මල්වතු මහා විහාර පරිශ්‍රයේ පිහිටි අම්පිටිය විහාරස්ථානය බිඳ එහි තිබූ බව කියන රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් වටිනා මැණික් ගල් තුනක් සොරාගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.Sri Lanka Latest News
අම්පිටිය දළුගොල්ල රජමහා විහාරාධිපති ඇටිපොළ දේවරක්ඛිත හිමි මහනුවර පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත මෙම පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
දොරගුළු කඩා විහාරස්ථානයට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙන අතර පොලිස් නිල සුනඛයින්ද යොදවා පරීක්ෂණ සිදු කළත් මෙතෙක් කිිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වූ බව පොලීසිය පවසනවා.
මල්වතු මහා විහාරය තුළ පිහිටි අම්පිටිය විහාරස්ථානයට යාබඳව තවත් පන්සල් ගණනාවක් තිබෙන අතර මෙම සොරකම කෙසේ සිදු කළේද යන්න පොලීසියට ද ගැටලුවක් ව ඇතැයි වාර්තා වෙනවා.
මල්වතු මහා විහාරයට පිවිසෙන මාර්ගයේ යුද හමුදා ආරක්ෂක කුටියක් ද පිහිටා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන්නේ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මනගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්.










