රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.Sri Lanka Latest News
තත්ත්වය පාලනය කිරීම සඳහා එම වසරවල් දෙකේ සිසුන් තාවකාලිකව අදාළ පරිශ්‍රයෙන් ඉවත් කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
පෙරේදා (19) පැවැති ක්‍රිකට් තරගයක ලකුණු සම්බන්ධයෙන් ඇතිවූ මතගැටුමක් හේතුවෙන් ගැටුම හටගෙන ඇති අතර පසුව එය සමථයකට පත්වී ඇත.
කෙසේවෙතත් ඊයේ (20) දිනයේදී ද අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිවීම හේතුවෙන් සිසුන් 6 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.
මේ වනවිට අදාළ ගැටුමට සම්බන්ධ සිසුන් කඹුරුපිටිය පොලීසියට ගෙන්වා විමර්ශන සිදුකරමින් සිටින බවද වාර්තා වෙයි.










