සියළුම රණවිරුවන්ට වෘත්තිය සමිතිවලට,රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට රණවිරු දඩයමට වෘත්තිය සමිති මර්දනයට එරෙහි වීමට පෙළ ගැසෙන ලෙස නාමල් රාජපක්ෂ ඉල්ලීමක් කළේය.Sri Lanka Latest News
රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්ධනය කිරීමට මෙම රජය අසාර්ථක උත්සාහයක නිරතවන බවත් තමා රණවිරුවන් දඩයම් කිරීමට හා වෘත්තිය සමිති මර්ධනයට සැමදා විරුද්ධ වූ බවත් නාමල් රාජපක්ෂ පැවසීය.
විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් නාමල් රාජපක්ෂ පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.










