වත්මන් ආණ්ඩුව කිළිටි ආණ්ඩුවක් වුවත් ජනතාව සහ රට ගොඩගැනීමේ නොකිළිටි අරමුණෙන් යුතුව ඔවුන් සමග සාකච්ඡා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සමගි ජන බලවේගයේ හොරණ ආසන බලමණ්ඩල රැස්වීම ඊයේ (21) අමතමින් විපක්ෂ නායකවරයා ආණ්ඩුවට අවධාරණය කළේ එවැනි නොකිළිටි අරමුණු සමග සෙල්ලම් නොකරන ලෙසයි.
එසේම රාජපක්ෂවරුන්ගෙන් තනතුරු වරදාන ලබාගැනීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නැති බවද සජිත් ප්‍රේමදාස මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.




















