සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර අදට වසර 15කි.Sri Lanka Latest News
මේ පළවෙන්නේ එවකට විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්තගේ අවමගුලට සහභාගී වීමට බොරුල්ල කනත්තට පැමිණ ඔහුගේ මිනීවළට පස් දමන ඡායාරූපයකි.
එවකදී වික්‍රමසිංහ මහතා දැඩිව කියා සිටියේ ලසන්තගේ ඝාතකයන්ට දඩුවම් ලබා දීමට පියවර ගන්නා බවකි.
අද රටේ ජනාධිපතිවරයාව සිටින්නේ ද රනිල් වික්‍රමසිංහ මහතාය.
නමුත් තවමත් ලසන්තගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබදව කිසිදු ප්‍රගතියක් දැකගන්නට නැත.
ඒ පිළිබදව සොයා බැලීමට කමිටුවක් හෝ පත් කරන පාටක් පෙනෙන්නට නැත.
එසේවුවත් ජනාධිපතිවරයා මීට වසර 108කට පෙර මරාදැමුණු හෙන්රි පේද්‍රිස්ගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට පියවර ගෙන තිබීම විශේෂය.