• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාත්‍යන්තරය පිළිගන්න විගණකාධිපතිවරයෙක් පත් නොකර ආධාර සමුළු කැඳවලා වැඩක් නෑ! ඉස්සෙල්ලාම හැමෝම පිළිගන්න විගණකාධිපතිවරයෙක් පත්කරන්න! වමද දකුණද කියලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෝකෙට කියන්න! ජාත්‍යන්තරයට දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා විශ්වාස නෑ! මොනවා කළත් වැඩක් නෑ රාජ්‍ය නායකයන්ට ටෙලිෆෝන් එකෙන් කතාකරන්න පුළුවන් නායකයන් නැත්නම්..! VIDEO I Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විසුරුවපු පළාත් පාලන ආයතන යළි පිහිටුවන්න කැටගොඩ-සංජීව ගෙනාපු යෝජනාව අතේ පත්තු වෙලා! පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑ! ජනමත විචාරණයකුත් ඕනෑ! නීතිපති දැනුම් දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජනබලවේග ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘රටට බලපෑ ව්‍යසනයෙන් වැඩිම හානියක් සිදුවුණේ මහනුවර දිස්ත්‍රික්කයට. මෙම ව්‍යසන තත්ත්වයෙන් රට ගොඩ ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළත් පාර්ලිමේන්තුවෙන් පිටතත් සමගි ජනබලවේගයේ සම්පූර්ණ සහාය ආණ්ඩුවට ලබාදීමට සූදානම් වෙනවා. ව්‍යසනයෙන් පසු ආණ්ඩුව රටට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී යම් ප්‍රමාදයක් දකින්න ලැබෙනවා. මෙය රජයට සිදුකරන චෝදනාවක් නෙවෙයි. මේ පිළිබඳව රජය දැනුම්වත් කරන්නයි සමගි ජනබලවේගය කටයුතු කරන්නේ.

ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ ව්‍යසනයෙන් බලපෑමට ලක්වුණ පවුල් 55,804 ක් තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්කාර්යාල වලින් තමයි මෙම දත්ත සියල්ල ලබාගැනීමට කටයුතු කළේ. ආණ්ඩුව පොරොන්දු වූ පරිදි මෙම පවුල් සියල්ලටම රුපියල් 25,000 ක මුදල ලබාදෙන්න කටයුතු කළ යුතුයි. නමුත් මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 22,172 කට පමණයි එම වන්දි මුදල ලැබී තිබෙන්නේ. ඉතුරු පවුල්වලටත් වහාම එම දීමනාව ලබාදෙන්නැයි සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම නිවාසවලට අවශ්‍ය භාණ්ඩ ගැනීම රුපියල් 50,000 ක් ලබාදෙන බව රජය ප්‍රකාශ කළා. නමුත් අදවනතුරු මහනුවර දිස්ත්‍රික්කයේ කිසිම නිවසකට එම දීමනාව ලබාදීලා නැහැ. ඒ වගේම මියගිය පුද්ගලයෙකුට ලක්ෂයට මුදලක් ලබාදෙන බව ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් ඇතැම් අවස්ථාවලදී ලබාදී තිබෙන්නේ රුපියල් 50,000 යි. ඒ වගේම පාසල් දරුවන්ට රුපියල් 25,000 ක් ලබාදෙන බව කිව්වත් එම මුදල තවම ලබාදීලා නැහැ. කෙසේ නමුත් විපතට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට රජය කටයුතු කළ යුතුයි.

ඒ වගේම අනාථ කඳවුරු 95 ක් මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටුවා තිබෙනවා. එම කඳවුරුවල පවුල් 2084 ක් සිටිනවා. අනාථ කඳවුරු 6634 ක් ජනතාව ජිවත් වෙනවා. මෙම පිරිස් රඳවා තිබෙන්නේ ආගමික ස්ථානවලයි. කෙසේ නමුත් මෙම ජනතාවට කඳවුරුවලින් ඉවත්වන ලෙස දන්වා තිබෙනවා. නමුත් එම ජනතාවට යන්න තැනැක් නැහැ. ඒ ජනතාවගේ නිවාස සම්පුර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙනවා. නිවාස නැති ජනතාවට නිවාස ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන තෙක් තාවකාලික කුඩාරම් හෝ ලබාදීමට රජය කටයුතු කළ යුතුයි. එවැනි ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස සමගි ජනබලවේගය රජයෙන් ඉල්ලා සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සමස්ථ කන්ද උඩරටටම නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. නමුත් එවැනි තත්ත්වයක් මහනුවර දිස්ත්‍රික්කය තුළ නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මහනුවර දිස්ත්‍රික්කයේ නිශ්චිත වශයෙන්ම නාය යෑමේ ප්‍රදේශ හඳුනාගෙන තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මම සොයා බැලුවා. නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඒ සඳහා සාර්ථක පිළිතුරක් ලබාදීමට කටයුතු කළේ නැහැ. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය පිරිස මේ මොහොතේ නැහැ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහා අවශ්‍ය පිරිස ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය රාජකාරී ආරම්භ කර තිබෙන්නේ මෙම ව්‍යසනයෙන් පසුයි. ඒ නිසා නිසි තොරතුරුක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් ලබාගැනීම අපහසුවී තිබෙනවා.

ඒ වගේම මහනුවර වැව රවුම , උඩවත්ත කැළය , අනියවත්ත , බහිරව කන්ද , හන්තාන පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වාර්තාවක් නැහැ. නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සහ භු විද්‍යා හා පතල් කැණිම් කාර්යාංශය සියලුම වාර්තාව අදාල ස්ථානවලට ලබාදුන් බව පසුගිය කාලයේ ප්‍රකාශ කළා. නමුත් නිශ්චිත වශයෙන්ම මහනුවර නාය යෑමේ අවදානමක් තිබෙන ප්‍රදේශ පිළිබඳව තවම දැනුම් දී නැති බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. ඒ වගේම මහනුවර දළදා මාළිගාවට පිටුපස තිබෙන උඩවත්ත කැළය අවදානම් නැති බවට වාර්තාවක් ලබාදී තිබෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රකාශ කළා. නමුත් අනෙකුත් ප්‍රදේශවල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පර්යේෂණ කටයුතු සිදුකරන්නේ ව්‍යසයෙන් පසුව බවයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් මහනුවර සෑම ප්‍රදේශයක්ම නාය යන්නේ නැහැ. කෙසේ නමුත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ කාර්යය මණ්ඩලය වැඩි කොට ඉක්මනින් නාය යෑමේ අවදානමක් සහිත ප්‍රදේශවල තොරතුරු ගන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ව්‍යසනයෙන් විනාශ වුණ යටිතල පහසුකම් කඩිනමින් සකස් කරන්න මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු කන්ද උඩරට ප්‍රදේශයට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා.

ඒ වගේම නාය යෑමට ලක්වුණ ප්‍රදේශ වහාම හඳුනාගන්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයෙන් සමගි ජනබලවේගය ඉල්ලා සිටිනවා. එවිට අවදානම් කලාපවල සිටින පිරිස් ඉවත් කර ගැනීමට හැකියාව තිබෙනවා. මුලු කන්ද උඩරටම නාය යන බව ප්‍රකාශ කිරීමෙන් ජනතාව දැඩි බියකට පත්ව සිටිනවා.ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට අවශ්‍ය කාර්යය මණ්ඩලය ලබාදී එම කටයුතු කඩිනම් කරන්න රජය කටයුතු කළ යුතුයි.

ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුලුවක් පවත්වන්න රජය සුදානම් වෙනවා. මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පළමුව යෝජනා කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. නමුත් ඒ පිළිබඳව ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් ලබාදුන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පටු අරමුණක් ඇතිව කටයුතු කරන පුද්ගලයෙක් නෙවෙයි. ඔහු රට ගැන හිතලයි දේශපාලනය සිදුකරන්නේ. ජාත්‍යන්තර ආධාරක සමුලුවක් පවත්වන්න පෙර රටට පිළිගත හැකි විගණකාධිපතිවරයෙක් පත්කළ යුතුයි. ජාත්‍යන්තරයට විශ්වසනිය පුද්ගලයෙක් විගණකාධිපතිලෙස පත්වුණොත් පමණයි ජාත්‍යන්තරය රටට මුදල් ලබාදෙන්නේ. නැතිනම් ජාත්‍යන්තරය රටට මුදල් ලබා දෙන්නේ නැහැ. එම පුද්ගලයා පිළිබඳව විපක්ෂයටත් විශ්වාසයක් ඇති විය යුතුයි. ජාත්‍යන්තරය උදව් කරන්නේ ලැබෙන මුදල් නිසියාකාරව භාවිතාවන බවට තහවුරු වුණොත් පමණයි. රජය එය තේරුම් ගත යුතුයි. ජාත්‍යන්තරයෙන් ලැබෙන මුදල්වලින් වෙන වෙන කටයුතු කළාත් ආධාර ලැබෙන්නේ නැහැ. ඒ වගේම රටේ ප්‍රතිපත්තිය පිළිබඳව කිසිදු මාර්ග සිතියමක් නැහැ. වර්තමාන රජයට පැහැදිලි ප්‍රතිපත්තියක් නැති නිසා ලෝකයේ දක්ෂිණාංශික සහ වාමාංශික රටවල් ලංකාවේ රජය දෙස බලන්නෙත් සැකයෙන්. රජයේ ප්‍රතිපත්තිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබුණොත් පමණයි ජාත්‍යන්තරය රටට උදව් ලබාදෙන්නේ. විශ්වසනිය විගණකාධිපතිවරයෙක් පත් කළොත් පමණයි රටට ආධාර ලැබෙන්නේ.

ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවීමේදී රජය පිළිබඳව විශ්වාසයක් ඔවුන්ට ඇති කළ යුතුයි. ලිපි ලියු පමණින් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න හැකියාවක් නැහැ. මෙවැනි කටයුතු සිදුකිරීමේදී විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන්නේ තිරය පිටුපස සිටයි. ලක්ෂ්මන් කදිරගාමර් මහතා විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස තිරය පිටුපස කළ වැඩ නිසයි සුනාමියෙන් පසු රටට විශාල ආධාර තොගයක් ලැබුණේ. එවැනි ශක්තියක් තිබෙන පිරිසක් වර්තමාන රජයේ නැහැ. දූරකතනයෙන් ලෝක නායකයන්ට කතා කරන්න පුලුවන් පිරිස් ආණ්ඩුවේ නැහැ. තිරණ පිටුපස වැඩකොටස නිවැරදිව සකස් නොවුණහොත් ජාත්‍යන්තර ආධාරක සමුලුවක් කැදවන්න අපහසුයි.

ඒ වගේම රජයට ජනතාව ලබාදී තිබෙන වරම ඉටු කරන්න අපි කාලයක් ලබාදිය යුතුයි. අපිට ආණ්ඩු පෙරලන්න අවශ්‍ය වන්නේ නැහැ. ආණ්ඩුවට රට භාර දි තිබෙන්නේ කෙටි කාලයකටයි. රටේ සියලුම දේවල් ආරක්ෂා කර ගන්න විශ්වාසයක් ඇතිව රජයට කෙටි කාලයකට වරමක් ජනතාව ලබාදිලා තිබෙනවා. ඒ සඳහා අකුල් හෙලන්න සමගි ජන බලවේගයට අවශ්‍ය වෙන්නේ නැහැ. රට නගා සිටුවන්න සේවකයක් කළ නායකයන් රටේ සිටිනවා. රජය ඔවුන්ගෙන් උපදෙස් ගන්න. ඔවුන් සතුව විශාල සම්බන්ධතා රැසක් තිබෙනවා. ඒ සියලුම දෙනාගෙ සහාය ලබාගන්නැයි රජයෙන් ඉල්ලා සිටිනවා.‘‘

SendShareShare
Previous Post

31 ඡන්දය තීරණාත්මකයි! කොළඹ නගරාධිපතිනි බල්තසාර් ෆේස්බුක් එකේ සටහනක් තබයි! I Sri Lanka Latest News

Next Post

ගංජා යායයි – මන්ත්‍රි හාමුයි – පොලිසියෙ වැඩ තිතට බේරයි! Sri Lanka Latest News

MORE NEWS

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Uncategorized

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

ගල්කිස්ස, ටෙම්ප්ලර්ස් පාර ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ සිදු කිරීමට ගිය වෙඩි තැබීමේ උත්සාහයක් ගිනිඅවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ව්‍යර්ථ වී ඇති...

Read more
මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.