පොසොන් උත්සවය පැවැත්වීම නිමිත්තෙන් මෙතෙක් කිසිදු වගකිවයුතු නිලධාරියකු පැමිණ සාකච්ඡා කොට නොමැති බව මිහින්තලා විහාරාධිකාරී වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ කියා සිටියේ සියලු උත්සව පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළද පොසොන් රාජ්‍ය උත්සවයට තවම මුදල් ලබා දී නොමැති බවකි.
අද ඒ සම්බන්ධයෙන් විමසා බැලීමට වැඩබලන ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ සමග වචන හුවමාරුවක්ද සිදුවිය.