුලේ ආරක්‍ෂකයා වීම දෛවයේ සරදමකි. පාස්කු ප්‍රහාරයෙන් පසු අස්ගිරි මහ නායක හිමි මයන්ත දිසානායක උන්වහන්සේ බැහැදැකීමට ආ විට කතාවක් කළේය.

‘මාත් කියනවා මුස්ලිම් කඩවල්වලට යන්න එපා. ඒ කඩවලින් කන්න, බොන්න යන්න එපා. අපේ ජනතාවට වස, විෂ දීපු අපේ ජනතාව විනාශ කරන්න උත්සාහ කරපු පිරිසක්…’

මේ උන්වහන්සේ කළ කතාවය. උන්වහන්සේ පමණක් නොව මාගල්කන්දේ සුදත්ත හිමි, මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුළු 2019 ගෝඨා ජනාධිපති කරවන්න කැපවූ හිමිවරුද, විමල්ලා, උදයලා, අලුත්ගමගේලා ඇතුළු පොදුජන පෙරමුණු නායකයන්ද, මුස්ලිම්වරුන්ට ප්‍රබල ඇමැති ධුර දීමේ භයානක කම ගැන මහ හඬින් කීහ.

හැබැයි අද මුසල්මානුවෙක්ම ඒ ආණ්ඩුවේත්, රාජපක්‍ෂවරුන්ගේත් ආරක්‍ෂකයා වී තිබීම දෛවයේ සරදමක් වැනිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පොහොට්ටුව මට ජන්දය දීපු වෙලාවෙ ඉඳන් මම පොදු ජනතාවගේ හතුරෙක් වෙලා! ඒ හින්දා මට මේ තනතුර එපා! එල්ල වූ ජනතා විරෝධය නිසා එක දවසින් තනතුර අතහැරි සියඹලාපිටිය ජනපතිට යැවූ ලිපිය මෙන්න!

Next Post

විමල් රටටම කියපු බොරුව අතේ පත්තු වෙයි! මම ලංකාවෙ ඇත්තෙත් නෑ! මේ කතාව සම්පූර්ණයෙන්ම බොරුවක්! තිරුකුමාර් ඩුබායි සිට කතා කරයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.