ඉඩම් කළමනාකරණ ආයතනයන්හි අණ පනත්වල ප්‍රතිපාදන සංශෝධනය කිරීම හා නව රෙගුලාසි ඇතුළත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙහිදී කාලීන සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස හා එම කාර්යය කඩිනම් කර ගැනීම සඳහා සුදුසු කමිටුවක් පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින් වෙත දැනුම් දුන්නේය.
මෙම සාකච්ඡාව සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා සහ ඉඩම් අමාත්‍යාංශය ඇතුළු අදාළ ආයතනවල නිලධාරීන් සහභාගී විය.










