ගල්කිරියාගම ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් අභීනවයෙන් ඉදිකළ තෙමහල් ධාතු මංදිරය බිඳ එහි වැඩසිටි කරඬූන් වහන්සේ තුළ තැන්පත් කර තිබූ මැණීක් ගල් රැසක් හා මුදල් සොරකම් කර ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලිසිය පරීක්ෂණ අරඹා තිබෙනවා. Sri Lanka Latest News
සොරුන් විසින් මෙලස බිඳ ඇත්තේ ගල්කිරියාගම පහමිණීයාගම සිරිසදහම් විහාරයට අයත් අභීනව තෙමහල් ධාතු මංදිරයයි.
මෙම විහාරස්ථානය විචිත්‍ර ධර්ම කථීක පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ගොඩනඟන ලද එකක් වන අතර උන්වහන්සේ වර්තමානයේ වැඩ වසන විහාස්ථානය ද වෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ලැබී ඇති පැමිණීල්ලක් අනුව ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිට එම සිද්දිය සම්බන්ධයෙන් විමර්ශන අරඹා තිබෙනවා.
ඊයේ (07) රාත්‍රීයේ පැමිණ ඇති කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු ධාතු මංදිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුලුව ඇති බවයි පොලිසිය පවසන්නේ. තෙමහල් ධාතු මංදිරයට ඇතුළු වූ සොරුන් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එම සොරකම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
කරඬූන් වහන්සේගේ තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණීක් ගල් 19ක් මෙලෙස එම සොරුන් විසින් සොරකම් කරගෙන ගොස් තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ එම ධාතු මංදිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් තොගයක් ද සොරකම් කර ගෙන ගොස් ඇති බවයි.
සොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති මෙම අභීනව තෙමහල් ධාතු මංදිරය ඉකුත් මැයි මස 30 වැනිදා ජනාධීපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත වූවක්.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගල්කිරියාගම පොලිස් ස්ථානය මඟින් මේ වනවිටත් පුළුල් විමර්ශන හා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.










