කෘෂිකර්ම අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ උපකුලපති මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පත් කිරීමට පියවර ගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ රෝහණ පුෂ්පකුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු අමාත්‍යවරයා විසින් මෙම පත්කිරීම සිදු කොට ඇත.
නාවලපිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට හේතුව පෞද්ගලික හේතුවක් බව දැනුම් දී ඇති බවය.









