රජයේ රෝහල් පද්ධතිය සතුව පවතින පෙට් ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් තවත් සති දෙකකින් මුළුමනින්ම නතර වීමේ අවදානමක් මතුව ඇතැයිද මේ හේතුවෙන් පිලිකා රෝගීන්ට දැඩි අපහසුතවෙන් මුහුණ දීමට සිදුවනු ඇති බවද රජයේ විකිරණවිද්‍යා තාක්ෂණ නිලධාරින්ගේ සංගමය අනතරු අගවා සිටියි. (Sri Lanka Latest News)
මෙසේ නතර නතර වීමට නියමිතව ඇත්තේ කොළඹ ජාතික රෝහලේ පෙට් ස්කෑන් යන්‍ත්‍රය බවත් මේ හේතුවෙන් පෙට් ස්කෑන් පරික්ෂණ කරගැනිමට පොරොත්තු ලේඛණයේ රැදී සිටින පිලිකා රෝගීන් දැඩි අපහසුතාවන්ට ලක්වනු ඇති බවත් සංගමයේ සභාපති චානක ධර්වවික්‍රම මහතා පවසා සිටියි.
පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සිටි පුහුණු නිලධාරීන් තිදෙනාගෙන් එක් අයෙක් පසුගිය සතියේ විශ්‍රාම ගොස් ඇති අතර, අනෙක් නිලධාරියා විදේශගත විම හේතුවෙන් මෙම අවදානම මතුව ඇතැයි හෙතෙම සඳහන් කරයි.
මෙම නිලධාරීයා විශ්‍රාම යන බව මීට මාස 5ට පෙර සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දුන්නද බඳවා ගැනීම් නතර කිරීම හේතුවෙන් එම පුරප්පාඩු පිරවීමට නොහැකි වී ඇතැයි හෙතෙම පෙන්වාදේ.
දැනට සේවයේ නියුතු නිලධාරියාට විද්‍යුත් විකිරණයන්ට වැඩි වශයෙන් නිරාවරණය වීමට සිදුවීම හේතුවෙන් ඔහුගේ ශරීර සෞඛ්‍යයට එය අහිතිකර බැවින් සතියකට එක් රෝගියෙකු පමණක් ස්කෑන් පරික්ෂණයට ලක්කරන බවද ඔහු පැවසුවේය.
මෙම පරික්ෂණයන්ද සති දෙකකට සීමාවන බැවින් ඉදිරි සති දෙක තුළ පෙට් ස්කෑන් පරික්ෂණයන් මුළුමනිම නතර කිරිමට සිදුවනුයේ මාස 6ක පොරොත්තු ලේඛණයක් පවතින පසුබිමක් තුළ වීම බරපතල තත්වයක් යැයි හෙතෙම පෙන්වාදේ.
lankasara










