• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංජා යායයි – මන්ත්‍රි හාමුයි – පොලිසියෙ වැඩ තිතට බේරයි! Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ගංජා යායයි – මන්ත්‍රි හාමුයි – පොලිසියෙ වැඩ තිතට බේරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාලිමාවේ මන්ත්‍රී ශාන්තගේ සිදුවීම දැන් අතිශය නරක අතට හැරෙමින් තියෙනවා. ඔහුට සම්බන්ධ ඉඩමක ගංජා පැළ තියෙන බවට, ඔහුගේ ඥාතියකු ඊට සම්බන්ධ බවට විවිධ කතන්දර සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් යනවා. ඒ චෝදනාවලට ඔහු නිවැරදිකරුවා බව විවිධ තැන්වල කියවෙමින් තියෙනවා. එතකොට ඔහු පොලිස් නිලධාරියෙක්ට පහරදුන් බවට බරපතළ චෝදනාවක් එල්ල වෙනවා. මේ පොලිස් නිලධාරියාගේ අපි දන්නා තරමට මේ වෙද්දී වැඩ තහනම් වෙලයි තියෙන්නේ. පොලිසිය පොලිසිය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැතුව මේ මොහොතේ නිසි ආකාරව වැඩ කරනවා. පොලිසිය මේ පුද්ගලයා බීමතින් හිටියාද කියලා පරීක්ෂණයක් කරනවා. ඔහුගේ මුවෙන් මත්පැන් ගඳ වහනය වූ බව කියනවා. ඒකට හේතුව ඔහුගේ මුහුණට මත්පැන් ගැහුවා කියනවා. ඊට පස්සේ ඔහුගේ රුධිර පරීක්ෂාව කරනවා. ඊට පස්සේ ඔහුගේ යූරින් පරීක්ෂාව කරනවා. මුත්‍රා පරීක්ෂණයෙන් ඔහු මත්පැන් බීලා තිබුණේ නෑ කියලා හෙළිවෙන්න පටන් අරගන්නවා.Sri Lanka Latest News

මන්ත්‍රීවරයා සම්බන්ධව බරපතළ චෝදනාවක් දිගින් දිගටම එල්ල වෙනවා. මේ එල්ලවීමත් එක්ක මේ එල්ලවෙන චෝදනාව විපක්ෂය විසින් පුළුවන් තරම් දුර ඉදිරියට අරගෙන යනවා. දැනටත් ඒ චෝදනාව ඒ විදියට මොහුට තියෙනවා. නමුත් ඔහු ඒ චෝදනාවට නිවැරදිකරු බව මාලිමාවේ දේශපාලකයෝ ඉතාම වුවමනාවෙන් කියා සිටිනවා. ඇත්තටම තුන්වැනියෝ විදිහට අපි දන්නේ ඉදිරිපත් වන සාක්ෂි කරුණු සහ චෝදනා යෝජනා ගැන පමණයි.

අපි දන්නවා මාලිමාවේ දේශපාලනය තුළත් තිබුණේ මේ විදිහටම බරපතළ චෝදනා එල්ල කිරීම් තවත් පක්ෂයකට තවත් කණ්ඩායමකට. මේ වෙලාවේ මාලිමාවට විඳින්න වෙලා තියෙන්නේත් ඒ අවාසනාවන්ත ඉරණමමයි කියලා අපිට හිතෙනවා. අපිට නිගමනවලට එළඹෙන්න පුළුවන්. අපිට හිතෙන දේවල් කියන්න පුළුවන්. නමුත් අපි හිතන දේවල් කිව්වා කියලා ඒක කිසිසේත්ම රටකට වැදගත් වෙන්නේ නෑ. ඒ නිසා අපි බලාගෙන ඉන්නේ සිදුවීමක සත්‍ය අසත්‍ය හෙළිවෙන තුරු. නමුත් අපිට මෙහෙම කියන්න පුළුවන්. යම් හෙයකින් මේ වගේ බරපතළ චෝදනාවක් මාලිමාවේ හෝ කුමන හෝ කණ්ඩායමක මන්ත්‍රීවරයෙක්ට එල්ල කරලා ඔහු ඒක කරලා නැත්නම් ඒක ඉතාම නරක තත්ත්වයක්. මොකද මේ චෝදනාව ඒ තරම් බරපතළයි. යම්කිසි විදියකින් මේ වගේ දේශපාලකයෙක් මේ වගේ වැඩක් කරලා අහුවුණාට පස්සේ ජාමේ බේරගන්න මේ විදිහේ විවිධ සෙල්ලම් කරනවා නම් ඒක ඊටත් වඩා බරපතළයි. ඒක ගමේ මිනිස්සු දැනගනී. දිස්ත්‍රික්කයේ මිනිස්සු දැනගනී. ඊළඟ ඡන්දෙදි උත්තරේ හම්බවෙයි. ඒ නිසා ඒක එක පැත්තකින් විසඳෙන ක්‍රමයක් ඒක.

අනිත් පැත්තෙන් ඔහු වැරදි නම් ඔහුට දඬුවම් නොකර ඉඳීම සම්බන්ධයෙන් බරපතළ චෝදනාවක් මේ වෙලාවේ බලයේ ඉන්න කණ්ඩායම් විදිහට සාමාන්‍යයෙන් මෙතෙක් කල් බලයේ හිටපු අයට වඩා වෙනස් කණ්ඩායමක් විදිහට මේ මාලිමාවේ කණ්ඩායමට විඳින්න සිද්ධ වෙනවා. තමන්ගේ සුපිරිසිදු බවට විවිධ අවස්ථාවලදී දැන් එකින් එක ගල් පෙරළෙමින් එන බව ඔවුන් දන්නවා. ඔවුන්ට විවිධ චෝදනා එල්ල වෙනවා තැනින් තැනදී. එහෙම චෝදනා එල්ල වෙමින් තියෙන කොට තවත් චෝදනාවක් බදා වැළඳගෙන ඒ චෝදනාව කරපු මනුස්සයාව ගිලටීනයට අරගෙන යන තැනට මාලිමාව පත්වෙනවා නම් ඒක රටේ අවාසනාව කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ.

නමුත් අපි දන්නේ නෑ මේකෙන් හරි කෝකද වැරදි කෝකද කියලා. අපිට පෙනෙන අපිට ඇහෙන අපිට දකින දේවල් තමයි මේ මොහොතේ කියන්න තියෙන්නේ. හැබැයි අපි දැක්කා රන්වලගේ සිද්ධිය. දැන් රන්වලගේ සිද්ධියේදී පොලිසිය ක්‍රියා කළාට වඩා ඉතාම විශිෂ්ට විදිහට පොලිසිය මේ වෙලාවේ තමන්ගේ එකා වෙනුවෙනුත් කරලා තියෙනවා. මොකද රන්වල බීමතින් හිටියද කියලා බලන්න වරුවක් යනවා. රන්වලගේ මත්පැන් හොයන්න දවසක් ගතවෙනවා. පොලිසිය කියනවා බැලුන් තිබුණේ නෑ අරවා තිබුණේ නෑ බලන්න අවශ්‍ය උපකරණ තිබුණේ නෑ වගේ ඉතාම අවිහිංසක කරුණාබර සුරතල් කතා. නමුත් මේ වෙලාවේ පොලිසිය එහෙම කරන්නේ නෑ. පොලිසිය තමන්ගේ එකාගේ පරීක්ෂණ ටික හරියට කරනවා. නිවැරදිව කරනවා. ඒ නිසා අපිට පැහැදිලියි මේ මොහොත සංක්‍රාන්තික මොහොතක්. මේ තමයි දේශපාලනයේ හැරවුමක් තීරණය වන මොහොත. දේශපාලකයෙක් මත්ද්‍රව්‍ය චෝදනාවකට අහුවුණා නම් ඔහු ගැන ආයෙත් කතාකරන්න දෙයක් නෑ. ඔහුව සුද්ද කරනවා නම් ඔහුගේ පිලේ ගැන ආයෙත් කතාකරන්න දෙයක් නෑ. ඔහු දේශපාලකයෙක් විදිහට පොලිස් නිලධාරියෙක්ගෙන් ගුටිකෑවා නම් ඒකත් බරපතළ ප්‍රශ්නයක්.

පොලිස් නිලධාරියෙක්ගෙන් ගුටි කන තැනට දේශපාලකයෙක්ව පත්කරනවා නම් ඒක භයානකයි. මොකද දේශපාලකයෙක්ට ආරක්ෂාව ඕනේ. ආරක්ෂාව නැති කරලා ඔහුගේ ආරක්ෂාව අයින් කරලා දාලා ඔහුට ආරක්ෂාව අවශ්‍ය නෑ කියලා ඔහුට නිල නිවාස අවශ්‍ය නෑ කියලා මේ රට හරි නිදහස් සුන්දර තැනක් කියලා දිගින් දිගටම තර්ක කරනවා අපි දැක්කා. අපිට මතකයි පහුගිය කාලේ සිරස ටීවී එකේ තිබ්බ එක වැඩසටහනකදී එහි හිටපු නිවේදකයෙක් සහ නිවේදිකාවක් මේ මොහොතේ ප්‍රසිද්ධ දේශපාලකයෙක් එක්ක දිගින් දිගටම තර්ක කරනවා ‘මොකටද ඔයාට පිස්තෝලයක්? මේ රට හරිම නිදහස් රටක්. මේ රට හරිම සුන්දරයි. මේ රටේ කිසි කෙනෙකුට කරදරයක් නෑ. බයවෙන්න දෙයක් නෑ. ආරක්ෂාව තියෙනවා ඕනෑ තරම්’ කියලා. මාලිමාව අරගෙන ගිය ප්‍රතිපත්තිය මේ රටේ මිනිස්සුන්ට ආරක්ෂාව තියෙනවා, කිසි ගැටලුවක් නෑ කියලා. දැන් ගැටලුවක් නැත්නම් කොහොමද මෙහෙම වෙන්නේ? ඉතින් මේවා සාකච්ඡා කළ යුතු මාතෘකාවන්. අපි බලාගෙන ඉමු. පොලිස් නිලධාරියාගේ වැඩ තහනමට ලක්වෙලා. අපි දැක්කා හරිම සංවේදී කතාවක් ඔහුගේ බිරිඳ කියනවා. අද මගේ පුතාගේ උපන්දිනය. එයා මේ කිසි දෙයක් දන්නේ නෑ. තාත්තා හිරවෙලා, තාත්තා අසරණ වෙලා ඉන්න මොහොතක. අපි දන්නවා පුංචි පුතෙක්ගේ උපන්දිනේකදී තාත්තලා අම්මලා කොච්චර ලස්සනට ඒවා සරසලා කරනවද අහිංසක මිනිස්සු. සාමාන්‍ය මිනිස්සු. ලොකු දේශපාලකයෝ වගේ බලය ධනය නැති මිනිස්සු. මේ තර්ජනය ලොකු දේශපාලකයන්ට පොඩි මිනිස්සුන්ව ඕනෙ විදිහකට හිර කරන්න පුළුවන් විදිහේ තර්ජනයක්ද කියලා අපිට වෙලාවකට හිතෙනවා. අපි දන්නේ නෑ මේකේ ඇත්ත නැත්ත.

තනි පොලිස් නිලධාරියෙකුට ලොකු දේශපාලකයෙකුට මෙහෙම චෝදනාවක් කරලා ඔහුත් එක්ක පැටලෙන්න තරම් වුවමනාවක් තිබුණාද කියලත් අපිට සැක සහිතයි. ඇත්තටම මෙහෙම තිබුණේ නෑ කියලා තමයි අපිට නම් හිතෙන්නේ. කොහොම වුණත් අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා. තව අවුරුදු ගානක් තියෙනවා. තව කාලයක් යද්දී බොහෝ දේවල් එළිවෙයි. නමුත් එහෙම වුණා නම් අපි කියන්නේ මේ පොලිස් නිලධාරියාව හිර කරලා අසරණ කරලා වැඩ තහනම් කරලා ඔහුව නැති කරලා දාන්න හිතෙනවා නම් ඒකට අපි පියවරක් ගතයුතුයි අනාගතයේදී ඉක්මනින්ම.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජාත්‍යන්තරය පිළිගන්න විගණකාධිපතිවරයෙක් පත් නොකර ආධාර සමුළු කැඳවලා වැඩක් නෑ! ඉස්සෙල්ලාම හැමෝම පිළිගන්න විගණකාධිපතිවරයෙක් පත්කරන්න! වමද දකුණද කියලා ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ලෝකෙට කියන්න! ජාත්‍යන්තරයට දැන් මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මොකද්ද කියලා විශ්වාස නෑ! මොනවා කළත් වැඩක් නෑ රාජ්‍ය නායකයන්ට ටෙලිෆෝන් එකෙන් කතාකරන්න පුළුවන් නායකයන් නැත්නම්..! VIDEO I Sri Lanka Latest News

Next Post

මම ටැක්සිකාරයා… මම ඇල්ලෙ හාදයා… ඉල්ලගෙන කන්න හරිම සූරයා…! Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News
Exclusive

සිසුන් වෙනුවෙන් මෝදිගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ කළ විපක්ෂනායක රාහුල් ගාන්ධි පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.