සජබය කිසිදු අවස්ථාවක හොරු රැකීමට කටයුතු නොකරන බවත්, එදා කළ චෝදනා සියල්ල අදටත් වලංගු බවත් එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් චෝදනා සහිත රනිල් වික්‍රමසිංහ මහතා වැන්නවුන් සමග සජබය එකතුවීමට යනවාද යනුවෙන් කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු වශයෙන් මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් මරික්කාර් මහතා සදහන් කළේ ආණ්ඩුව පැය 24න් ගේනවා යැයි කී මහබැංකු වංචාවේ මහමොළකරු වූ අර්ජුන් මහේන්ද්‍රන් වහාම ලංකාවට රැගෙන එන ලෙසත්, ඊට සජබය දෑතම ඔසවා එකගතාව පළ කරන බවත්ය.










