එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට සහයෝගයෙන් වැඩ කිරීමට අද සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී සහ පසුගිය දා කළමනාකරණ මණ්ඩලය රැස්වූ අවස්ථාවේ දී අනුමැතිය හිමි වූ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පා.ම. රංජිත් මද්දු බණ්ඩාර මහතා පැවසීය. Sri Lanka Latest News
පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ මෙවැනි තීන්දුවක් නොගත්තත් කෘත්‍යාධිකාරී මණ්ඩලය පළමු වතාවට ඓතිහාසික තීන්දුවක් ගත් බවත් තවමත් විපක්ෂ නායකවරයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බවත් නායකත්වය සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත් ගමේ ජනතාව මේ ජනතාව මේ ගමනට ආශිර්වාද කරන බවත් ඒ මහතා පැවසීය.










