මෙම වසරේ ජූලි මස 1 වැනිදාට බස් ගාස්තු සංශෝධනයක් කිරීමට නියමිතව තිබුණ ද වර්තමාන බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (29) පැවසීය. Sri Lanka Latest News
වසර මැද නිල බස් ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව සියයට 7 කින් වැඩි කළ යුතු වුවද ‘කොවිඩ්’ සමයේ ඉහළ දැමූ සියයට 10 ක බස් ගාස්තුවට එම වැඩිවිය යුතු ප්‍රමාණය හිළව් කළ බව එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
ඒ අනුව රුපියල් 30 ක අවම බස් ගාස්තුව සහ සෙසු සියලුම බස් ගාස්තු දැනට පවතින මුදලේම තව දුරටත් පවතී.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක් හෙට (30) පෙරවරුවේ පවත්වා නිල වශයෙන් ජනතාව දැනුවත් කරන බව ජාතික ගමනා ගමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් තිලාන් මිරැන්ඩා මහතා කීය.










