• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් කොරෝනා ප්‍රභේදය ලංකාවේ ව්‍යාප්ත වීමේ අවදානමක් නෑ! සෞඛ්‍ය අමාත්‍යංශය තමයි කියන්නේ! Sri Lanka Latest News

June 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා අස්සේ රටම කළඹපු ‘බොඩිබෑග්’ දහසේ ලියුම
Share on WhatsAppShare on Facebook

දැනට ශ්‍රී ලංකාවේ නව COVID – 19 ප්‍රභේදයක් ව්‍යාප්තවීමේ අවදානමක් නොමැති බැවින් අනිසි බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි. Sri Lanka Latest News

ඔහු මෙලෙස සඳහන් කරන්නේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කරගනිමින් නිවේදනයක් නිකුත් කරමිනි.

රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි

පසුගිය සති කිහිපයේ දී ආසියානු රටවල් කිහිපයක COVID – 19 ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබුණු බවත්, මෙම තත්ත්වය යටතේ ප්‍රජාව තුළ රෝගයට මුහුණ දීමේ ඇති හැකියාව අඩුවීම ඇතුළු සාධක කිහිපයක් හේතු විය හැකි බවත්, මෙය සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික මට්ටමින් සූදානම් වීම සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ත්‍රීව්‍ර කර ඇති බවත්, අමාත්‍යංශ ලේකම්වරයා නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

ලේකම්වරයාගේ නිවේදනයට අනුව COVID – 19 සඳහා සායනික සාම්පල පරීක්ෂා කරනු ලබන ඒකාබද්ධ ශ්වසන ආවේක්ෂණය රට පුරා තෝරාගත් රෝහල්වල අඛණ්ඩ ව සිදුවෙමින් පවතී. එමෙන්ම ආවේක්ෂණයට අනුව දැනට COVID 19 රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් නොකරයි. තව ද ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි වසංගත තත්ත්ව කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය රසායනාගාර ආවේක්ෂණ පද්ධතිය ද සක්‍රීයව ක්‍රියාත්මක වන බව ද නිවේදනයේ දක්වා ඇත.

වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම්

කලින් කලට අනෙකුත් ශ්වසන රෝග (උදා: ඉන්ෆ්ලුවෙන්සා) මෙන්ම, COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් ඇතිවිය හැකි බව ද, දැනට සාමාන්‍ය ජනතාවට ඇති අවදානම අඩු මට්ටමක පවතින බව ද කෙසේ වෙතත්, වැඩිහිටියන්, ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින් සහ නිදන්ගත රෝග ඇති පුද්ගලයින් යනාදි වැඩි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් කෙරෙහි විශේෂ අවධානයකින් සිටීම වැදගත් බව ද එම නිවේදනයේ සඳහන් කර ඇත.

නිතර අත් සේදීම, කැස්ස සහ කිවිසුම් යන විට නාසය සහ මුඛ ආවරණය කිරීම ඇතුළු මූලික සනීපාරක්ෂක පිළිවෙත් සහ ශ්වසන ආචාර විධි නිරන්තරයෙන් පවත්වා ගත යුතු බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පදනම් කර ගනිමින් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවැරදි සහ කාලීන තොරතුරු මහජනතාවට ලබාදීම සඳහා මනා සුදානමකින් පසුවන අතර, ඇති විය හැකි වසංගත තත්ත්වයන්ට මුහුණ දීම සඳහා රෝහල් පද්ධතිය ද සූදානම් කර ඇත.

COVID-19 තත්ත්වයේ කාලයත් සමග සිදුවන වෙනස්කම් පිළීබඳ සෞඛ්‍ය බලධාරීන් අවධානයෙචන් සිටින අතර, ඔවුන් නිල වශයෙන් ලබාදෙන තොරතුරු කෙරෙහි පමණක් අවධානය යොමු කරන ලෙස ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

SendShareShare
Previous Post

ජනාධිපතිකම තිබ්බත්-තුනෙන් දෙකක් තිබ්බත් මේ ආණ්ඩුව දුර්වලයි! රාජ්‍ය පරිපාලනය බිඳ වැටිලා! ඉතා කනගාටුදායකයි! බරපතළයි! අනතුරුදායකයි! VIDEO I Sri Lanka Latest News

Next Post

වැඩේ හරි! අපිට 59ක් ඉන්නවා! 16 අපි කොළඹ බලය අල්ලනවා! සජබෙ හීන දකිනවා! ඉවසගෙන බලන් ඉන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Load More
දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

විපක්ෂය එකමුතු වූ දිනයේ බොහෝ පක්ෂ නායකයන් ආණ්ඩුවට විරෝධය පළකළ යුතු ආකාරය පිළිබඳ විවිධ යෝජනාද සිය කතාවන්වලදී ඉදිරිපත් කළ ආකාරය දැකගත...

Read more
බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.