• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරිසරය අමතක කරන ලංකාවේ පරිසර දිනය! Sri Lanka Latest News

June 8, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
පරිසරය අමතක කරන ලංකාවේ පරිසර දිනය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ සුන්දර මාතෘ භූමිය ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් හා මනරම් පරිසර පද්ධතියකින් සමන්විත සුන්දර දිවයිනක්. එකී පරිසර පද්ධතිය හා ජෛව විවිධත්වය රැකගැනීමේ මූලික වගකීම පැවරිලා තියෙන්නේ පරිසර අමාත්‍යාංශයට. සෑම වසරකම ලෝක පරිසර දිනයට සමගාමීව විවිධ උත්සව හා වැඩසටහන් ක්‍රියාත්මක වුණත් ඒවා හුදු සංදර්ශන පමණක් බව ඉතිහාසය පිරික්සීමේදි මනාව පිළිබිඹු වෙනවා. දහසකුත් බලාපොරොත්තු තබාගෙන සිටියත් වර්තමානයේදීත් එහි කිසිදු වෙනසක් සිදු නොවී පෙර පරිදිම ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ඒ නිසයි. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන විශාල ප්‍රමාණයක් තිබුණත් වන ජීවීන්ට හා පරිසර සුරක්ෂිතතාවට මෙන්ම මහපොළොවට දැනෙන යමක් මෙතෙක් සිදු නොවීම අදටත් ප්‍රශ්නයක්. එකී ප්‍රශ්නය ගැන අද කැලෑ කොලමෙන් අපේ අවධානය යොමුකිරීමටයි මේ සූදානම. Sri Lanka Latest News

මෙරට ඉතිහාසයේ පළමු වතාවට පරිසරය කියන විෂය එක් කැබිනට් අමාත්‍යවරයකු යටතට පත්වීම ප්‍රශංසනීය කරුණක් වනවා. එහෙත් ඊට සබැඳි අනෙකුත් රාජ්‍ය ආයතන හා නිලධාරීන් කටයුතු කරනු ලබන්නේ පෙර පැවැති ක්‍රමයටම වීම කනගාටුවට කරුණක්. ඉන් සිදුවනු ලබන්නේ පරිසරයට හා සතාසිවුපාවන්ට කිසිදු සෙතක් අත් නොවීමයි. අපේ රටේ පරිසරයේ ඉතා වැදගත්ම කොටස අයත් වී තිබෙන්නේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි. එය පාලනය කරනු ලබන්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු යටතේයි. ඒත් ඔහුගේ බලතල හා ක්‍රියාපටිපාටිය පෙර පැවැති ආකාරයටම සීමාසහිත වීම ගැන නැවතත් සිතාබැලිය යුතු කාලය එළැඹී තිබේ. Sri Lanka Latest News

පිදුරුතලාගල කඳු මුදුනේ සිට පානම්පත්තුවේ වෙරළ දක්වාද, ඉන් පරිබාහිර සාගරය දක්වාද සියලු වනජීවීන් සුරැකීම, සංරක්ෂණය කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය වනවා. වනජීවී සංරක්ෂණය පසෙක තබා මුදල් ඉපැයීම ප්‍රධාන කාර්යය වීම තුළ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගේ මූලික වගකීමෙන් බැහැරවී ඇත. ඔවුන් උපයන මුදලින් කොතරම් ප්‍රමාණයක් වනජීවී සංරක්ෂණය සඳහා වෙන්කර තිබෙනවාද, ඊට ඇති කෙටිකාලීන හා දිගුකාලීන සැලසුම් මොනවාද? ඇමැතිවරයාට පමණක් සෑම දෙයක්ම සොයාබැලිය නොහැකි බව අපි හැමෝම පිළිගන්නා කරුණකි. එසේනම් සිදුවිය යුත්තේ ඇමැතිවරයාව දැනුවත් කොට අවශ්‍ය ප්‍රතිපාදන හා නීතිරීති සකස් කොට ඔහුගේ උපකාරය ලබාගැනීමයි. ඊට වගකිව යුත්තේ පරිපාලනය භාර නිලධාරීන්ය. ඒවා නොකෙරෙන්නේ ඇයි?

මෙරට පරිසර ප්‍රශ්නයකදී වේවා වනජීවීන්ගේ ප්‍රශ්නයකදී වේවා අදාළ අමාත්‍යාංශය සෑම විටම සිටින්නේ නිද්‍රාශීලීවය. එසේ සිදුවන්නේ ඇයි? විල්පත්තු වන සංහාරය ගැනත් ඔවුන් මුනිවත රැක්කේ එසේමය. පරිසර සංවිධාන සහ පරිසරවේදීන් එම සටන ජය ගත්තා. අග්බෝ ඇතාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන්ද තත්ත්වය එසේමය. වනජීවී ලෝලීන් හා සංවිධාන නොවන්නට අග්බෝ ඇතා මියගොස් මේ වනවිට බොහෝ කාලයක් ගතවී අවසන්ය. ස්කෑන් යන්ත්‍රය පිළිබඳ කතාව ඊට හොඳම උදාහරණය වේ. ආසන්නම උදාහරණය වනුයේ භාතිය ඇතාගේ සිද්ධියයි. මුහුණු පොත, වනජීවී ඡායාරූප ශිල්පීන් හා වනජීවී සංවිධාන නොවන්නට වනජීවීය ක්‍රියාත්මක වූයේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ඊට එල්ලවූ දැඩි බලපෑම නිසා ඔවුන්ට ක්‍රියාත්මක වන්නට සිදුවිය. එහෙම සිදුවන්නේ ඇයි? වරද තිබෙන්නේ කොතැනද?අනෙකුත් වනජීවීන් හා පාරිසරික ප්‍රශ්න පිළිබඳවද මීට වඩා වෙනසක් නොවේ.

මෙරට වනජීවීන් හා ඔවුන්ගේ වාසස්ථාන ආරක්ෂා කිරීම සඳහා වනජීවීයට බලය පැවරී ඇත්තේ 1937 අංක 2 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ පනත මගිනි. එකී පනත යාවත්කාලීන කොට අදාළ නීතිරීති මදි නම්, කාලයට ඔබින ලෙස සකස් කිරීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවල වගකීම වේ. අමාත්‍යවරයාගේ ගුණ ගායනා කිරීම හෝ වන්දිභට්ටකම් කිරීමෙන් පරිසරයට හෝ වන ජීවීන්ට ඇතිවන සෙතක් නැත. ඒ පනතට එක්විය යුතු සංශෝධන ගැන සංවාදයක් මේ වනවිටද ඇතිවී තිබේ. වන සංරක්ෂණය, මධ්‍යම පරිසර අධිකාරිය හා වනජීවී දෙපාර්තමේන්තුව හා අනෙකුත් සබැඳි ආයතන එකට එක්කොට මෙරට පරිසරය සුරැකීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් නොහැකි වී ඇත්තේ ඇයි? එය කිරීමට වර්තමාන රජයට ස්වර්ණමය අවස්ථාවක් දැන් ලැබී ඇත. ඇමැතිවරයා, නිලධාරීන්, බලධාරීන් පරිසරයට සංවේදී විය යුතුය. නමුත් අද සිදු නොවන්නේද එයයි.

අලි – මිනිස් ගැටුමට සාධාරණ විසඳුම් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කොට එම ගැටලුව විසඳීමට ක්‍රියාත්මක නොවන්නේ ඇයි? 2020 වසරේදී සකස් කළ ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, වන සංරක්ෂණය උදෙසා දිගුකාලීන හා මධ්‍යකාලීන වැඩපිළිවෙළක් සැකසීම මිනිසාට මෙන්ම සතා සිවුපාවාටද, ගහකොළවලටද මිහිතලයේ සමාන අයිතිවාසිකම් ඇති බව රාජ්‍ය ප්‍රතිපත්තිය වීම එහි මූලික කරුණු කාරණා බව අපි සඳහන් කළ යුතුය.

අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති, අවිධිමත් කෘෂි ව්‍යාපෘති, තාක්ෂණය මුල්කරගත් කෘෂිකර්මාන්ත ක්‍රමවේද හඳුන්වාදීම යෝජනා කීපයක් ලෙසද සඳහන් කළ හැකිය. ප්ලාස්ටික් හා පොලිස් භාවිතය අවම කිරීම හා ඒවා පරිසරයට මුදාහරින අයට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම අද වනවිට අත්‍යාවශ්‍ය ක්‍රියාමාර්ගයක් වී තිබේ. පරිසර සතියක් හඳුන්වා දීමෙන් පමණක් මෙරට පරිසර ප්‍රශ්න විසඳීමට පුළුවන් යැයි සිතීම රෑ වැටුණු වළේ දවල් වැටීමකි.

පසුගිය දශක තුන හතරක කාලය තුළ සිදුවූයේද සංදර්ශන පමණකි. උදාහරණයක් ලෙස මෙරට වන ගහන සංයුතිය දශක කීපයක් තුළ ඉතා ශීඝ්‍රයෙන් අඩුවී ඇත. වන සංරක්ෂණ ඊට යොදා ඇති වැඩපිළිවෙළ මොනවාද? වෙරළ සංරක්ෂණය, ගංගා, ඇළ දොළ පාරිසරික වශයෙන් දූෂණය වීම වැළැක්වීමට අදාළ රාජ්‍ය ආයතන ගෙන ඇති සාධනීය පියවර මොනවාද? පරිසරය තුළින් මුදල් ඉපැයීම වාගේම ඊට සාපේක්ෂව පරිසර සුරක්ෂිතතාව සඳහා කොපමණ මුදල් ප්‍රමාණයක් වෙන් කොට තිබේද? දියුණු පරිසර සුරක්ෂිතතාවක් සහිත රටක් වන්නට අපේ රට සූදානම්ද?

පරිසරය විනාශ වුවහොත් මෙරට සංචාරක ව්‍යාපාරයට කණකොකා හඬලනුයේ එක රැයකිනි. සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ අපේ රටේ පරිසරය රසවිඳීමට විනා සංචාරක හෝටල්වල ලැගුම් ගැනීමට නොවන බව සියලු දෙනා තරයේ මතක තබාගත යුතුය. ඉදිරි වසර 5ක කාලය තුළ මෙරට පරිසරය හා වනජීවීන් සංරක්ෂණය කිරීම හා පෝෂණය කිරීම වර්තමාන පරිසර අමාත්‍යාංශයේ මූලික වගකීම වන අතර, එය සිදුවන ආකාරය මත මෙරට පරිසරයේ අනාගතය තීරණය වනු ඇත.

කරුණු කාරණා ලබාදීම සම්බන්ධයෙන් පරිසරවේදී සුපුන් ලහිරු ප්‍රකාශ් සහෝදරයාට විශේෂ ස්තුතිය පළකරමු. උපනූපන් පරපුරට නිල්ල පිරුණු රටක හුස්ම ගන්නට හැකි සුන්දර පරිසරයක් මේ නිජබිම තුළ නිර්මාණය කිරීමට කැලෑ කොලමේ අපි සෑම විටම ඉදිරියෙන් සිටිමු. එය අපගේ ප්‍රාර්ථනය වේ.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පසුගිය සතියෙ අනුර ගිහින් විවෘත කරපු කාගම හාමුදුරුවන්ගේ පන්සලේ ධාතු මන්දිරයට හොරු පැනලා! මැණික් ගල් රැසක්-සල්ලි හොරකම් කරන් ගිහින්! Sri Lanka Latest News

Next Post

කවුරු කොහොම මොනවා කිව්වත් සංස්කෘතියට කලාවට වැඩිම සේවයක් කරපු නායකයා කවුද? Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.